Advertisement

නව දේශීය ආදායම් පනතට අදාළ සංශෝධන කිහිපයක් මේ මාසය තුළ පාර්ලිමේන්තුටවට ගෙනෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.



නව දේශීය ආදායම් පනත හරහා කලාකරුවන්ට හා කුඩා දරුවන්ගේ සිඟිති ගිණුම්වලට ඇතිවී තිබෙන අපහසුතාව ඒ හරහා නිවැරදි කරන බවත් අමාත්‍යවරයා ඊයේ (09දා) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

“අලුත් ආදායම් පනතේ සංශෝධන කිහිපයක් මේ මාසයේදී අප ගේනවා. විශේෂයෙන්ම කලාකරුවන්ට යම් අපහසුතාවක් වෙලා තිබෙනවා. කුඩා දරුවන්ගේ සිඟිති ගිණුම්වලට යම් අපහසුතාවක් වෙලා තියෙනවා ඒ සියල්ල නිවැරදි කරන සංශෝධනය අගෝස්තු මාසය ඇතුළේම පාර්ලිමේන්තුවට ඇතුළත් කරනවා” යැයි සමරවීර මහතා වැඩිදුරත් පවසා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements