Advertisement

ශ්‍රී ලංකාව වර්ෂ 2030 වන විට තිරසර දේශයක් බවට පත් කිරීම සඳහා මාර්ගෝපදේශ ලබා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබූ ජනාධිපති විශේෂඥ කමිටුව මගින් සකස් කරන ලද ජාතික තිරසර කතිකාව එළිදැක්වීම ඊයේ(06) බණ්ඩාරනයක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.


ආර්ථික සංවර්ධනය, පරිසර සංවර්ධනය හා සමාජ සංවර්ධනය ඔස්සේ තිරසර සංවර්ධනය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය උපාය මාර්ග රැසක් මෙම කතිකාවට ඇතුළත් කොට තිබේ. ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් රටක් වීමේ අභියෝගය හමුවේ නොවෙනස් තිරසර ප්‍රතිපත්ති සම්පාදන කිරීමේ දී නාගරීකකරණය, අධ්‍යාපනය, කෘෂිකර්මය, ප්‍රවාහනය, සෞඛ්‍ය ආදී සියලු අංශවල පවතින අභියෝග පිළිබඳ මෙම කතිකාව මගින් සාකච්ඡා කොට ඇති අතර, ඉදිරි මාස 03 ඇතුළත විද්වතුන්, කලාකරුවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෘත්තිකයින් හා සෙසු මහජනතාවගෙන්ද අදහස් හා යෝජනා ලබා ගෙන එය තවදුරටත් සංශෝධනය කිරීමට අපේක්ෂා කෙරේ.

මෙහි දී ශ්‍රී ලංකා නව නිපැයුම් කරුවන්ගේ කොමිසමේ තරුණ තරුණියන්ගේ නිර්මාණ නැරඹීමද ජනාධිපතිවරයා විසින් සිදුකරන ලදී.

තිරසර සංවර්ධන ජනාධිපති විශේෂඥ කමිටුවේ සභාපති මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා විසින් තිරසර දැක්ම පළමු කෙටුම්පත ජනාධිපතිවරයාට භාර දෙන ලදී.

තිරසර කතිකාව වෙබ් අඩවිය සහ ජංගම දුරකථන යෙදවුම එළිදැක්වීමද සිදු කෙරුනේද ජනාධිපතිවරයාගේ සුරතිනි.

පාසල් අටක ශිෂ්‍ය ශිෂ්‍යවන් වෙතද තිරසර කෙටුම්පත ජනාධිපතිවරයා විසින් පරිනමන ලදී.

මහා සංඝරත්නය, අන්‍යාගමික පුජකතුමන්ලා, විදෙස් තානාපතිවරු, හිටපු අගමැති දී.මු. ජයරත්න, තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, තිරසර සංවර්ධන කමිටුවේ ලේකම් හා ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න යන මහත්වරු ඇතුළු කමිටුවේ සමාජිකයින්, මැති ඇමැතිවරුන්, රජයේ උසස් නිලධාරීන්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වුහ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements