Featured News

Video Gossip

Advertisement

නැති බැරිකම නිසා ගාමන්ටි රස්සාවකට ගිහින්
රංගනය හදාරන මියුසික් වීඩියෝ ගණනාවක රගපු
ගිහාන් කියන කතාව


රංගනය කියන්නේ සුවිශේෂී කලාවක්.මෑතකදී රංගන ක්ෂේත්‍රයට පිවිසුණු යෞවනයෙක් එක්කයි අද අපේ chat එක.ඔහු නමින් ගිහාන් සම්පත්...

ඉතිං ගිහාන් කොහොම ජීවිතය...
හොඳයි වරදක් කියන්න නෑ හොඳින් වැඩකටයුතු කරන් ඉදිරියට යනවා .

ගිහාන්ගේ ගම්පළාත පවුලේ විස්තර මතක් කලොත්.......
මගේ උපන් ගම වන්නේ බදුල්ල ඒත් මම රංගනයට මුල් අඩිතාලම තබන්නේ මිනුවන්ගොඩින්.දැන් පදිංචිව සිටින්නේ මිනුවන්ගොඩ.මගේ පවුලේ අම්මා තාත්තා නංගිලා දෙන්නයි මගේ වයිෆ් මගේ පුතා මේ අය එක්ක ජීවිතය ගොඩක් සතුටින් කාලය ගත කරනවා.

අපි හැමෝටම මූලික පන්නරය ලැබෙන්නේ අපේ පාසලෙන්.ඉතිං ගිහාන්ගේ පාසල ගැනත් කියමු.......
මං ඉගෙන ගත්ත පාසල වන්නේ දෙවොලපොල ආනන්ද මහා විද්දයාලය.ඇත්තටම පාසල් කාලයේදී මම ගොඩක් රංගනය පැත්තට දස්කම් පෙන්නුවා.කවදහරි දවසක ටීවී එකේ රඟපානවා කියලා සිතා ගත්ත මම අද වෙද්දි ඒ හීනෙ අදියරක් ඉදිරියට ඇවිත් සිටිනවා
පාසල් කාලේ මගේ හැකියාව තේරුම් ගත්ත නිසා අද මම සතුටු වෙනවා මං ගැනම.

අද වෙනකොට ගිහාන් ප්‍රේක්ෂකයන්ගෙ හදවත් වල ඉන්නේ රංගන ශිල්පියෙක් විදියට.ඉතිං රංගනය්ව්න් සම්බන්ධ වුණු නිර්මාණ මොනවාද?........
ඇත්තටම කවුරු කතාබහට ලක්වුනු තවත් වීඩියෝවක් තමයි මන් රංගනයෙන් දායක වුණා නලින් අයියා ගේ අවුලක් නෑනෙ මියුසික් වීඩියෝ එක,ඊට අමතරව "උමතු හේනේ" නදීෂා අක්කගෙ,ප්‍රදීප්ගේ " මුළු ජීවිතේ පුරා." ඊට අමතරව tele drama වලට ආරාධනා ලැබිලා තියෙනවා.ලංකාවේ පෙරළියක් කරන music වීඩියෝවක ආරාධනාවක් ලැබිලා තියෙනවා ප්‍රධාන චරිතය වෙනුවෙන් වෙනුවෙන්.



මේ දක්වා වූ ගමනට ගිහාන්ට අතහිත දුන් බොහෝ පිරිසක් ඇති.ඉතිං ඒ ගැනත් මතක් කරමුද?......
ඔව් ඇත්තටම විශේෂයෙන් මතක් කළ යුතුයි රොෂාන් වඩුගේ . දනුෂ්ක සම්පත්. ඔවුන් දෙදෙනා තමයි මට මේ තත්ත්වයට එන්න ගොඩාක් කැපකිරීම් කරලා මට උදව් කළේ ඇත්තටම මං ඒ දෙන්නට මේ වේලාව ගොඩාක් මගේ ස්තුතිය පුද කරනවා. සුරංග සෙනවිරත්න. මේධා ජයරත්න.මේ දෙදෙනාටත් මගේ යාලුවෝ හැමෝටම ස්තුතිය පුද කරනවා.

රංගනය කියන්නේ සුවිශේෂී කලාවක්.ඒ ගමන තුල ගිහාන්ට අමතක නොවෙන සිදුවීමුත් මහ ගොඩක් ඇති.මතක්කරමු ඒ ගැනත්...
ඇත්තටම අමතක නොවන සිදුවීම් ගොඩායි දවසක් ෂූටින් අතරතුර ලංකාවේ ජනප්‍රියම නිළියක් මට කරපු විහිළුවක් ඇත්තටම මන් ඒ කතාව live program එකකදි අනිවාර්යෙන් මතක් කරනවා.

ආදරේ ගැනත් කතා කරමු අපි එහෙනම්.ගිහාන් ආදරේ ගැන කොහොමද හිතන්නේ.......
ගොඩක් සුන්දරයි කියලා හිතෙනවා මට ලැබිලා තියෙන ආදරය.

ඒ ආදරේ ගිහාන්ට නොඅඩුව ලබාදෙමින් ලොකු ශක්තියක් වෙන්නේ ගිහාන්ගේ බිරිද කියලා ආරංචියි.ඉතිං ගිහාන්ට තමන්ගේ සහකාරිය ලැබුණු විදියත් මතක් කරමු.......
ඇත්තටම පාසලෙන් අවුට් වීමත් සමගම ගාමන්ට් රස්සාවකට ගියා එහිදී තමා girl ව මට හමුවුනේ ඇත්තටම පොඩි කට්ටක් නොකෑව නොවේ යාළු කරගන්න.

අවසාන වශයෙන් කියමු එහෙනම් ගිගාන් මේ දවස්වල මොකද කරන්නේ.......
මේ දවස්වල රංගනයට ගොඩක් මුල්තැන දෙනවා ඊට අමතරව සුරංග සෙනෙවිරත්න "අපේ tv" ඇකඩමිය යටතේ රංගනය හදාරමින් සිටිනවා.

ඉතිං එහෙනම් ගිහාන්ගේ සියලු අනාගත බලාපොරොත්තු සාර්ථක වෙන්න කියලා gossip 99 අපිත් සුභපතනවා.











gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements