පුරප්පාඩු වී ඇති ජනාධිපති කාර්ය මණ්‌ඩල ප්‍රධානි තනතුර සඳහා පත්කිරීමට රාජ්‍ය ආයතන තුනක ඉහළ නිලයන් හොබවන තිදෙනකු කෙරෙහි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ. භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ, මධ්‍යම පරිසර අධිකාරියේ සහ මහවැලි අධිකාරියේ ඉහළ නිලයන් හොබවන මේ තිදෙනාගෙන් එක් අයකු ජනාධිපති කාර්ය මණ්‌ඩල ප්‍රධානි තනතුර සඳහා ළඟදීම පත් කෙරුණු ඇතැයිද වාර්තා වේ.
ජනාධිපති කාර්ය මණ්‌ඩල ප්‍රධානි ලෙස කටයුතු කළ අයි. එච්. කේ. මහානාම මහතා අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටී.
එම සිද්ධියට ඔහු වරදකරු වීමත් සමග ජනාධිපතිවරයා විසින් ඔහු සේවයෙන් නෙරපා හරිනු ලැබූ අතර ඒ අනුව මාස තුනක් තිස්‌සේ මෙම ධුරය පුරප්පාඩු වී තිබේ.

