Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results


ජනතාව නොමඟ යවන සුළු හේතු පාඨ දක්‌වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදු කරන ලද වැඩ වර්ජනයේ කිසිදු සාධාරණත්වයක්‌ නැතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා කියා සිටී. 
 
 ඇමැතිවරයා මෙසේද කීවේය. 
 
 මෙම වැඩ වර්ජනයට එක්‌ හේතුවක්‌ ලෙස ඔවුන් දක්‌වා ඇත්තේ වෛද්‍යවරුන් වෙත පනවා ඇති සියයට 12 ක්‌ව පැවැති දේශීය ආදායම් බද්ද සියයට 24 දක්‌වා වැඩිකර ඇති බවයි. නමුත් දේශීය ආදායම් බද්ද සියයට 24 දක්‌වා අයකර ගනු ලබන්නේ මාසිකව රුපියල් තුන්ලක්‌ෂ පනස්‌දහසකට වඩා ආදායමක්‌ ලබන වෛද්‍යවරුන්ගෙන් වන අතර මාසික ආදායම රුපියල් තුන්ලක්‌ෂ පනස්‌දහසකට අඩු ආදායම් සහිත වෛද්‍යවරුන්ගෙන් අයකර ගනු ලබන්නේ පෙර පැවැති සියයට 12 ක බද්ද පමණකි. සමස්‌ත වෛද්‍යවරුන්ගෙන්ම සියයට 24 ක ආදායම් බද්දක්‌ අයකරනු ලබන බව සාවද්‍ය ප්‍රකාශයකි.
 
 අනෙක්‌ හේතු ලෙස ඔවුන් දක්‌වන්නේ පෞද්ගලික රෝහල් සඳහා පනවා ඇති සියයට 15 ක වැට්‌ බද්ද හේතුවෙන් ජනතාව මත බදු බර පැටවෙන බවයි. නමුත් පසුගිය මාසයේ සිට පෞද්ගලික රෝහල් සඳහා පනවා ඇති වැට්‌ බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කළා. මෙසේ පෞද්ගලික රෝහල් සඳහා වූ වැට්‌ බද්ද ඉවත් කර ඇති බව සෞඛ්‍ය සේවාවේ ප්‍රමුඛ වෘත්තිය සමිතියක්‌ නොදැන සිටීම කනගාටුවට කරුණකි. පෞද්ගලික රෝහල් මත පනවා ඇති වැට්‌ බද්ද සම්පූර්ණයෙන්ම මෙම රජය විසින් ඉවත් කර ඇති නිසා කිසිදු ආකාරයකට රෝගීන්ගෙන් බදු අය නොකරන බව මතක්‌ කර දිය යුතුය. එම නිසා මෙම වැඩ වර්ජනය කිසිදු ආකාරයක ජනතාව ගැන සිතා කරන සාධාරණ වර්ජනයක්‌ නොවෙයි.
 
 ඉදිරියේ දී රජය සාමාන්‍ය ජනතාව මත බලපාන වක්‍ර බදු ඉවත් කිරීමටද තීරණය කර තිබෙනවා. මෙසේ සාමාන්‍ය ජනතාවට බලපාන වක්‍ර බදු ඉවත් කරන්නේ අධි ආදායම්ලාභීන් ගෙන් බදු අයකර ගෙන යෑයිද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් කීවේය.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook