ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති ශේරු ක්ලැසික් කායවර්ධන තරගාවලියේ දී රන් පදක්කමක් හිමිකරගත් අමිල මුණසිංහ මහතා ඊයේ (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හමු විය.
ලොව ප්‍රධාන පෙලේ IFBB කායවර්ධන ශුරතා තරගාවලියක් වූ ශේරු ක්ලැසික් 2018 තරගාවලිය පසුගිය ජූලි 20 වනදා සිට 22 වන දා දක්වා නවදිල්ලි නුවරදී පැවැත්විණි.
රටවල් 162 ක තරගකරුවන් අභිබවමින් 85 Kg බර පන්තියේ ලෝක ශුරතාව දිනාගැනීමට අමිල මුණසිංහ මහතා එහිදී සමත්විය.
අමිල මුණසිංහ මහතාගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා මාතෘ භූමියේ කීර්තිනාමය ජාත්‍යන්තරයේ ඔසවා තැබීමට කටයුතු කිරීම පිළිබදව තම ස්තූතිය පිරිනැමීය.
එමෙන්ම ඔහුගේ ඉදිරි ක්‍රීඩා කටයුතු වෙනුවෙන් ද සිය සුභාශීංසන පිළිගැන්වීය. නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

