Advertisement

මීට වසර දහස් ගණනකට පෙර ලොව දියුණු රටවල් සමඟ වෙළෙඳාමේ නියැළී ශ්‍රී ලාංකිකයින්ගේ උරුමය සහ වසර 2025 පොහොසත් රටක් බිහිකරන V 2025 දැක්ම ජයගන්නා වැඩපිළිවෙළ ලොවට කියාපාන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා මහා ප්‍රදර්ශනය මේ මස 29 – 30 හා 31 මොනරාගලදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ. ප්‍රදර්ශනය 29, 30, 31 යන තෙදින පුරාම පැවැත්වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් යහපාලන ආණ්ඩුවට අගෝස්තු 17 දිනට වසර තුනක් සම්පූර්ණ වුණා. එම කාලය තුළ රටේ සිදුකළ සංවර්ධන ක්‍රියාදාමයත්, වසර 2025 පොහොසත් රටක් බිහි කිරීමේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ V 2025 දැක්ම ජය ගන්නා අයුරුත් මේ ප්‍රදර්ශනයෙන් පිළිඹිබු කෙරෙන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා කීය.


විදේශිකයන්ට එරෙහිව ඓතිහාසික කැරැල්ලක් ඇරඹී ඌව වෙල්ලස්සේ සටන්කාමී ජනතාවට උපහාරයක් ලෙස දැවැන්ත සංවර්ධනයක් මේ ප්‍රදේශයේ ඇති කිරීමටත් ආණ්ඩුව කටයුතු කරනවා.

ප්‍රදර්ශන කලාප 12කින් යුතුව පැවැත්වෙන මේ ප්‍රදර්ශනයට සමගාමීව මොනරාගල දිස්ත්‍රික්කයේ සෑම ගමක්ම දියුණු කැරෙන ගම්පෙරළිය යටිතල පහසුකම් සංවර්ධන සංග්‍රාමය ද ආරම්භකොට ඇතැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා කීය. කොළඹ කොටුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (20) සවස පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් මංගල සමරවීර මහතා මේ බව කීය.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන රංජිත් මද්දුමබණ්ඩාර, ගාමිණී විජිත් විජයමුණි සොයිසා, රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න, නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහත්වරු ප්‍රධාන නිලධාරීහු කිහිපදෙනකු එක්ව සිටියහ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements