Featured News

Video Gossip

Advertisement

අටළොස් විය සපුරන
ෂාරුක්ගේ කුමාරිකාව

බොලිවුඩයේ රජු විදියට කවුරුත් දන්නා ෂාරුක් ඛාන්ගේ බොලිවුඩයේ ජීවිතය ගැන වගේම පුද්ගලික ජීවිතය ගැනත් බොහෝදෙනා උනන්දුයි. ෂාරුක් තමන්ගෙ පවුලෙ විශේෂ ආරංචි තමන්ගේ රසික රසිකාවියන් එක්ක බෙදා ගන්නෙ බොහෝදෙනා ඒ විදියට උනන්දු වෙන නිසා වෙන්නත් පුළුවන්. ළ`ගකදිම මේ විදියට කවුරුත් හරි උනන්දුවෙන් තොරතුරු හොයපු ආරංචිය වුණේ ෂාරුක්ගෙ එකම දුවගෙ 18 වෙනි උපන්දිනය.

සුහානා ඛාන්ට අවුරුදු 18 පිරුණේ ගිය මාසෙ 22 වෙනිදා. සුහානාගේ උපන්දිනය වෙනුවෙන් සුහානාගේ අම්මා ගෞරී ඛාන් සාදයක් සූදානම් කරපු ආරංචිය ඉන්ස්ටර්ග‍්‍රෑම් නිසා බොහෝදෙනෙක් දැනගත්තත්, කාගෙත් වැඩි අවධානය නම් තිබුණෙ තමන්ගෙ දුව ගැන ෂාරුක් කියපු දේවල් වලට. ෂාරුක් හැමදාම සුහානා ගැන කතාකරද්දි කියන විදියට ඒ තමයි ෂාරුක්ගෙ ‘කුමාරිකාව‘. සුහානා ෂාරුක්ට ඒ තරම් වටින්නෙ එකම දුව නිසා වෙන්න පුළුවන් නැත්නම් ඒක තාත්තලා වැඩිපුර ආදරේ දුවලටලූනෙ! කියන ප‍්‍රසිද්ධ කතාව ඇත්තක් වුණු තවත් වෙලාවක් වෙන්නත් බැරි නැහැ. මේ කාලෙ සුහානා ඉන්නෙ එංගලන්තෙ. ඇය එංගලන්තෙට ගිහින් තියෙන්නෙ ඉගෙන ගන්න. ඒ ගැන ෂාරුක් කියලා තිබුණෙ මෙහෙම. ”අපේ පවුලෙ පොඩි නීතියක් තියෙනවා. හැම කෙනාම අඩුම තරමේ එක උපාධියක්වත් සම්පූර්ණ කරන්න ඕන. ඊට පස්සෙ තමයි ර`ගපෑමට එන්න පුළුවන්. ඒ කියන්නෙ සුහානට තව අවුරුදු හතරක් පහක් විතර තියෙනව ර`ගපෑම පටන් ගන්න. එයාට මුලින් උපාධිය කරල එන්න වෙනවනෙ.

තමන්ගෙ කුමාරිකාව ගැන බලාපොරොත්තු තියාගෙන එන කොල්ලන්ටත් ෂාරුක් අනතුරු ඇ`ගවීමකුත් කරලා තියෙනවා. ”මුලින් හො`ද රස්සාවක් හොයාගන්න. තේරුම් ගන්න, එහෙම නොවන කෙනෙකුට මම කැමැති නැති බව. මම හැමතැනම ඉන්න කෙනෙක්. කවුරුහරි එයාට වරදක් කළොත් ඒ කෙනාටත් මම ඒ දේම කරනවා. මොකද ඒ මගේ කුමාරිකාව. මගේ කුමාරිකාව වෙනුවෙන් හිරේට වුණත් යන්න මම බය නැහැ.” ඒ වචන ටික චිත‍්‍රපට වීරයකුගේ නොව සුහානාගේ තාත්තාගේ ය.

”මම දන්නව එයාගෙ අම්මා පවුලෙ අය එයා වෙනුවෙන් ලොකු සාදයක් ලෑස්ති කරලා තියෙන බව. ඇත්ත වැඩිහිටි ලෝකයට අපි එයාව බොහොම ආදරයෙන් පිළිගන්න ඕන. ඒ වගේම පහුගිය අවුරුදු 18 ගෙවුණු විදියත් එයාට මතක් කරල දෙන්න ඕන. ඒ නිසා පුංචි කාලෙ පින්තූරවලින් එයාට පරණ දේවල් මතක් කරල දෙන්න අපි ලෑස්ති කළා. එයා වෙනස් වුණු හැටි එයාටම බලාගන්න.” උපන්දින සාදය ගැනත් ෂාරුක් ඒ විදියට කතා කරලා තිබුණා.

කොහොම වුණත් ෂාරුක්ගේ ජීවිතයේ සුහානාට තියෙන තැන ගැන වරින් වර ඔහු තමන්ගෙ ඉන්ස්ටග‍්‍රෑම් ගිණුමේ පළ කරපු අදහස්වලිනුත් තේරුම් ගන්න පුළුවන්. අයි. පී.එල්. තරගයක් නරඹන අතරතුර ෂාරුක් සුහානා එක්ක ඉන්න පින්තූරයක් ෂාරුක් තමන්ගේ ඉන්ස්ටර්ග‍්‍රෑම් ගිණුමෙ පළ කරලා තිබුණේ.

”මට ආශ්චර්යයක් බලන්න ඕන කියල හිතෙන හැම වෙලාවකම මම කරන්නෙ මගෙ දුවගෙ ඇස් දෙක දිහා බලන එක. එහෙම බැලූවම මට තේරෙනවා මම පුදුම කරවන දෙයක් ඒ මොහොතේ මට තියෙනවා කියලා” ඒ ෂාරුක්ට සුහානා ගැන දැනෙන හැටිය. බොහෝදෙනා කියනා ලෙසට ෂාරුක්ගේ ආඩම්බරයද මේ කුමාරිකාවමය.

නෙලූෂා සිල්වා




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements