Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

කුමන්ත්‍රණ ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම්දීමට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක වෙතින් සිදුකර ඇති ඉල්ලීම ඒ මහතා ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට බැසිල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් ඊයේ (31) දුමින්ද දිසානායක අමාත්‍යවරයාගේ නිවසට ගොස් පැය තුනකට ආසන්න කාලයක් සාකච්ඡා කර ඇති අතර එහෙත් එම සාකච්ඡා අවසන්ව ඇත්තේ කිසිඳු ප්‍රතිඵලයක් නොමැතිවය.


ඊට හේතුවී ඇත්තේ දුමින්ද දිසානායක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ කිසිඳු ප්‍රශ්නයකට නිසි පිළිතුරු දීමට බැසිල් රාජපක්ෂ කටයුතු නොකිරීමය.

දුමින්දගේ ප්‍රශ්නයට බැසිල්ට උත්තර නැති වෙයි !

එහිදී දුමින්ද අමාත්‍යවරයා විමසා ඇත්තේ මෛත්‍රී පාර්ශවය නියෝජනය කළ ශ්‍රීලනිප සාමාජිකයන්ගේ දේශපාලන අනාගතය කුමක්ද යන්නය.

වාර්තා වන ආකාරයට පළාත් සභා හෝ ජාතික මැතිවරණයකට ඉදිරිපත්වීමේදී ඒ සඳහා තරග කරන්නේ ශ්‍රීලනිපය යටතේද? නිදහස් සන්ධානයෙන් හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්ද යන්න දුමින්ද අමාත්‍යවරයා විමසා ඇති නමුත් බැසිල් රාජපක්ෂ ඊට නිසි පිළිතුරක් ලබාදී නොමැත. ඒ වෙනුවට බැසිල් රාජපක්ෂ පවසා ඇත්තේ මේ මොහොතේ පවතින ප්‍රශ්නය විසඳගෙන ඉදිරිය ගැන හිතමු කියාය. එසේම දුමින්ද අමාත්‍යවරයාගේ සියළු වගකීම තමන් භාර ගන්නා බවද බැසිල් රාජපක්ෂ පවසා ඇත.

මම ගැන විතරක් හිතලා තීන්දුවක් ගන්න බෑ !

එහිදී දුමින්ද දිසානායක අමාත්‍යවරයා පවසා ඇත්තේ තමන්ගේ වගකීම කවුරුත් අලුතෙන් භාරගන්න දෙයක් නොමැති බවත්, තමන්ට දැනගන්නට අවශ්‍ය වන්නේ තමන් විශ්වාස කර මෙතෙක් පළාත් පාලන ආයතන වල සිට පළාත් සභා දක්වාත්, ආසන සංවිධායකවරුන් සහ බිම් මට්ටමේ පක්ෂ සාමාජිකයාගේ ඉරණම ගැන බවය. 

එහිදී බසී රාජපක්ෂ දිගින් දිගටම පවසා ඇත්තේ මේ මොහොතේ ප්‍රශ්නය විසඳගෙන ඊළඟ අදියර ගැන සිතමු කියාය. ජනාධිපතිවරයාද ඊට එකඟ වූ බවත් එබැවින් දුමින්ද අමාත්‍යවරයා ද ඊට එකඟවිය යුතු බවය. 

නමුත් දුමින්ද අමාත්‍යවරයා එය ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය හැර වෙනත් කිසිඳු පක්ෂයකින් ජන්දය ඉල්ලීමේ අදහසක් නොමැති බවය. එසේම තම පාක්ෂිකයන්ගේ ඉරණම නොදැන තමා ගැන පමණක් සිතා කටයුතු කිරීම තමන් ප්‍රතික්ෂේප කරන බවය. එබැවින් තමන්ගේ ප්‍රශ්නයට පිළිතුරක් නැතිනම් තීන්දු තීරණ ගන්නා තැනකට ගොස් ඒ ගැන දැනගෙන තමන්ව දැනුවත් කරන ලෙසත් එතෙක් කිසිඳු තනතුරක් ගැනීමට නොහැකි බවත් දුමින්ද අමාත්‍යවරයා පවසා ඇත.

දුමින්ද හැර තවත් 7ක් තනතුරු ප්‍රතික්ෂේප කරලා !

මේ අතර දුමින්ද අමාත්‍යවරයා හැර තවත් ශ්‍රීලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් 7 දෙනෙකු කුමන්ත්‍රණ ආණ්ඩුවේ තනතුරු ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි. ඔවුන් සඳහන් කර ඇත්තේ ඉදිරි දේශපාලන ගමන් මග පිළිබඳ පැහැදීමක් නොමැති බැවින් මේ අවස්ථාවේ ස්වාධීන ප්‍රතිපත්තියක සිට පක්ෂය ආරක්ෂා කරගත යුතු බවය.

එසේම මේ වන විට තමන් දරන ආසන සහ සංවිධායක තනතුරු පමණක් නොව පාක්ෂිකයන්ගේ දේශපාලන අනාගතය ගැනද සිතිය යුතුව ඇති බවත් යම් ආකාරයකින් ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හරහා තරග කිරීමට එම පක්ෂය තීන්දු කළහොත් තම පාර්ශවයට දරාගත නොහැකි බලපෑමක් ඇති බව බවද ඔවුන්ගේ තක්සේරුව වී තිබේ.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook