Featured News

Video Gossip

Advertisement

ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කරන්න එපා යැයි  
New York Times මහින්දට කියයි

ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය පිළිබඳව පළකළ නිවැරදි ලිපිය ලියූ සිය ජනමාධ්‍යවේදීන් දෙදෙනාට තර්ජනය කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කටයුතු කරන බව නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ ජාත්‍යන්තර කර්තෘ මයිකල් ස්ලැක්මන් මහතා පවසයි.

ඔහු අද (03දා) නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එම ලිපිය සම්බන්ධයෙන් යම් ගැටලුවක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට පවතින්නේ නම් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කිරීමකින් තොරව සිය පුවත්පතේ ජ්‍යෙෂ්ඨ කර්තෘන් සමබන්ධ කර ගන්නා ලෙසට උනන්දු කරන බවයි.

මෙම ලිපිය නිව්යෝක් ටයිම්ස් පුවත්පත ජුනි 26 දා පළ කළ අතර එහිදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පසුගිය ජනපතිවරණ සටන වෙනුවෙන් චීනයෙන් ඩොලර් මිලියන 7.6ක් ලබාගෙන ඇති බවට සඳහන් කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා ටසම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් එම ලිපිය ලියූ මාධ්‍යවේදිනියන් දෙදෙනා විවේචනය කළ බවත් කර්තෘවරයා සඳහන් කරයි.

ජනමාධ්‍යවේදීන්ට මේ ආකාරයෙන් තර්ජනය කිරීම නුසුදුසු බවත් මෙය ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස පිළිබඳව මෙන්ම ජනතාවට වැදගත් වටිනාකමින් යුත් කරුණු ඉදිරිපත් කිරීමට ඇති අවස්ථාව අහිමි කිරීමක් බවත් ජාත්‍යන්තර කතුවරයා සඳහන් කරයි.

එසේම ශ්‍රී ලංකාවේ බලධාරින් තමන්ගේ මෙන්ම වෙනත් ඕනෑම ප්‍රවෘත්ති ආයතනයක කටයුතු කරන ජනමාධ්‍යෙව්දීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කළ යුතු යැයිද ඔහු වැඩිදුරටත් පවසයි.

Sri Lankan Lawmakers Target Reporters in Times Investigation

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements