Advertisement

උතුරු නැගෙනහිර පළාත්වල ක්‍රීයාත්මක සංවර්ධන වැඩපිළිවෙල විධිමත් සහ කඩිනම් කිරීමට මෙන්ම තවදුරටත් ක්‍රීයාත්මක කළයුතු නව ව්‍යාපෘති සම්බන්ධයෙන් සැලසුම් කිරීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පත් කළ විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකාය අද (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පළමු වරට රැස් විය. 

අමාත්‍යවරුන් වන රවුෆ් හකීම්, රාජිත සේනාරත්න, සජිත් ප්‍රේමදාස, ගයන්ත කරුණාතිලක, දුමින්ද දිසානායක, කබීර් හෂීම්, රිෂාඩ් බදුර්දීන්, ඩී.එම්. ස්වාමිනාදන්, නියෝජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් යන මහත්වරුන් ඇතුථ මැති ඇමතිවරුන් ද උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම යන මහත්වරුන් ඇතුථ පළාත් ප්‍රධාන ලේකම්වරුන් ද, උතුරු නැගෙනහිර පළාත් සංවර්ධන ජනාධිපති කාර්ය සාධන බලකායේ ලේකම් වී. සිවඥානසෝති මහතා ද, ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම් ඇතුථ අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුථ රාජ්‍ය නිලධාරින් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් මීට එක්ව සිටියහ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements