Featured News

Video Gossip

Advertisement

අම්මා එක්ක එකක් කරලා තියෙනවා
තාත්තා එක්ක සින්දුවක් කරනවාද කියන එක
තාත්තගෙන් තමයි අහන්න ඕන


ඟපාන්න ලැබීම විශ්ව විද්‍යාලෙකට ගියා වගෙයි
- කාවින්ධ්‍යා අධිකාරී


සංගීතය ඇයට දෙමව්පියන්ගෙන් ලැබුණු දායාදයක්. කාවින්ධ්‍යාට රංගනයට ඇති හැකියාව කොහොමද කියලා බලන්නත් අවස්ථාවක් උදාවෙලා තියෙනවා. ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ ඝරසර්ප චිත්‍රපටයෙන් තමයි ඇගේ රංගනය අපට බලන්න හැකියාව ලැබෙන්නේ. ඒ ගැන තොරතුරු අහන්න අපි කාවින්ධ්‍යාව එකතු කරගත්තා.

මේ දවස්වල කාර්යබහුලයි කියන්නෙ ඇත්තද?
ලොකු කාර්යබහුලත්වයක් නැහැ. මම මුලින්ම රංගනයෙන් දායක වුණු චිත්‍රපටය ළඟදීම තිරගත වේවි.


ඔබේ පළමු චිත්‍රපටයෙන් මොන වගේ අත්දැකීමක්ද ලැබුණේ?

ජයන්ත අංකල් තමයි මට ඝරසර්ප චිත්‍රපටයට කතා කළේ. ඔහු පුද්ගලිකවම කතා කරලා රඟපාන්න එන්න කීවහම ඒක ඇත්තටම ලොකු දෙයක්. ලොකු භාග්‍යයක් ඒක. මේ චිත්‍රපටය වෙනස්. මම රංගනයට අලුත් කෙනෙක්. ඒ නිසා ජයන්ත අංකල් වැඩමුළු තියලා මාව සූදානම් කළා. ඒ වැඩමුළුවලට සහභාගි වෙලා ලබාගත්ත දැනුම ගොඩක් වටිනවා. ඇත්තටම හරිම ෂෝක්. හොඳට කරලා ඇති කියලා හිතනවා.


කැමරාව ඉදිරිපිට මුල්ම රංගනය ඉදිරිපත් කරද්දි මොකද හිතුණේ?

බයක් ආවා. නමුත් ගොඩක් අය මට කීවා ජයන්ත චන්ද්‍රසිරි අංකල් එක්ක වැඩ කරනවා කියන්නේ විශ්වවිද්‍යාලයකට ගියා වගේ කියලා. ඒක ඇත්තක්. මම ඒ දේ පුද්ගලිකවම අත්වින්දා. ඔහු හැම දෙයක්ම මට කියලා දුන්නා. එයා කියපු දේවල් එක්ක මම ටිකක් හරි හරියට කළා කියලා හිතනවා.


ප්‍රවීණයන්ගෙන් ලැබුණේ මොන වගේ සහායක්ද?

ලොකු සහයෝගයක් ලැබුණා. ඒ වගේ ප්‍රවීණයෝ ගොඩක් එක්ක වැඩ කරන්න ලැබිම ඇත්තටම මට ලැබුණු ලොකු භාග්‍යයක්. කුසුම් රේණු, කමල් අද්දරආරච්චි, සංගීතා වීරරත්න, ජැක්සන් ඇන්තනි, වසන්ත විට්ටච්චි, ශ්‍රියන්ත මෙන්ඩිස් වගේ ප්‍රවීණයෝ එක්කයි මට රඟපාන්න ලැබුණේ.


නිර්මාණවලට ආරාධනා ලැබෙනවා කියන්නෙ ඇත්තද?

ටෙලි නාට්‍යවලට නම් ආරාධනා ලැබෙනවා. රංගනයට ලොකු ඇල්මක් නැති නිසා මම භාරගන්නෙ නැහැ. නමුත් ජයන්ත අංකල්ට බෑ කියන්න බැරිවුණා.


දිගටම රංගනයට දායක වෙන්න බලා‍පොරොත්තු වෙනවාද?

එහෙම නම් දැනට අදහසක් නැහැ.


රංගන වැඩ කටයුතු නිසා ගායනය මගහැරුණාද?

මම කැමති ගායනයට. ළඟදි සින්දුවක් කරලා තියෙනවා.


රූගත කිරීම් අතරතුර අමතක නොවන සිදුවීම් ඇති?

මට එක දර්ශනයක් කරගන්න බැරිවුණ නිසා මට ඇඬුණා. ජයන්ත අංකල් වගේම හැමෝම මගේ හිත හැදුවා. ‍පොඩි ‍පොඩි දේවල් තියෙනවා. ඒවා කියන්න බැහැ. අම්මා තමයි මේ චිත්‍රපටයේ තේමා ගීතය ගයන්නේ. ඒ දේ මට අමතක වෙන්නේ නැහැ.


රූගත කිරීම් බලන්න අම්මත් ආවද?

අම්මා ඇඬුවා කොහොමද බලන්නෙ කියලා.


අම්මයි, තාත්තයි එක්ක සින්දුවක් කරන්න ආසාවක් නැද්ද?

අම්මා එක්ක එකක් කරලා තියෙනවා. ලොකුවට ‍නෙවෙයි. තාත්තා එක්ක සින්දුවක් කරනවාද කියන එක තාත්තගෙන් තමයි අහන්න ඕන.

තිළිණි කරුණාරත්න

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements