ගල්කිස්සේදී සිදුවූ දුම්රිය අනතුරකින් ශ්‍රී ලංකා 19 පහළ ක්‍රිකට් ජාතික කණ්ඩායම නියෝජනය කළ අක්ශු ප්‍රනාන්දු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
ඔහු කොළඹ ශාන්ත පීතර විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිස ශ්‍රී ලංකා ක්‍රිකට් 19 පහළ කණ්ඩායමට ක්‍රීඩා කළා.
ශ්‍රී ලංකා A කණ්ඩායමද නියෝජනය කරමින් දක්ෂතා අතරට පැමිණි ඔහු මේ වනවිට රාගම ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරනවා.
ගල්කිස්ස මුහුදු වෙරළ ආශ්‍රිතව පැවති පුහුණුවීම්වලට සහභාගී වීමෙන් අනතුරුව සිය නිවස බලා යමින් සිටියදීයි අක්ශු මෙම අනතුරට ලක්ව ඇත්තේ.
ඔහු දුම්රිය මාර්ගය ආසන්නයේ සිට එක් දුම්රියක් ගමන් කිරීමෙන් අනතුරුව ඒ හරහා මාරු වීමට යාමේදී අනෙක් පසට පැමිණි වෙනත් දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
අනතුරින් ඔහුගේ සිරුරට බරපතළ තුවාල සිදුව ඇතිමුත් මොළයට දැඩි හානි සිදුව නොමැති බවටයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ අක්ශු අනාගත ශ්‍රී ලංකා ක්‍රිකට් සුවිශේෂී බලාපොරොත්තුවක් බවයි ක්‍රීඩා විචාරයකයන් පවසන්නේ.

