Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

2019 ලග්නයෙන් ලග්නයට
සුබ අසුබ මෙන්න
මේෂ

ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති කුජ දොළහේ ද රවි සමඟ ශනි නමයේ ද ගුරු බුධ අටේ ද සඳු සමඟ සිකුරු හතේද රාහු හතරේද ගමන් කරමින් නව වසර උදා වෙනවා. සුබාසුබ මිශ‍්‍රඵල දායක තත්ත්වයක් ඇතිවන බවයි පේන්නේ.

ගෘහ ජීවිතය



වසර ආරම්භයේ දීම නිතර නිතර නිවසින් බැහැරව යෑමට සිදුවන බව පේනවා. සමහරවිට දුර ගමනක් හෝ විදේශ ගමනක් යැමට තිබූ බලාපොරොත්තුවක් සාර්ථක වෙනවා ඇති. පසුගිය කාලයේ ගනු ලැබූ තීරණයක් ගැන පසුතැවිල්ලක් ඇතිවීමටත් ඉඩ තියෙන බව පේනවා. කාර්යබහුල බවක් ඇතිවෙයි. භාග්‍ය ස්ථානාධිපති ගුරු ග‍්‍රහයා මාර්තු 29 අපේ‍්‍රල් 10 අතර බලවත් වන කාලය විශේෂ සුබ කටයුතු සඳහා යොදා ගැනීම උචිත බව පේනවා. මේ හැර වසර මුළුල්ලේම ශරීර සෞඛ්‍ය ගැන විශේෂයෙන් සැලකිලිමත් වීම වැදගත් වෙනවා. විවාහ මංගල කටයුතුවලට වුණත් ඉහත කාලය සුදුසුයි. මුල් දේපළ ඉඩකඩම් පිළිබඳ නීතිමය කටයුතුවලට මාර්තු 7 දින දක්වා බාධා ඇති බව පේනවා. විශේෂයෙන් මුල් දේපළ පිළිබඳව නීතිමය කටයුතුවලටත් නිවාස ඉදිකිරීම්වලටත් වඩාත් සුබ වන්නේ මාර්තු 7 වෙනිදාට පසුවය. ජනවාරි 15 මාර්තු 15 අතරත් ජුනි 15 ජුලි 15 අතරත් ඔබට තරමක් සුබදායක තත්ත්වයක් ගෘහ ජීවිතය තුළ ඇතිවේවි.

රැකියා සහ ව්‍යාපාර 

වසර ආරම්භයේ හවුල් ව්‍යාපාරවලින් සාර්ථක ප‍්‍රතිඵල ලබාගන්න හැකි වේවි. ජුනි මාසය ඇතුළත ඔබට නව ව්‍යාපාර ආරම්භ කිරීමට සුදුසුු තත්ත්වයක් ඇති වෙනවා.

රැකියා අංශවල තිබෙන ගැටලූ බොහෝමයක් ජනවාරි 15 දා සිට උදාවන මාස දෙක ඇතුළත විසඳාගන්නට හැකි වන බව පේනවා. උසස් අයගේ උදව් උපකාර ලැබෙයි. තනතුරේ නැත්නම් තත්ත්වයේ උසස්වීම් ලැබෙන්නත් මේ කාලය තුළ ඉඩ තිබෙනවා. දැනටමත් ඔබට රැුකියාවක් නැතිනම් 

රැුකියා ලාභ ලැබෙන්නත් මේ කාලය වාසනාවන්තයි. ජුනි 15 ජුලි 15 අතර කාලයත් ඔබේ රැුකියා ප‍්‍රශ්නවලට තරමක සහනදායක කාලයක් උදාවෙන බව පේනවා. ඔබ විදේශ රැුකියාවක් ගැන කටයුතු කරනවා නම් මාර්තු 29 අපේ‍්‍රල් 10 අතර විශේෂයෙන්ම සුභඵලදායකයි.

ධනය - 

ධනය පිළිබඳව පෙන්වන්නේ මිශ‍්‍රඵලදායක තත්ත්වයක්. ජනවාරි මාසය ඇතුළත ඔබේ වියදම් ඉහළ යන බවක් පේනවා. පවුලේ වියදම් නිසා තැන්පත් මුදලක් වැය වෙන්නත් ඉඩ තිබෙනවා. මේ නිසා වසර මුලදී වියදම් පාලනය කර ගැනීමට සැලකිලිමත් වෙන්න. ඒ වුණත් ඉන්පසුව ධනය පිළිබඳව මිශ‍්‍රඵලදායක තත්ත්වයක් ඇතිවේවි. ජුනි 4 සිට ජුනි 29 අතර ඔබේ ධනයේ සතුටුදායක වර්ධනයක් පෙන්වනවා. මේ කාලය මුදල් ආයෝජනය කරන්නත් ස්ථිර තැන්පතුවක් ආරම්භ කරන්නත් සුබදායකයි. බිරිඳ හෝ සැමියා නිසා ධනයක් ලැබෙන්නත් හවුල් ව්‍යාපාරවලින් ලාබ ලැබෙන්නත් මේ කාලය තුළ ඉඩ තියෙන බව පේනවා.

අධ්‍යාපනය 

මූලික අධ්‍යාපනය ලබන මේෂ හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සුබපලදායකයි. වසර ආරම්භයේ අධ්‍යාපන කටයුතුවල සාර්ථක බවක් පේනවා. උසස් අධ්‍යාපන කටයුතුවල යෙදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මාර්තු දක්වා තරමක බාධා පෙන්වනවා. මාර්තු 29 අපේ‍්‍රල් 10 අතර කාලය උසස් අධ්‍යාපන කටයුත්තක් ආරම්භ කිරීමට සුදුසුම කාලයයි. මේෂ ලග්නය හිමි කුඩා දරුවන්ට අකුරු කියැවීමට ඉතා සුබ නැකත් සැප්තැම්බර් මාසයේ යෙදෙන බව පේනවා. විදේශ අධ්‍යාපනයක් ලැබීමටත් අදාළ කටයුතුවලටත් මාර්තු - අපේ‍්‍රල් මාස සුබදායකයි.

සෞඛ්‍ය තත්ත්වය - 

මේ වසරේ ඔබට දැඩි කාර්යබහුල බවක් වගේම කොලෙස්ටරෝල් දියවැඩියාව වැනි රෝගවලින් ප‍්‍රවේශම් වියයුතු බවක් පෙන්වනවා. වසර මුලදී ගැස්ට‍්‍රයිටීස් රෝගයෙන් ප‍්‍රවේශම් වෙන්න. ගුරු රාහු දශා ගත කරන අය විශේෂයි.

ශාන්ති කර්ම

මේෂ ලග්න හිමියන්ට ගුරු දුර්වලව ගමන් කරන නිසා බ‍්‍රහස්පතින්දා දිනවල බුද්ධ පූජා තබා බෝධි පූජා කර ප‍්‍රදේශාධිපති දෙවියන්ට පින් දී බාරහාර වීම සුබයි. පූජා තබන විට කහමල්, කහකොඩි තැඹිලිතෙල්, පහන්, චතුමධුර පූජාව විශේෂයි. විශේෂ කටයුතුවලදී සුබ නැකතක් බලා කටයුතු කරන්න. 

සුබ පාට - රෝස

සුබ අංකය - 3


වෘෂභ

ලග්නාධිපති සිකුරු සමග සඳු හයේත් ගුරු සමග බුධ හයේත් රවි ශනි අටේත් කුජ එකොළහේත් රාහු තුනේත් ගමන් කරමින් මේ වසර උදා වෙනවා. ශනි ඒරාෂ්ටක අපලයක් ද පවතින නිසා උත්සාහයෙන් කටයුතු කළ යුතු තත්ත්වයක් පේනවා. වාසනාවට භාග්‍යයට නොව තමන් ගැනම විශ්වාසය තබා උත්සාහවන්තව කටයුතු කිරීමෙන් මේ වසරේ බාධා ජය ගත හැකි වේවි.

ගෘහ ජීවිතය

වසර ආරම්භයේ ගෙදර වැඩිහිටියකුට අපල දායක තත්ත්වයක් පෙන්වයි. නීීතිමය අංශවල ගැටලූ හෝ උසස් කෙනකු අමනාප වීමට ද ඉඩ තිබේ. නමුත් බිරිඳ හෝ සැමියාට සුබදායකයි. අඹු- සැමි සමගිය ඇතිවේ. ඔබේ එදිනෙදා කටයුතු කරගෙන යෑමට උදව් උපකාර කරන අය ඉදිරිපත් වේවි. ලාබ අලාභ නොබලා තීරණ ගන්නත් පෙළඹෙන බව පේනවා. දරුවන්ගේ දියුණුව වෙනුවෙන් කරන කටයුතු සාර්ථක කරගන්න හැකිවේවි. ඔබ තවමත් ශිෂ්‍යයෙක් නැත්නම් ශිෂ්‍යාවක් නම් අධ්‍යාපන කටයුතු වලට සුබයි. විවාහයන් ගැන බලාපොරොත්තුවෙන් ඉන්න තරුණ තරුණියන්ට මංගල යෝග යෙදෙන බවත් පේනවා. හිත මිතුරන්ගේ සහයෝගය ලැබෙයි. සහෝදරයකුගේ රැුකියා ගැටලූවකට විසඳුමක් ලැබෙයි. ඔබේ බොහෝ කටයුතු සාර්ථක කර ගැනීමට සුදුසු වාතාවරණයක් පෙබරවාරි 15 සිට අපේ‍්‍රල් 15 දක්වා කාලය තුළ උදා වෙනවා. මේ කාලයට බාධාවෙමින් තිබූ කටයුතු සාර්ථක කර ගන්න ලැබේවි. උසස් අයගේ උදව් උපකාර ලැබේවි. ගෙදර දියුණුවට කරන කටයුතු ආරම්භයට ඒ කාලය සුබයි. ඊට පස්සේ ජුලි අගෝස්තු අතරත් තරමක සුබඵලදායක බවක් පෙන්වනවා.

රැකියා - ව්‍යාපාර

සෙනසුරු අටවැන්නේ ගමන් කරන නිසා ඔබේ රැුකියා හා ව්‍යාපාර අංශවල සේවක පක්‍ෂයේ ගැටලූ ඇතිවීමට ඉඩ තිබෙනවා. ඔබට වඩා උසස් අයගෙන් නොව පහළ සේවක පක්‍ෂය සමග කටයුතු කරන විට දුරදිග බලා කටයුතු කරන්න. රැුකියා අංශවලට මාර්තු , අපේ‍්‍රල් මාසවල සුබදායක තත්ත්වයන් ඇති වේවි. ඔබේ ව්‍යාපාර කටයුතු නැත්නම් දියුණුවට කරන කටයුතු වෙනුවෙන් ණය මුදලක් එහෙම ගන්න බලාපොරොත්තු වුණා නම් ඒකත් සාර්ථක වේවි.

වෘෂභ ලග්න හිමියන්ගේ ව්‍යාපාර අංශවල දියුණුවක් අපේ‍්‍රල් 16 මැයි 10 අතර කාලය තුළ උදා වෙනවා. ඒ කාලය ඇතුළත ආදායම් තත්ත්වයේ වර්ධනයක් දැකගන්න ලැබේවි. ජුනි 4 ජුනි 29 අතර කාලයත් ඔබේ ව්‍යාපාර කටයුතුවලට සුබදායකයි. අගෝස්තු 16 සැප්තැම්බර් 10 අතර කාලය ගෘහාශි‍්‍රත ව්‍යාපාර ස්වයං රැුකියා වැනි ව්‍යාපාර අංශවලට සුබපලදායකයි.

ධනය

ඔබේ උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙනුත් තරමක වියදමක් දරන්න සිදුවෙන බව මේ වසරේ පෙන්වනවා. වසර මුලදී ධනය පිළිබඳව බාධා තිියනවා. විශේෂයෙන් මාර්තු 29 අපේ‍්‍රල් 10 අතර කාලය ඔබේ ආදායම් මාර්ගවලට බාධා පවතින නිිසා ඒ ගැන දැඩි සැලකිල්ල හා උනන්දුව දැක්වීම වැදගත් වෙනවා. කොහොම වුණත් අපේ‍්‍රල් 16 සිට මේ තත්ත්වය සුබ අතට හැරෙයි. ආදායම ඉහළ යයි. ධනය පිළිබඳ සතුටුදායක තත්ත්වයක් උදා වෙයි.

අධ්‍යාපනය 

බුධ ග‍්‍රහයා ඔබේ විiස්ථානය නියෝජනය කරන අතර අධ්‍යාපනය පිළිබඳව සුබදායක බවක් පේනවා. ඒ උනත් ජනවාරි මුල් සති දෙක තුනක කාලය අධ්‍යාපන කටයුතුවලට බාධා ඇති කරන බවයි පේන්නේ. හිසේ රෝග, අමතකවීම වැනි බාධා ඇති වෙන්න පුළුවනි. ඒ උනත් ජුනි 2 සිට 21 දක්වා කාලය තුළ ඔබේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්න පුළුවන් වේවි. නිසි වයස ලැබූ වෘෂභ හිමි දරුවන්ට අකුරු කියැවීමට සුබ නැකැත් ජුනි මාසයේත් සැප්තැම්බර් මාසයේත් යෙදෙනවා. වසර තුන වීමට පෙර මේ කාලසීමාවලදී සුබ නැකත් හදාගන්න. උසස් අධ්‍යාපනයේ යෙදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සෙම් රෝග, උදාසීන බව, වැඩ කල්දැමීම වැනි අපල ඇතිවීමට ඉඩ තියෙනවා. මේ ගැන සැලකිලිමත් වෙන්න.

සෞඛ්‍ය තත්ත්වය

ශනි ඒරාෂ්ටක අපල තත්ත්වයක් පවතින නිසා වෘෂභ ලග්න හිමියන් ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීම වසර පුරාම කළ යුතුයි. සෙම් රෝග, වාතාබාධ වගේ සෞඛ්‍ය ගැටලූ ඇතිවෙන්න පුළුවනි. මේ හැර දියවැඩියාව කොලෙස්ටරෝල් වගේ රෝගවලින් පෙළෙන අය විශේෂයෙන් මාර්තු අපේ‍්‍රල් අතර කාලය තුළ ප‍්‍රවේශම් වීම වැදගත් වෙනවා. ඔබේ කටයුතුවලට තියන බාධා ඉවත් කරගන්න. ශනි අපලයට අදාළ ග‍්‍රහ ශාන්තිකර්ම කර ගැනීම මැනවි.

ශාන්ති කර්ම

සෙනසුරාදා දිනවල උදේ බුද්ධ පූජා බෝධි පූජා තබා ශී‍්‍ර විෂ්ණු දෙවියන් ඇතුළුව දෙවියන්ට පින් දෙන්න. අසරණ කෙනකුට ආහාරපාන වලින් සංග‍්‍රහ කරන්න. කළු, නිල්, තද පාට ඇඳුම් අඳින්න එපා. දිනපතා කරණීය මෙත්ත සූත‍්‍රය කියා ටික වේලාවක්වත් මෛතී‍්‍ර භාවනාව කරන්න. සුදුසු යන්ත‍්‍රයන් පැළඳ ගැනීමත් හොඳයි. එය කේන්ද්‍රය බලා තීරණ කරන්න ඕනෑ. විශේෂ සුබ කටයුතුවලදී සුබ නැකතක් අනුව කටයුතු කරන්න. 


සුබ පාට - මිශ‍්‍ර ලා පාට

සුබ අංකය 6

මිථුන 

මිථුන ලග්න හිමියන්ගේ ලග්නාධිපති බුධ සමග ගුරු හය වැන්නේත් රවි, ශනි හත්වැන්නේත් සිකුරු සමඟ සඳු පහේත් කුජ දහයේත් රාහු දෙවැන්නේත් ගමන් කරමින් තමයි මේ වසර උදා වෙන්නේ. බොහෝ දුරට සුබඵලදායක බවක් පෙන්වා.

ගෘහ ජීවිතය

ගෘහ ජීවිතය මිශ‍්‍ර ඵලදායකයි. කෘෂිකාර්මික කටයුතු වගේම ස්වයං රැුකියාවල යෙදෙන ඔබට ආදායම් තත්ත්වය සතුටුදායක වේවි. ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක වේවි. බිරිඳ හෝ සැමියාට නම් තරමක බාධා ඇති බව පේනවා. මේ වසර මුල් මාස දෙක අතර උත්සාහයේ තරමට ප‍්‍රතිඵල නැති බව පේන්න පුළුවනි. නිෂ්ඵල ගමන් වගේම නිෂ්ඵල වියදම් යෙදෙන්නත් ඉඩ තියෙනවා. ඒ කාලය බාල සහෝදරයකු වෙනුවෙන් අමතර වෙහෙසක් දරන්න සිදුවේවි. අසල්වැසියෝ අමනාප වෙන්නත් ඉඩ තියෙනවා. එදිනෙදා කටයුතුවලදී ඉක්මනින් කේන්ති යෑම, කලබලය නිසා ඔබ ඇසුරු කරන අය අතරේ අමනාපකම් ඇතිවෙන්න ඉඩ තියෙන නිසා ඉවසීමෙන් කටයුතු කරන්න. කොහොම වුණත් මාර්තු මාසයේ මැද සිට මැයි මාසයේ 15 දින දක්වා ඔබේ ගෘහ ජීවිතයේ දියුණුවට කරන කටයුතු සාර්ථක කරගන්න සුදුසු කාලයක් උදාවෙන බව පේනවා. ජුනි මාසය තුළත් ඔබේ ගෙදර දියුණුවට කරන කටයුතු ආරම්භ කරන්න සුබදායකයි. පෙබරවාරි 25 මාර්තු 5 අතර කාලය ඔබේ ලග්නාධිපති නීචව ගමන් කරන නිසා තරමක් බාධා සහිතයි. සැප්තැම්බර් මාසයේත් ඔබේ ගෘහ ජීවිතයේ දියුණුවට අදාළ කටයුතුවලට සුබඵලදායකයි. මිථුන පෙම්වතුන්ගේ පෙම් සබඳතා ස්ථිර වෙයි. මංගල යෝග යෙදෙයි.

රැුකියා ව්‍යාපාර 

ව්‍යාපාරවලට මුදල් යෙදවීමෙන් ලාබ ලබා ගන්න හැකිවෙන බවක් වසර මුලදී පේනවා. අපේ‍්‍රල් 16 සිංහල අලූත් අවුරුද්ද උදා වෙනකොට නව ව්‍යාපාර ආරම්භයට සුදුසු කාලයක් උදා වෙනවා. අපේ‍්‍රල් - මැයි අතර කාලය ව්‍යාපාරිකයන්ගේ ආදායම් ඉලක්ක සම්පූර්ණ කර ගන්න ලැබෙයි. කලා කටයුතු, රූපලාවණ්‍ය සේවා, මල්, පලතුරු, ආභරණ වගේ ව්‍යාපාරවල යෙදෙන අය ඒ කාලය සුබඵලදායකයි. ජනවාරි 15 පෙබර 15 අතර කාලය

රැුකියා ව්‍යාපාර අංශවල ප‍්‍රධානීන් සමග කරන කටයුතුවලදී ප‍්‍රවේශමින් කටයුතු කරන්න. උසස් කෙනෙක් අමනාප වෙන්නත් ඉඩ තියෙනවා. කොහොම උනත් ඔබේ රැුකියා ව්‍යාපාරවලදී සේවක සේවිකාවන්ගේ සහයෝගය නොඅඩුව ලැබෙන බවක් පේනවා. රැුකියාවක් නැති අයට මාර්තු 15 මැයි 15 අතර කාලය තුළ රැුකියා අවස්ථා උදා වෙන්න ඉඩ තියෙනවා. තනතුරේ නැත්නම් තත්ත්වයේ උසස්වීමක් ලැබෙන්නත් ඒ කාලය තුළ ඉඩ තියෙන බව පේනවා. අගෝස්තු 15 සැප්තැම්බර් 15 අතර කාලයත් 

රැුකියා ව්‍යාපාරවලට සුබයි.

ධනය 

වසර ආරම්භය ඔබේ වියදම් වැඩි බව පෙන්නනවා. මාර්තු 7 වැනිදා තෙක්ම පවුලේ වියදම් ඉහළ යන බවයි පේන්නේ. සමහර විට තැන්පත් මුදලක් පවා වැය වෙන්න ඉඩ තියෙනවා. මේ නිසා වියදම් පාලනය කරගන්න ආදායම් තත්ත්වය නම් සතුටුදායකයි. ගේදොර වතුපිටි වලින් නම් සතුටුදායක ආදායමක් ලබා ගන්න හැකි වේවි. කල්පනාකාරීව කටයුතු කළොත් ආදායම වගේම යමක් ඉතිරි කරගන්න වුණ අපහසු වෙන්නෙ නෑ. වියදම් කිරීමට පෙර ඉතිරි කරන්න.

අධ්‍යාපනය

කලා සහ සෞන්දර්ය අංශවල අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙයි. වසර මුල විශේෂයෙන් සුබයි. අධ්‍යාපන කටයුතුවලට අමතර මුදලක් වියදම් වෙන බවක් පේනවා. උසස් අධ්‍යාපන කටයුතු කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න උදව් කරන අය ඉදිරිපත් වෙයි. උත්සාහය තරමක් ඉහළ මට්ටමක පවතින නිසා අධ්‍යාපනය සාර්ථක කරගන්න අමාරු නෑ. අකුරු කියැවීමට නිසි වයස ලැබූ මිථුන දරුවන්ට අකුරු කියැවීම සඳහා ජුනි 2 - 21 අතරත් සැප්තැම්බර් 11-29 අතරත් සුබ නැකත් උදාවෙනවා. නව පාඨමාලා ආරම්භයටත් ඒ කාලය සුබඵලදායකයි.

සෞඛ්‍යය 

කේතු දශා ගත කරන අය ශරීරයේ පෝෂණය ගැන සැලකිලිමත් වීම නම් වැදගත් වෙනවා. යකඩ, විටමින් ඌනතාවය නිසා ඇතිවන පෝෂණ ගැටලූවලට හේතු වෙන්න පුළුවනි. මේ නිසා යකඩ සහ විටමින් අඩංගු ආහාරපාන ගැනීමට සැලකිලිමත් වෙන්න. ගුරු දශා ගත කරන අය දියවැඩියාව, කොලෙස්ටරෝල්, වගේ රෝගවලින් ප‍්‍රවේශම් වීමට වග බලා ගන්න. අන් අයට මිශ‍්‍රඵලදායකයි.

ශාන්තිකර්ම 

බුද්ධ පූජා, බෝධි පූජා තබා ශී‍්‍ර විෂ්ණු කතරගම දෙවිවරුන්ට බාරවෙන්න. බෝධි පූජා තබනවිට රතු, නිල් සමග පුවක මල් , කෙසෙල් මල් පූජා කරන්න. ඖෂධ පූජා කරන්න. බෞද්ධ කොඩි එල්ලන්න. කළු පාට වගේම අඳුරු පාට අඳින්න එපා. දිනපතා උදේ සවස කරණීය මෙත්ත සූත‍්‍රය ඛන්ධ පිරිත භාවිත කර ටික වේලාවක් වත් මෛතී‍්‍ර භාවනාව කරන්න.

සුබ වර්ණය - කහ

සුබ අංකය - 04

කටක

ඔබේ ලග්නාධිපති සඳු සමග සිකුරු දිග්බලව හතරවැන්නේත් ගුරු බුධ පස්වැන්නෙත් රවි, ශනි හයේත්, කුජ නමයේත්. රාහු ලග්නයේත් ගමන් කරමින් උදාවන මේ වසර බොහෝ දුරට සුබඵලදායකයි. ඔබේ බලාපොරොත්තු ඉලක්ක රාශියක් සාර්ථක කර ගන්න මේ වසර තුළදී ඇති වන බව පේනවා.

ගෘහජීවිතය 

ගෙදර දියුණුවට කරන කටයුතු බොහෝමයක් සාර්ථක කරගන්න පුළුවන් වෙයි. හිතේ සතුට ඇතිවෙයි. අම්මා, තාත්තා ¥ දරුවෝත් එක්ක සතුටින් කාලය ගත කරන්න ලැබෙයි. නිවාස ඉදිකිරීම්වලට සුබයි. අවිවාහක අයට මංගල යෝග උදාවෙයි. දරුවන්ගේ දියුණුවට කරන කටයුතුත් සාර්ථක වෙයි. ගොවිතැන් ස්වයං රැුකියා කරන අයටත් සුබයි. එමෙන්ම ආදායම් සතුටුදායක වේවි. ගෙදර මංගල උත්සවයක් නැත්නම් පී‍්‍රති උත්සවයක් පවත්වන්නත් ඉඩ තියෙනවා. කලකින් නුදුටු, ඈත්වෙලා හිටපු යාළුවෝ නෑදෑයෝ එයි. ඒ අතරේ උසස් අයගේ උදව් උපකාර ලැබෙයි. සේවක පක්ෂයේ සහයෝගය නොඅඩුව ලැබෙන නිසා ව්‍යාපාර නැත්නම් රැුකියා කටයුතු සාර්ථක වේවි. බලාපොරොත්තුවෙන් හිටපු ණය මුදලක් ලබා ගන්නත් පහසුකම් ලැබෙයි. අධ්‍යාපනය ලබන කටක ලග්නයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් සුබඵලදායක කාලයක් බව පේනවා. විභාගවලින් නැත්නම් සම්මුඛ පරීක්ෂණවලින් සමත් වෙන්න පුළුවන් වෙයි. උසස් අධ්‍යාපනයක් ලබන විදේශ යන්න බලාපොරොත්තු වුණා නම් ඒකටත් අවස්ථා උදා වෙයි. විදේශ ගමන් පිළිබඳ බලාපොරොත්තු තිබුණ නම් මේ අවුරුද්දෙ විදේශ ගමන්වලට සුබ කාලයක්. ඒ වගේම විවාහ මංගල යෝජනා යෙදෙයි. බිරිඳ නැත්නම් සැමියාටත් සුබදායකයි. රාහු කේතු දශා ගත කරන අය උපදෙස් මත තීරණ ගැනීම හොඳයි.

රැකියා - ව්‍යාපාර 

ව්‍යාපාරවල ඉලක්ක සම්පූර්ණ කර ගන්න අමාරු වෙන එකක් නම් නෑ. පෙබරවාරි 5 සිට උත්සාහය ධෛර්ය, උනන්දුව නිසා රැුකියා බාධා ජය ගන්න පුළුවන් වෙයි. අපේ‍්‍රල් 16 උදාවන මාස දෙකක පමණ කාලය ව්‍යාපාරවලින් ජය ලබන්න පුළුවන් කාලයක්. නව ව්‍යාපාර ආරම්භ කරන්නත් මුදල් ආයෝජනය කරන්නත් හොඳ කාලයක් බව පේනවා. කටක ලග්න හිමියන්ගේ තනතුරේ නැත්නම් තත්ත්වයේ උසස්වීමක් වගේ දේකටත් අපේ‍්‍රල් 15 සිට ඉඩ තියෙනවා. ආයතන ප‍්‍රධානීන්ගේ, උසස් අයගේ උදව් උපකාර නොඅඩුව ලැබෙන කාලයකි. ජුනි 4 - 29 අතර කාලය රැුකියා ලාභ ලැබෙන කාලයක් බව පේනවා. මේ අතරේ ඔබ යටතේ සිටින සේවක සේවිකාවන්ගේ සහයෝගය නොඅඩුව ලැබෙන බවත් පේනවා. 

ධනය

ආදායම්වල සතුටුදායක තත්ත්වයක් පවතිනවා. මේ අතරේ වියදම් ද ඉහළ යන බවක් පේනවා. රාහු දශා ගත කරන අයට මාර්තු 7 දාට පසුව වියදම් ඉහළ යන්න පුළුවනි. සමහර විට ඒ වියදම විදේශ ගමනකට වෙන්නත් පුළුවනි. සාර්ථක ආදායමක් ලබන අතරේ වියදම් පාලනය කර ගැනීමට සැලකිලිමත් වෙන්න. නිවාස, දේපළ ලාභ, වාහන ලාභ වගේ ලාභ ප‍්‍රයෝජනත් ලැබෙන කාලයක් බව පේනවා. සැලසුම් සහගතව කටයුතු කළොත් උදා වන වසරේ ධනය අතින් ඔබට සාර්ථක වෙන්න අපහසු වෙන එකක් නෑ.

අධ්‍යාපනය 

අධ්‍යාපන කටයුතුවල යෙදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ තිබුණු බාධා කරදර ඉවත් වේවි. අලූත් ඉගෙනීමක්, පාඨමාලාවක් හදාරන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් මේ වසර සුබදායකයි. මාර්තු 29 - අපේ‍්‍රල් 23 අතර කාලය අත්හැරලා ඒ වගේ කටයුත්තකට හොඳයි. සෞන්දර්ය කලා අංශයක අධ්‍යාපනයක් ලබනවා නම් අපේ‍්‍රල් 16 - මැයි 10 අතර සිකුරු බලවත් වන කාලය සුබදායක වෙනවා. කටක හිමි කුඩා දරුවන්ට අකුරු කියවීමට සැප්තැම්බර් 11 - 29 අතර සරස්වති යෝග උදා වෙනවා. කේන්ද්‍රය අනුව අධ්‍යාපන කටයුතු සඳහා සුබ නැකත් සාදා ගැනීමට සැලකිලිමත් වෙන්න. රාහු දශා ගත කරන අයගේ අධ්‍යාපන කටයුතුවලදී හිතේ චංචල බව, අමතක වීම චිත්ත ඒකාග‍්‍රතාවට බාධා ඇති වෙන්න පුළුවනි. එහෙ ම නම් දවසේ වැඩ කටයුතු කාලසටහනක් අනුව කරන්න පුරුදු වෙන්න. කාලසටහනට අනුව දිනපතා වැඩ කටයුතු කරන කොට හිතේ චංචල බව අඩු වෙලා යයි.

සෞඛ්‍යය

කටක ලග්න හිමියන්ට සාමාන්‍යයෙන් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවතිනවා. ඒ වුණත් රාහු කේතු දශා ගත කරන අයට තරමක සෞඛ්‍ය ගැටලූ ඇති වෙන්න ඉඩ තියනවා. කේතු දශා ගත කරන අයට පාදවල ආබාධ, සමේ රෝග, පෝෂණ ඌනතා ඇතිවිය හැකියි. විටමින්, යකඩ අඩංගු ආහාර ගන්න. රාහු දශා ගත කරන අය ගැස්ට‍්‍රයිටීස්, හිසේ රෝගවලින් ප‍්‍රවේශම් වෙන්න. තෙම්පරාදු ආහාර ගැනීම සීමා කරන්න. ජලය පානය අතපසු කරන්න එපා

ශාන්ති කර්ම

බුද්ධ පූජා, බෝධිපූජා තබා ප‍්‍රදේශාධිපති දෙවියන් ඇතුළුව දෙවියන්ට පින් දෙන්න. රාහු කේතු දශා ගතකරන අය චන්ද පිරිත සහ සූර්ය පිරිත වගේම කරණීය මෙත්ත සූත‍්‍රය භාවිත කරන්න. අභිසම්භිදාන, සබ්බ පාපස්ස වගේ යන්ත‍්‍රයක් පැළඳීම හොඳයි. 

සුබ පාට කහ - තැඹිලි, සුබ අංකය 5.

සිංහ

ඔබේ ලග්නාධිපති රවි සමග ශනි පහේත් සඳු සිකුරු තුනේත් ගුරු බුධ හතරේත් කුජ අටේත් ගමන් කරද්දී නව වසර උදාවෙනවා. උදාවන වසර ඔබට මිශ‍්‍රඵලදායක බව පේනවා. ‘‘ඉවසීමෙන් සැනසීම ලැබේ’’ යන්න ඔබේ ආදර්ශ පාඨය කර ගත්තොත් මේ වසරේ බොහෝ ඉලක්ක ළගා කර ගන්න ඔබට අපහසු වෙන එකත් නැති බව පේනවා.

ගෘහ ජීවිතය

ගුරු සමග බුධ හතරේ පිහිටීම ගෘහ ජීවිතය පිළිබඳව සුබදායක වුණත් කුජ අටවැන්නේ ගමන් කරන නිසා පෙබරවාරි 5 වැනිදා දක්වා කල්පනාකාරීව කටයුතු කළ යුතු බව කිව යුතුයි. මේ කාලය තුළ ගෙදර වැඩිහිටියෙකුට අපලදායකයි. නොඉවසිල්ල, ක්‍ෂණික කෝපය වගේ දේවල් ඔබේ පවුලේ සමගියට බාධා ඇති කරන්න ඉඩ තියෙනවා. පෙබරවාරි මාසයේ මැද වෙනකොට මේ තත්ත්වය යහපත් අතට හැරෙයි. ස්ථාන ඉඩකඩම් නිවාස දේපළ ලාභ දියුණුව ඇති වෙන කාලයක් උදාවෙන බව පේනවා. ආගම දහමටත් හිත ඇදිලා යයි.

සිංහ ලග්නය හිමි අය දුර වන්දනා ගමනක් යන්න බලාපොරොත්තු වුණා නම් ඒකටත් පහසුකම් ඇති වේවි. අසල්වාසීන් එක්ක තිබුණු අමනාපකම් දුරුවෙයි. සුහදතාවය වැඩිවෙයි. උත්සාහය ධෛර්යයත් ඉහළ යයි. ප‍්‍රයෝජනවත් ගමන් බිමන් යෙදෙයි. සහෝදරයකුගේ ජයග‍්‍රහණයන් ගැනත් අහන්න ලැබෙයි. ලිපි ලේඛන ශාස්ත‍්‍රීය කටයුතු සාර්ථක වෙයි. ගෙදර මූලික කරගෙන කරන දේවල් සාර්ථක වෙයි. දරුවන් වෙනුවෙන් අමතර වෙහෙසක් දරන්නට සිදු වන බවත් පේනවා. පෙම් සබඳතා ස්ථීර වෙයි. රාහු දශා ගත කරන අයට වසර මුලදී තරමක බාධා ඇතත් මාර්තු 7 වැනිදාට පස්සේ ටිකක් අඩුවෙලා යයි. යහපත් මිතුරු මිතුරියන් හඳුනාගන්න අවස්ථා උදාවෙයි. කේතු රාහු දශා ගත කරන අය රහස් සතුරන්ගෙන් ප‍්‍රවේශම් වෙන්න. මාර්තු දක්වා විශේෂයි. මාර්තු 15 අපේ‍්‍රල් 15 අතරේ විශේෂ සුබ කටයුතු නම් යොදා ගැනීම සුදුසු නෑ. විශේෂ සුබ කටයුතු ආරම්භයට ඒ කාලය මගහරවා ගැනීම හොඳයි.

රැකියා ව්‍යාපාර

රැුකියා හා ව්‍යාපාර අංශවල පෙබරවාරි 5 දක්වා තරමක බාධා ඇති බව පේනවා. ඊට පස්සෙ මේ තත්ත්වය සුබ අතට හැරෙයි. මැයි 15 සිට ජුලි 15 අතර කාලය ඇතුළත ඔබේ රැුකියා අංශවල විශේෂ දියුණුවක් දකින්න පුළුවන් වේවි. රැකියා නැති අයට රැුකියා ලාභ ලැබෙන්නත් ඉඩ තියනවා. 

රැුකියා අංශවල ප‍්‍රධානීන්ගේ උසස් අයගේ උදව් උපකාර ලැබෙන කාලයක් බවත් පේනවා. ඔබේ නායකත්ව ගුණාංග ඉස්මතු වෙයි. සමාජය තුළ ඇති ඔබේ පිළිගැනීම, ගෞරවය ඉහළ යයි. ජුලි 15 අගෝස්තු 15 අතර තරමක බාධා ඇති බවක් පේනවා. අගෝස්තු සැප්තැම්බර් අතරත් ඔබට සුබදායකයි. ජුනි 4 ජුනි 29 අතර කාලය තුළ ව්‍යාපාරවල යෙදෙන සිංහ ලග්න හිමියන්ට සුබදායකයි. අලූතින් ව්‍යාපාරයන් ආරම්භ කරන්න හිතාගෙන ඉන්නවා නම් ඔක්තෝබර් 4-27 අතර කාලය යොදා ගැනීම හොඳයි. ජුනි මාසයත්, සැප්තැම්බර් මාසයත් සිංහ ලග්න හිමියන්ගේ ආදායම් තත්ත්වය සුබ බව පේන නිසා රැුකියා ව්‍යාපාර අංශවලටත් සතුටුදායක තත්ත්වයක් ඇති වේවි. මේ අනුව සැලසුම් සකස් කර ගන්න.

ධනය

ධනය සහ ආදායම් පිළිබඳව සතුටුදායක තත්ත්වයක් පේනවා. වසරේ මුල් මාස කිහිපය තුළ පවුලේ දියුණුවට නිවාස වැඩවලට වගේ දේවල් නිසා වියදම් යෙදුනත් ඒවා ස්ථාවර වත්කම්වලට යෙදෙන බව පේනවා. මාර්තු අපේ‍්‍රල් මාසවලදී කෘෂිකාර්මික කටයුතු නිසා ගේදොර ආශ‍්‍රිතව කරන කටයුතු වලිනුත් ආදායම් ලැබෙන කාලයක් වේවි.

අධ්‍යාපනය

සිංහ හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු ගැන කියැවෙන විiාස්ථානයේ ශනි ගමන් කරන නිසා නිදිමත, අලස බව, වැඩ කල්දැමීම වැනි දේවල් නිසා අධ්‍යාපන කටයුතුවලට බාධා ඇති වෙන්න පුළුවනි. මේ නිසා උනන්දු වෙන්න. උසස් අධ්‍යාපනයේ යෙදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පෙබරවාරි දක්වා තරමක බාධා ඇතත් ඉන් පසුව සුබදායක පැත්තට හැරෙයි. විභාගවලින් සමර්ථ වෙයි.

සෞඛ්‍ය තත්ත්වය

වසර මුලදී තුවාලවීම්, හදිසි අනතුරු බහිශ‍්‍රාවීය ඉන්ද්‍රිය පද්ධතියේ දෝෂ වගේ සෞඛ්‍ය ගැටලූ ඇතිවෙන්න ඉඩ තියනවා. මේ නිසා ප‍්‍රවේශම් වෙන්න. ජලය පානය අතපසු කරන්න එපා. රාහු දශා ගත කරන අයට ගැස්ට‍්‍රයිටීස් හිසේ රෝග වැනි අසනීප ඇති වෙන්න පුළුවනි. ඒත් මාර්තු වලින් පස්සේ එවැනි රෝග තියනවා නම් සුව අතට හැරෙයි. කේතු දශා ගත කරන අය විටමින්, යකඩ අඩංගු ආහාර ගන්න ඕනෑ.

ශාන්ති කර්ම

බුද්ධ පූජා, බෝධිපූජා තබා කතරගම දෙවියන්ට බාරහාර වෙන්න. පූජා තබන විට රතුමල්, රතුකොඩි, රතුකැකුළු කිරි ආහාර රතුපාට පලතුරු විශේෂයි. අ`ගහරුවාදා දවස්වල පූජා තැබීම වඩා හොඳයි. පූජාව අවසානයේ මංගල සූත‍්‍රය කියා දෙවියන්ට පින් දෙන්න.

පිත්තල පහනක් පූජා කිරීම, ලේ දන්දීම වගේ දේවල් ඔබට විශේෂ ශාන්ති කර්මයන් වේවි. දිනපතා ටික වේලාවක්වත් මෛත‍්‍රී භාවනාව කරන්න. දියුණුවට කරන වැඩවලදී සුබ නැකත් අනුගමනය කරන්න.

සුබ වර්ණය - ලා කොළ

සුබ අංකය - 05

කන්‍යා

බුධ සමග ගුරු තුනේද සඳු සිකුරු දෙවැන්නේද රවි ශනි හතරේ ද කුජ හතේද, රාහු එකොළහේද ගමන් කරමින් නව වසර උදා වෙනවා. බොහෝ දුරට සුබඵලදායක වසරක් බවයි පේන්නේ. සැලැස්මක් ඇතිව කටයුතු කළොත් කන්‍යා ලග්න හිමියන්ගේ බොහෝ බලාපොරොත්තු සාර්ථක කරගන්න පුළුවන් බව පේනවා.

ගෘහ ජීවිතය

වසර ආරම්භයේ නම් ගෙදර දියුණුවට කරන කටයුතුවලට තරමක බාධා ඇති වෙන බවක් පේනවා. ඒ වුණත් ඉක්මනින් ඒ තත්ත්වය වෙනස් වෙයි. පවුලේ දියුණුවට කරන කටයුතු සාර්ථක වෙයි. පෙබරවාරි 5 දින දක්වා අටවැන්නාධිපති කුජ හත්වැන්නේ ගමන් කරන නිසා විවාහ සහකරුට තරමක අපල කාලයක් බව පේනවා. ඒ කාලය විවාහ මංගල යෝජනා වගේ දේවල්වලටත් ඒ තරම්ම සුබ නෑ. මංගල යෝජනා වගේ දේවල්වලට සුබ වන්නේ මැයි මාසයේ ඉඳලයි. මේ අතරේ ආගමික අංශයේ කටයුතුවලට වැඩි නැඹුරුවක් පෙන්වනවා. බිරිඳ නැත්නම් සැමියාට සුබඵලදායකයි. අසල්වාසීන් එක්ක තිබුණු සුහදතාව වර්ධනය වේවි. පැරණි අමනාපකම් දුරු වෙලා යයි. උත්සාහය උනන්දුවත් වැඩි වේවි. ලිපි ලේඛන පිළිබඳ කටයුතු සන්නිවේදන අංශවලට අදාළ කටයුතු සාර්ථක වෙයි. මාර්තු මාසය දක්වා දරුවෙකුට අපල තත්ත්වයක් පේනවා. ජුනි 15 සිට අගෝස්තු 15 දක්වා කාලය තුළ දියුණුවට අදාළව කරන දේවල් සාර්ථක වෙයි. උසස් අයගේ උදව් උපකාරයන් ලැබෙයි. තනතුරු ලැබෙන, සමාජයේ කැපී පෙනෙන කාලයක් බවත් කියන්න පුළුවනි. ජුනි 21 අතර කාලයත් සැප්තැම්බර් 11-29 අතර කාලයත් ඔබේ බලාපොරොත්තු ඉටුවීමට සුදුසු ග‍්‍රහ චාරයන් පවතින බව පේනවා. මැයි 3 සිට මැයි 18 දක්වා කාලය විශේෂ සුබ කටයුතුවලට සුදුසු නැති බව පේනවා. අපේ‍්‍රල් 10 මැයි 16 අතර තුර කාලය කන්‍යා ලග්නය හිමි අවිවාහක තරුණ තරුණියන්ට මංගල යෝග උදාකරන කාලයක් බව පේනවා. ජුනි මාසය ඔබේ විවාහ මංගල උත්සවවලට සුබදායකයි.

රැකියා ව්‍යාපාර

ව්‍යාපාරවලින් සතුටුදායක ආදායමක් ලබා ගන්න අපහසු බවක් පේන්නෙ නෑ. ආදායම් ඉලක්ක සම්පූර්ණ කරගන්න පුළුවන් වෙයි. හවුල් ව්‍යාපාරවලට අපේ‍්‍රල් 16 මැයි 10 අතරත් ජුනි මාසයත් සුබඵලදායකයි. ජුනි 2- සිට 21 දක්වා කාලය ඔබේ රැුකියා අංශවල විශේෂ සුබඵල ඇති කරන බව පේනවා. රැුකියා නැති අයට රැුකියා ලැබෙන්නත් ඒ කාලය තුළ ඉඩ තියනවා.

ධනය

ආදායම් සතුටුදායක මට්ටමක තියනවා වගේම කල්පනාකාරීව කටයුතු කළොත් යමක් ඉතිරි කර ගන්නන් අපහසු වෙන එකක් නෑ. තැන්පත් ධනයක් ඇති කරගන්න පුළුවන් වෙයි. ඒ වුණත් ජුනි මාසය ඔබේ වියදම් ඉහළ යන බවක් පෙන්වනවා. විනෝදය නිසා මුදලක් නාස්ති වෙන්න මේ කාලය තුළ ඉඩ තියනවා. අනවශ්‍ය විදිහට විනෝදයට බර නොවෙන්න. උවමනා බව මතක තියාගන්න.

අධ්‍යාපනය

කන්‍යා ලග්නය හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මාර්තු 7 දක්වා තරමක බාධා ඇතත් තද බල අපලයක් නැහැ. ජුනි මාසය වන විට උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙයි. කලා සහ සෞන්දර්ය අංශවල ඉගෙනීම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශේෂයෙන් සුබ පලදායකයි. ගණිතය සහ සන්නිවේදන අංශවලත් තොරතුරු තාක්‍ෂණය ඉගෙන ගන්න අයටත් ජුනි මාසය සහ සැප්තැම්බර් මාසය සුබයි. කන්‍යා හිමි දරුවන්ට අකුරු කියවීමටත් ජුනි 2 සහ 21 අතරත් සැප්තැම්බර් 11-29 අතරත් සුබ නැකත් උදාවෙනවා. විදේශ රටක අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තු වෙන අයට අගෝස්තු 15 සැප්තැම්බර් 15 අතරත් මැයි 15 ජුනි 15 අතරත් අවස්ථා උදාවෙන්න පුළුවනි.

සෞඛ්‍ය තත්ත්වය

පෙබරවාරි 5 මාර්තු 22 අතර කාලය තුළ කුජ අටවැන්නේ ගමන් කරන නිසා වැටීම් තැලීම් වගේ හදිසි අනතුරුවලින් ප‍්‍රවේශම් වීමට වග බලා ගන්න. ඉක්මන් කෝපය, අර්ශස් රෝගය වැනි සෞඛ්‍ය ගැටලූ ඇති අයත් කුජ දශා ගත කරන අයත් විශේෂයි. කේතු දශා ගතකරන කන්‍යා ලග්න හිමි කාන්තාවන්ට ඔසප් දෝෂ හා දරු පිළිසිඳ ගැනීම් පිළිබඳව ගැටලූ මාර්තු 7 දක්වා තරමක් බලපවත්වන බව පේනවා. ඉන් පසුව මේ තත්ත්වය ටිකෙන් ටික අඩු වෙලා යාවි. සඳු හතරවැන්නේ සිටි අයට පපුවේ සෙම් රෝග චිත්ත පීඩා වැනි සෞඛ්‍ය ගැටළු ඇති වෙන්න ඉඩ තියනවා. එවැනි අය සෙම් රෝගවලින් ප‍්‍රවේශම් වෙන්න.

ශාන්ති කර්ම

බුද්ධ පූජා බෝධිපූජා තබා පත්තිනි දේව මෑණියන්ට බාරහාරවීම සුබයි. පූජා තබන විට විවිධ පාට මල්, බෞද්ධ කොඩි, පස්තෙල් පහන් පූජා තැබීම හොඳයි. සිකුරාදා හෝ බදාදා දිනවල මේ පූජා තැබීම ඔබට වඩාත් ගැලපෙනවා. තව සිල්වත් භික්‍ෂූන් වහන්සේලාට දහම් පඬුරු පූජා කිරීම, ඉගෙන ගන්න දිළිඳු ශිෂ්‍යයින්ට අධ්‍යාපන උපකරණ පරිත්‍යාග කිරීමත් හොඳයි. 

සුබ පාට මිශ‍්‍ර ලාපාට

සුබ අංකය 6

තුලා

සිකුරු සමග සඳු ලග්නයේත්, ගුරු බුධ දෙවැන්නේත්, රවි සමග ශනි තුන් වැන්නේත්, කේතු හතරේත්, කුජ හයේත් ගමන් කරමින් මෙම වසර උදාවෙනවා. තුලා ලග්න හිමි අයටත් උදාවන වසර සුබදායක බව පෙන්වනවා. මේ නිසා නව වසර දිහා බලාපොරොත්තු සහිතව බලන්න ඔබට පුළුවන් වෙයි.

ගෘහ ජීවිතය

කේතු ග‍්‍රහයා හතරවැන්නේ ගමන් කරන නිසා මාර්තු 7 වැනිදා දක්වා තරමක බාධා ඇති බව පේනවා. ඒ කාලය ගෙදර වැඩිහිටියෙකුටත් අපලදායකයි. නිතර නිතර ගමන් යෙදෙයි. ඒවත් ඒ තරම් ප‍්‍රයෝජනවත් බවක් පේන්නෙ නෑ. ඒ වුණත් මාර්තුවලින් පස්සෙ මේ තත්ත්වය වඩාත් සුබ අතට හැරෙයි. හිතේ සතුට ඇති වෙයි. දරුවන් ගැන ඔබ කරන කැපවීම්වලට සතුටුදායක ප‍්‍රතිඵල ලැබෙයි. ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක වෙයි. මවුපියන්ටත් සුඵපලදායකයි. උත්සාහය උනන්දුව ධෛර්යය ඉහළ යයි. කලකින් නොදුටු යාළුවෝ, නෑයෝ ගෙදරටම එයි. ගෙදර අලූත් කරන්න හිත යොමුවෙයි. දුර වන්දනා ගමනක් යන්න තිබුණු බලාපොරොත්තුවක් සාර්ථක වෙයි.

ප‍්‍රයෝජනවත් ලාබදායක කෙටි ගමන් බිමන් නිතර නිතර යෙදෙන බවත් පේනවා. කෘෂිකර්මාන්ත කටයුතු සාර්ථක වෙයි. අවිවාහක අයට මංගල යෝග උදාවෙන බවත් පේනවා. පෙම්වතුන්ට සුබඵලදායකයි. පෙබරවාරි 5 මාර්තු 22 අතර කාලය මංගල යෝජනාවලට සුබයි. අනිත් අයගේ බිරිඳ නැත්නම් සැමියාට සුබපලදායකයි. අගෝස්තු සැප්තැම්බර් අතරත්, ජුලි අගෝස්තු අතරත් ඔබේ බලාපොරොත්තු සැප්තැම්බර් අතරත්, ජුලි අගෝස්තු අතරත් ඔබේ බලාපොරොත්තු ඉටුවන බව පේනවා. ජුනි මාසයේ පිංකමක් කරන්න ඔබේ හිත යොමුවන අතර දඹදිව වන්දනාවක් වගේ දුර ගමනක යෙදෙන්නත් මේ කාලයේ ඉඩ තියනවා.

රැකියා ව්‍යාපාර

විදේශ රැුකියා බලාපොරොත්තු ඉටුකරගන්න පුළුවන් වසරක් බව පේනවා. ඔබ විදේශ රැුකියාවක දැනටමත් යෙදෙනවා නම් ඒක සාර්ථකව කරගන්නත්, නව තනතුරු ලබන්නත් හේතු වන බව පේනවා. රැුකියාව නිසා නිතර ගමන් බිමන් යන්නත් සිදු වෙනවා. ජුලි 15 සැප්තැම්බර් 15 අතර කාලය රැුකියා ව්‍යාපාර සාර්ථක කරගන්න සුදුසු තත්ත්වයක් ඇති වෙන බව පේනවා. ඒ කාලය නව ව්‍යාපාර ආරම්භයටත් සුබයි. උසස් අයගේ උදව් උපකාරත් ලැබෙයි. නව රැුකියා බලාපොරොත්තු ඉටු වෙයි. තනතුරේ ඉහල යෑම කටත් ඉඩ තියෙනවා. ලේඛන, සන්නිවේදන අංශවල රැුකියාවල යෙදෙන අයටත් මේ කාලය සුබඵලදායක වේවි. අගෝස්තු 15 සැප්තැම්බර් 15 අතර කාලය රාජ්‍ය අංශයේ සහ උසස් අයගේ විශේෂ උපකාර ලැබේවි. රැුකියා ව්‍යාපාර අංශවලත් ඔබ ගැන ඇති ගෞරවය, පිළිගැනීම, ඉහළ යයි.

ධනය

තුලා ලග්න හිමියන්ට ආදායම් මාර්ගවල සතුටුදායක තත්ත්වයක් පෙන්වනවා. ගුරු ධනස්ථානයේ ගමන් කරන නිසා සහෝදරයෙක් නිසා ධනයක් ලැබෙන්නත් ඉඩ තියනවා. ව්‍යාපාරවලින් බලාපොරොත්තු වෙන ආදායම් ලැබේවි. තැන්පත් මුදලක් ඇති කරගන්නත් අපහසු වෙන එකක් නෑ. ආයෝජනවලින් ලාබ ලැබෙයි. මාර්තු 22 සිට මැයි 7 දින දක්වා ඔබේ වියදම් තරමක් ඉහළ යන බව පේනවා. ඒ කාලයට වියදම් පාලනය කර ගැනීමට සැලකිලිමත් වෙන්න.

අධ්‍යාපනය

තුලා ලග්නය හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උසස් අධ්‍යාපන කටයුතුවල සාර්ථක ප‍්‍රතිඵල දකින්න ලැබේවි. ගණිතය සහ කලා අංශවල ඉගෙනීම ලබන ශිෂ්‍යයන්ට විශේෂයි. ඒ වගේම විදේශගතව අධ්‍යාපනයක් ලබන්න බලාපොරොත්තු වුණානම් මාර්තු මාසයේ සිට අවශ්‍ය පහසුකම් ලැබේවි. ජුනි මාසය විදේශ අධ්‍යාපන කටයුතුවලට සුබ ඵලදායකයි. නිසි වයස ලැබූ තුලා හිමි දරුවන්ට අකුරු කියවීමට සුබ නැකත් ජුනි 2 සහ 21 අතර යෙදෙනවා. කල් ඇතිව සැලසුම් කරගන්න. උසස් පාඨමාලා ආරම්භයටත් ශුභයි. පාසල් අධ්‍යාපනයේ යෙදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් සුබයි. ඒ වුණත් රාහු සිකුරු දශා ගත කරනවා නම් අනවශ්‍ය ලෙස විනෝදයට බර වීම නිසා අධ්‍යාපනයට බාධා ඇති වෙන්න ඉඩ තියෙනවා.

සෞඛ්‍යය

යටි බඬේ උෂ්ණාධික රෝග, බඩ වියළීම, මුත‍්‍රා දෝෂ, මානසික ආතතිය වැනි සෞඛ්‍ය ගැටලූ ඇතිවෙන්න ඉඩ තියන බව පේනවා. මේ ගැන සැලකිලිමත් වෙන්න. උෂ්ණාධික ආහාර පාන සහ තෙම්පරාදු ආහාරවලින් වැළකීම හොඳයි. මාර්තු 22 මැයි 7 අතර විශේෂයි. ඒ වගේම වැටීම් තැලීම් වගේ හදිසි අනතුරු, රහස් සතුරන්ගේ බලපෑම්වලින්ද ප‍්‍රවේශම් වීම වැදගත් බව කිව යුතුයි. කුජ දශා අන්තර් දශා ගත කරන අය විශේෂයි.

ශාන්ති කර්ම

බුද්ධ පූජා බෝධි පූජා තබා ශ‍්‍රී විෂ්ණු දෙවියන්ට සහ පත්තිනි මෑණියන්ට බාරහාර වීම හොඳයි. පූජා තබන විට නිල්පාට මල් වගේම මිශ‍්‍රපාට මල්, විවිධ පාට කොඩි, පූජා කරන්න. පලතුරු බීම, පූජාව හොඳයි. විවාහ ප‍්‍රමාද නම් පලතුරු 6 පූජාවක් තබා පත්තිනි දේවියට බාර වෙන්න. සිකුරාදා සහ බදාදා දිනවල මෙම පූජා තැබීම හා බාර හාර වීම හොඳයි. විශේෂ සුබ කටයුත්තක් ආරම්භ කරන වෙලාවට සුබ නැකත් අනුගමනය කරන්න. 

සුබ පාට මිශ‍්‍රලා පාට 

සුබ අංකය 6.

වෘශ්චික

ගුරු සමග බුධ ලග්නයේද රවි, ශනි දෙවැන්නේද කේතු තුනේද කුජ පහේද සඳු සිකුරු දොළහේද ගමන් ගනිමින් සිටින අතර රාහු නවයේ ගමන් කරද්දී නව වසර උදා වෙනවා. වෘශ්චික ලග්න හිමියන්ට මිශ‍්‍රඵල දායක කාලයක් බව පේනවා.

ගෘහ ජීවිතය

ඔබ ගත කරමින් සිටින්නේ සෙනසුරු ඒරාෂ්ටක අපලයක අග කොටසයි. මේ නිසා ගෙදර දොර කටයුතුවලට අධික වියදම් යෙදෙන්න ඉඩ තියනවා. මේ අතරේ වසර ආරම්භයේම අඹු - සැමි සබඳතා අලූත් වේවි. බිරිඳ නැත්නම් සැමියාගේ අගය වෙනදාටත් වඩා දැනේවි. ප‍්‍රමාද වෙමින් පැවැති මංගල යෝජනා නැවත ක‍්‍රියාත්මක වේවි. පෙම් සබඳතා මංගල යෝජනා ස්ථීර වෙන තැනටත් කටයුතු යෙදෙන බව පේනවා. අනාගතය පිළිබඳව වෙනදාට වඩා හිත යොමු වෙන කාලයක්. ඔබලා දරුවෙක් බලාපොරොත්තුවෙන් හිටිය නම් දරු ලාභ ලැබෙන්නත් ඉඩ තියන බවයි පේන්නේ. දරුවන්ගේ දියුණුව වෙනුවෙන් කරන කටයුතු සාර්ථක වේවි. දරුවෙක් වෙනුවෙන් අමතර වෙහෙසත් දරන්නත් සිදුවෙන බව වසර ආරම්භයේ දී පෙන්වනවා. නිවාස ඉදිකිරීම් වගේ දේවල්වලදී සේවක ගැටලූ ඇති වෙන්න ඉඩ තියෙනවා. මාර්තු 29 අපේ‍්‍රල් 23 අතරේ ගුරු බලවත්ව ගමන් කරන කාලය ඔබට විශේෂ සුබඵල ඇති කරනවා. ඒ කාලයේදී හිතේ පැවැති බලාපොරොත්තු රාශියක් ඉටු කරගන්න ශක්තිය ලැබෙනවා.

පවුලේ දියුණුවට ආරම්භ කරන කටයුතුවලටත් අපේ්‍්‍රල් මාසය සුබදායකයි. උසස් අයගේ උදව් උපකාර ලැබීමත් උත්සාහය සහ උනන්දුව ඉහළයෑමත් නිසා බාධා ජයගැනීමට හැකියාව ලැබෙන බවත් පේනවා. විශේෂ සුබ කටයුතු ආරම්භ කරනවා නම් මේ කාලයත් අගෝස්තු 15 ඔක්තෝබර් 15 අතරත් ඔබට ගැලපෙන ප‍්‍රතිඵලදායක සුබ නැකත් උදාවෙනවා.

අපේ‍්‍රල් 16 මැයි 10 අතර කාලය වෘශ්චික ලග්නය හිමි ඔබේ විවාහ මංගල කටයුතුවලට සුබදායකයි. එහෙම නැත්නම් ජුනි මාසයේත් ඔබට මංගල කටයුතු සඳහා ගැලපෙන සුබ නැකත් උදාවෙනවා. ඔබේ දරුවෙකුගේ විවාහ කටයුතුවලටත් මේ කාලය සුබපලදායක වේවි. මැයි 7 ජුනි 22 අතර නම් ඔබේ විශේෂ සුබ කටයුතුවලදී ප‍්‍රවේශම් වීමට වගබලාගන්න.

රැකියා ව්‍යාපාර

වෘශ්චික ලග්න හිමියන්ට රැුකියා අංශවල ප‍්‍රගතියක් අපේ‍්‍රල් 15 මැයි 15 අතර දකින්න ලැබේවි. ඒ වගේම රවි ග‍්‍රහයා දිග්බල ගමන් කරන අගෝස්තු 15 සැප්තැම්බර් 15 අතරත් විශේෂ සුබඵල උදාවෙයි. ඒ කාලයේ ඔබේ තනතුරු නැත්නම් තත්ත්වයේ උසස් වීමත් වගේ දේකට ඉඩකඩ තියනවා. සමාජය තුළත් ඔබ පිළිබඳ සැලකිල්ල ඉහළ යයි. ඔක්තෝබර් 15 දක්වාම රැුකියා ව්‍යාපාරවලට සුබයි. අපේ‍්‍රල් 16 මැයි 10 අතර නව ව්‍යාපාර ආරම්භයට ගැලපෙනවා.

ධනය

ආදායම් මාර්ගවල සුබඵලදායක තත්ත්වයක් පෙන්වනවා වුණත් වියදම් පාලනය කර ගැනීම නම් අවශ්‍ය වෙනවා. අපේ‍්‍රල් මාසයත් ජුනි මාසයත් ඇතුළත ඔබේ ධනයේ සැලකිය යුතු වර්ධනයක් ඇතිවේවි. ව්‍යාපාරවලින් ලැබෙන ආදායම් ඉහළ යයි.

අධ්‍යාපනය

විභාගවලින් සමත් වෙන්නත් අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගන්නත් සුදුසු ග‍්‍රහබලයක් මේ වසරේ වෘශ්චික ලග්න හිමියන්ට උදා වෙනවා. විශේෂයෙන් වෛi, නීති, අංශවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වසර මුල ශුභයි. සෞන්දර්ය කලා අංශවල අයට අපේ‍්‍රල් 16 සිට විශේෂ සුබඵල උදාකරන බව පේනවා. ඒ වුණත් රාහු දශා අන්තර් දශා ගත කරන අයගේ හිතේ චංචල බව, අමතක වීම, චිත්ත ඒකාග‍්‍රතාවට බාධා ඇති වෙන්න ඉඩ තියනවා. මේ නිසා දෛනික වැඩ කටයුතු කරනකොට දවසේ එකම වේලාවක එක දෙයක් කරන විදිහට කාලසටහන් හදල ඒ අනුව කටයුතු කරන්න උනන්දු වෙන්න.

අධ්‍යාපන කටයුතුවල විශේෂ ප‍්‍රගතියක් අපේ‍්‍රල් මාසය තුළ ඇති වේවා. අලූත් අධ්‍යාපන පාඨමාලාවක් හදාරන්න පටන් ගන්නත් මේ මාසය සුබපලදායකයි.

වෘශ්චික හිමි දරුවන්ට අකුරු කියවීමට අපේ‍්‍රල් මාසය මැයි 15 දක්වා සුබයි. ඒ වගේම සැප්තැම්බර් මාසයේ 11 ත් 29 අතර අකුරු කියවීමට ගැලපෙන සරස්වතී යෝග උදාවෙනවා.

සෞඛ්‍ය තත්ත්වය

සෙනසුරු ඒරාෂ්ටක සහ ශනි දශා ගත කරන අය සෙම් රෝග වාතාබාධ වලින් ප‍්‍රවේශම් වෙන්න. වතුරෙන් ප‍්‍රවේශම් වෙන්න. මාර්තු 7 දිනට පසුව රාහු ඔබේ කේන්ද්‍රයේ අට වැන්නට මාරු වෙනවා. ගැස්ට‍්‍රයිටීස් උදරාබාධ ආශ‍්‍රිත හිසේ රෝග වගේ සෞඛ්‍ය ප‍්‍රශ්නවලින් ප‍්‍රවේශම් වීමට මතක තියා ගන්න. තෙම්පරාදු ආහාර අඩු කරන්න.

ශාන්තිකර්ම

බුද්ධ පූජා, බෝධි පූජා තබා ශ‍්‍රී විෂ්ණු දෙවියන්ට බාරහාර වීම, අසරණ දුප්පත් අයට උදව් උපකාර කිරීම, යාචක දානය, කපුටු දානය ඔබට ගැළපෙනවා. සෙනසුරාදා දිනවල හොඳයි. පූජා තබන විට ගිතෙල් මිශ‍්‍ර කිරිබත්, ගිතෙල් පහන්, නිල් කොඩි පූජා කරන්න. කරණීයමෙත්ත සූත‍්‍රය, ඛන්ද පිරිත, සූරිය පිරිත කියන්න. දිනපතාම මෛත‍්‍රි භාවනාව ටික වේලාවක්වත් කරන්න. ඒකට ආගම මොකක් උනත් කමක් නෑ.

සුබ පාට සුදු/ ක‍්‍රීම් - සුබ අංකය 2

ධනු

ගුරු සමග බුධ දොළහේද රවි ශනි ලග්නයේ ද කේතු දෙකේද කුජ හතරේද සිකුරු සමග සඳු එකොළහේ ද ගමන් කරමින් උදාවන නව වසර ධනු ලග්න හිමියන්ට සුබාසුබ මිශ‍්‍රඵලදායක බව පෙන්වනවා. ලග්න ඒරාෂ්ටක අපලයක් ද පවතින නිසා කල්පනාකාරීව කටයුතු කළ යුතු කාලයක් බව පේනවා.

ගෘහ ජීවිතය

වසර ආරම්භයේ නිතර නිවසින් බැහැරව යෑමට සිදුවිය හැකියි. මේ අතර විදේශ ගමනක් හෝ දුර ගමනක් යෙදෙන්නත් ඉඩකඩ තියනවා. ගෙදර දියුණුවට කරන කටයුතුවලට අනපේක්‍ෂිත බාධා ඇති වෙන්න ඉඩ තියෙන බවක් පේනවා. පසුගිය කාලයේ ඔබ විසින් කරනු ලැබූ යම් යම් දේවල් ගැන පසුතැවිල්ලක් ඇතිවෙන්න පුළුවනි. බිරිඳ හෝ සැමියාටත් දුර ගමන් යෙදේවි. අඹු - සැමි අමනාපකම් ඇති වෙන්නත් පුළුවනි. තවම විවාහ වෙලා නැති ධනු ලග්න හිමියන්ට ජුනි මාසය දක්වා විවාහ යෝජනාවලට බාධා ඇති වෙන්න පුළුවනි. අපේ‍්‍රල් මාසයේ ගුරු ලග්නගතව ගමන් කරන කාලය තරමක් සුබයි. පෙබරවාරි 5 මාර්තු 22 අතර දරුවන් වෙනුවෙන් අමතර වෙහෙසක් දරන්න සිදුවේවි. අපේ‍්‍රල් 15 මැයි 15 අතර කාලයත් දරුවන්ගේ දියුණුව ඇති වෙන කාලයක් බව පේනවා. ඒ කාලය පෙම්වතුන්ටත් සුබදායකයි. මැයි 15 ජුනි 15 අතර කාලය ඔබට තරගකරුවන් පරාජය කරන්න පුළුවන් වේවි. සතුරන්ගෙන් ජය ලැබෙන කාලයක් වේවි. අගෝස්තු 15 සිට නොවැම්බර් 15 අතර කාලය ඔබේ තනතුරු උසස්වීම් ලැබෙන්න ඉඩ ඇති බව පේනවා. ඒ කාලය තුළ සමාජයේ ඔබ පිළිබඳව තිබූ ගෞරවය වැඩි වෙයි. ඔබේ නායකත්ව ගතිගුණ ඉස්මතු වෙයි. සැප්තැම්බර් 25 නොවැම්බර් 10 අතර කාලය ඔබේ උත්සාහය උනන්දුව ඉහළ යයි. දරුවෙකුගේ රැකියා ප‍්‍රශ්නයකට විසඳුම් ලැබෙයි. පෙම් සබඳතා ස්ථිර වෙයි. ආයෝජන වලින් ලාබ ලැබෙයි. ජුලි 15 අගෝස්තු 15 අතර කාලය ප‍්‍රවේශමින් කටයුතු කරන්න. නීතිමය ගැටලූ, උසස් කෙනෙකු හෝ වැඩිහිටියකු අමනාප වීම වගේ ගැටලූ ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ කාලය ඇතුළත සුබ කටයුතු යොදා ගන්න එපා.

රැකියා ව්‍යාපාර

ශනි ලග්නගතව ගමන් ගනිමින් දහවැන්නට අශුභ දෘෂ්ටියක් ඇති කරන නිසා ඔබේ රැකියා හෝ ව්‍යාපාර අංශවල සේවක පක්‍ෂයේ ගැටලූ ඇති වෙන්න ඉඩ තියෙන බව පේනවා. තමන්ට වඩා ජ්‍යෙෂ්ඨ උසස් අයට වඩා සේවක පක්‍ෂයෙන් ප‍්‍රශ්න ඇති වෙන්න පුළුවනි. මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න. මුදල් පාලනය, දේශපාලනය, කම්කරු පාලනය, වගකීම් දැරීම ඉතා කල්පනාකාරීව කළ යුතුයි.

පෙබරවාරි 15 සිට උදාවන මාසය ඔබට උසස් අයගේ ආධාර උපකාර ලබන්න පුළුවන් වේවි. චිත්ත ධෛර්යය ඉහළ මට්ටමක පවතී. සැප්තැම්බර් 15 නොවැම්බර් 15 අතරත් ඔබේ රැකියා හෝ ව්‍යාපාර අංශවල දියුණුව ඇති වේවි. රාජ්‍ය අංශයේ, නීතිමය අංශවල උදව් උපකාර ලැබේවි. අපේ‍්‍රල් 16 මැයි 10 අතර කාලය ව්‍යාපාර වලින් ලැබෙන ආදායම් සතුටුදායක වේවි. ඔක්තෝබර් 4 - 27 අතරත් ව්‍යාපාරවලට සුබදායකයි.

ධනය

ආදායම් තත්ත්වය යහපත් වුවත්, වියදම් ඉහළ යන බව පේනවා. විශේෂයෙන් මාර්තු මැද දක්වා ඔබට ඉතිරි කර ගැනීමට නොහැකි තරමට වියදම් ඉහළ යන බව පේනවා. මේ නිසා පවුලේ වියදම් ගැන සැලකිලිමත් වන්න. ආදායම් මාර්ගවල සතුටුදායක තත්ත්වයන් අපේ‍්‍රල් 16 වෙනිදා සිට ඇතිවෙනවා. ආයෝජනවලින් ලාබ ලැබෙනවා. පවුලේ දියුණුවට කරන වියදම් ඉහළ යන බවක් පේනවා. විදේශ ගමන් වෙනුවෙන් අමතර වියදමක් දරන්න සිදුවිය හැකියි.

අධ්‍යාපනය

වසර ආරම්භය අධ්‍යාපන කටයුතුවලට සුබපලදායකයි. මූලික අධ්‍යාපන කටයුතු කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පෙබරවාරි 5 මාර්තු 22 අතර සුබයි. විභාගවලින් සමර්ථ වෙයි. උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පෙබරවාරි 15 - මාර්තු 15 අතරත්, අගෝස්තු 15 සිට උදාවන මාස 3 ක කාලයක් සුබපල දායක බව පේනවා. ධනු ලග්න හිමි කුඩා දරුවන්ට අකුරු කියවීමට ජුනි 2 - 21 අතරත්, සැප්තැම්බර් 11- 29 අතරත් ඉතා සුබ නැකත් වේලාවන් උදාවෙනවා.

සෞඛ්‍ය තත්ත්වය

ධනු ලග්න හිමියන් මේ වසර තුළදී සෞඛ්‍ය තත්ත්වය ගැන විශේෂ සැලකිල්ලක් යොමු කිරීම වැදගත් වෙනවා. සෙම් රෝග, වාතාබාධ ශරීරයේ පෝෂණ ඌනතා නිසා ඇතිවන ගැටලූ මෙන්ම ගැස්ට‍්‍රයිටීස් රෝගයෙන් ද ප‍්‍රවේශම් වීම අවශ්‍යයි. නිසි වේලාවට ප‍්‍රතිකාර ගන්න. ශනි, රාහු, කේතු, දශා ගත කරන අය විශේෂයි.

ශාන්තිකර්ම

ශනි ඒරාෂ්ටක අපලයන් ගත කරන නිසා ඊට අදාළ ග‍්‍රහ ශාන්තිකර්ම කර ගැනීම අවශ්‍යයි. බුද්ධ පූජා, බෝධි පූජා තබා ශ‍්‍රී විෂ්ණු දෙවියන්ට බාරහාර වෙන්න. පූජා තබන විට සෙනසුරාදා දින වඩාත් හොඳයි. නිල්මල්, නිල් කොඩි, බෞද්ධ කොඩි, තල සමග ගිතෙල් මුසුකළ කිරිබත්, ගිතෙල් පහන් පූජා කරන්න. කරණීයමෙත්ත සූත‍්‍රය කියා ටික වේලාවක්වත් මෙත් වඩන්න. සුබ කටයුතුවලදී සුබ නැකත් බලා කටයුතු කරන්න. රාහු දශා ගත කරන අය වැටකේ මල් පූජා කර ඛන්ද පිරිත කියන්න. වැඩිහිටි නිවාසයන්ට දානයක් දෙන්න. මේ අපල දුරු වේවි.

සුබ පාට - දිලෙන සුදු - සුබ අංකය 1

මකර

ලග්නාධිපති සෙනසුරු සමග රවි දොළහේත් කේතු ලග්නයේත් කුජ තුනේත් රාහු හතේත් සිකුරු සමග සඳු දහයේත්, ගුරු බුධ එකොළහේත් ගමන් කරමින් නව වසර උදාවෙනවා. මිශ‍්‍රපලදායක තත්ත්වයක් පෙන්වනවා. උත්සාහවන්තයා ජය ගනී යන්න ආදර්ශ පාඨය කර ගත්තොත් මේ වසර ජය ගන්න අමාරු වෙන එකක් නෑ.

ගෘහ ජීවිතය

ලග්නාධිපති ශනි දොළහේ ගමන් කරන නිසා ඔබ සාර්ථකව කරගත් කටයුතුවලට අනපේක්‍ෂිත කරදර බාධා ඇතිවෙන්න ඉඩ තියෙනවා. සමහර දේවල් කල් දමන්නත් සිදුවේවි. පවුලේ දියුණුවට කරන දේවල් සමහර විට නිරර්ථක වෙන්නත් පුළුවනි. අඹු - සැමියන් අතර ආරවුල් මතභේද ඇතිවෙන අවස්ථාත් උදාවෙන්න ඉඩ තියෙනවා. පෙබරවාරි 5 සිට මාර්තු 22 අතර කාලය ගෘහ ජීවිතය දියුණුවට දැඩි උනන්දුවකින් කටයුතු කරන කාලයක් බව පේනවා.

මකර ලග්න හිමියන්ගේ කේන්ද්‍රයෙන් හතර වැන්නේ කුජ ගමන් කරන මේ කාලය ඉක්මනින් කෝපවීම හා කලබලවීම නිසා පවුලේ අය අමනාප වෙන්නත් ඉඩ තියෙන බව මතක තබා ගන්න. ඉඩම් ගෙවල් පිළිබඳ ආරවුල් ඇති වෙන්නත් ඉඩ තියෙනවා. දරුවන්ගේ දියුණුවට කරන දේවල් නම් සාර්ථක වෙයි. දරුවකුගේ උසස්වීමක් ගැන අහන්න ලැබෙයි. අපේ‍්‍රල් 16 මැයි 10 අතරේ අසල්වාසීන් සහ සහෝදරයන් සමඟ පැවැති සබඳතා අලූත් වෙයි. සුහදබව ඇති වෙයි. දරුවන්ගේ දියුණුවට ඔබේ සහෝදරයන්ගේ උදව් ලැබෙයි. ජුනි 4 - 29 අතර පෙම් සබඳතා ස්ථිර වෙයි. මංගල යෝජනා ස්ථිර වෙයි. විනෝදයෙන් කල්ගත කරන්නත් ලැබේවි. ඔක්තෝබර් මාසයේ ඔබ වැඩියෙන් ආගම දහමට යොමුවෙයි. ඔක්තෝබර් මාසයේ ඉඳල කරන කියන බොහෝ දේවල් සාර්ථක කර ගන්නත් හැකියාව ලැබෙයි.

රැකියා ව්‍යාපාර

බ‍්‍රහස්පති හෙවත් ගුරු සමග බුධ එකොළොස්වැන්නේ ගමන් කරමින් සිටින නිසා

රැුකියා සහ ව්‍යාපාර අංශවල සුබපලදායක බවක් පේනවා. යහළු යෙහෙළියන් සමග රැුකියා හෝ ව්‍යාපාර කටයුතු සතුටින් කරගෙන යන්න පුළුවන් වෙයි. රැුකියා ආශ‍්‍රිතව අලූත් හිතමිතුරන් පිරිසකුත් ඇතිවෙයි. යහපත් මිතුරු මිතුරියන් හඳුනාගන්න අවස්ථා උදාවෙයි. ව්‍යාපාරවලින් බලාපොරොත්තු වන ආදායම් ලබා ගන්න අපහසු වෙන එකක් නෑ. මේ අතර ශනි දුර්වලව ගමන් කරන නිසා සේවක ගැටලූ වගේම සේවකයන් නිසා පාඩු සිද්ධ වෙන්නත් ඉඩ තියෙනවා. අපේ‍්‍රල් 16 මැයි 10 අතරත් ජුනි 4 - 29 අතරත් ඔබට ව්‍යාපාර ආරම්භයට සුබ නැකත් උදාවෙනවා. ඒ අනුව සැලසුම් කරගන්න.

ධනය 

ආදායම්වල තත්ත්වය සතුටුදායකයි. ඒ උනත් වියදම් ඉහළ යන බවක් පේනවා. තැන්පත් මුදල් පවා පවුලේ වියදම් වෙනුවෙන් වැය වෙන්න ඉඩ තියෙනවා. මේ නිසා වියදම් පාලනය කර ගැනීමට සැලකිලිමත් වෙන්න. කොහොම උනත් ඔබේ වැටුප් වැඩිවීමකටත් මේ වසර තුළ ඉඩ තියෙන බව පේනවා.

අධ්‍යාපනය 

අධ්‍යාපන කටයුතු නම් සාර්ථකව කරගෙන යන්න ඉඩ ලැබේවි. විභාගවලින් සමර්ථ වෙයි. යහපත් දක්‍ෂ ගුරුවරුන්ගේ ඇසුර ලැබෙයි. ඒ උනත් ශනි දශා ගත කරන අයට වැඩ කල් දැමීම, කම්මැලිකම, නිදිමත වගේ බාධා ඇතිවෙන්න ඉඩ තියෙනවා. මේ නිසා උත්සාහය උනන්දුව අත්හරින්න නම් එපා. දිරිමත්ව කටයුතු කළොත් අධ්‍යාපනය සාර්ථක කර ගන්න අමාරු නැති බව පේනවා. මකර හිමි කුඩා දරුවන්ට අකුරු කියවීමට සැප්තැම්බර් 11 - 29 අතර ඉතා සුබ නැකත් යෙදෙනවා. මේ අනුව සැලසුම් කර ගන්න.

සෞඛ්‍ය තත්ත්වය

ශනි ඒරාෂ්ටක අපල තත්ත්වය රාහු හා කේතු ගේ බලපෑමත් ඔබට සෞඛ්‍ය ගැටලූ ඇති විය හැකි බව පෙන්නනවා. සෙම් රෝග, උදරාබාධ ආශ‍්‍රිත හිසේ රෝග, හිත දුර්වලවීම හා පෝෂණ ගැටලූ මේ අතර විශේෂයි. ශනි දශා ගත කරන අය වතුරෙන් ප‍්‍රවේශම් වෙන්න. කේතු දශා ගත කරන අය යකඩ, විටමින්, අඩංගු ආහාර ගන්න රාහු දශා ගත කරන අය තෙම්පරාදු ආහාර සීමා කරන්න. ජලය පානය අතපසු කරන්න එපා.

ශාන්ති කර්ම

බුද්ධ පූජා, බෝධි පූජා තබා ශ‍්‍රී විෂ්ණු, කතරගම දෙවිවරුන්ට බාරවීම හොඳයි. කේතු දශා ගත කරන අයට ඖෂධ පූජාව චතුමධුර පූජාව ගැළපෙනවා. රාහු දශා ගත කරනවා නම් පූජාවට වැටකේ මල් එකතු කරන්න. මොන ආගමකට අයත් කෙනෙක් උනත් කමක් නෑ ‘‘මම වගේම සියලූ දෙනාම සුවපත් වේවා’’ කියල දවසට දෙවරක් ටික වේලාවක් මෛත‍්‍රී භාවනාව කරන්න. සුබ නැකත් අනුගමනය කරන්න.

සුබ පාට ලා කොළ - සුබ අංකය 4

කුම්භ

කුම්භ ලග්න හිමියන්ගේ ලග්නාධිපති ශනි රවි සමග දොළහේත් ගුරු බුධ දහයේත් සිකුරු සමග සඳු නමයේත්, කුජ දෙකේත් රාහු හයේත් ගමන් කරමින් තිබියදී නව වසර උදාවනවා. කුම්භ ලග්න හිමියන්ට උදාවන වසර ජයග‍්‍රාහී වසරක් වේවි. හැබැයි අරමුණු සහ ඉලක්ක තිබීමත් උත්සාහයත් අවශ්‍යයි.

ගෘහ ජීවිතය

වසර ආරම්භයේ නිවසේ, පවුලේ දියුණුවට කරන කටයුතුවලින් සාර්ථක ප‍්‍රතිඵල ලබන්න හැකිවේවි. වාහන ලාභ, දේපල ලාභ තිබෙන බව පේනවා. ආගම දහමට හිත යොමුවෙයි. සමහර විට දඹදිව වගේ දුර වන්දනා ගමනක් යන්නත් අවස්ථා උදා වේවි. මවුපියන්ටත් සුබපලදායකයි. නිවාස ඉදිකිරීම්වලටත් සුබයි. කුම්භ ලග්නය හිමි අවිවාහක තරුණ තරුණියන්ට මංගල යෝග උදාවෙයි. පෙම් සබඳතා ස්ථිර වෙයි. විවාහකයන්ගේ අඹු - සැමි සමගිය වැඩිවෙයි. අමනාප දුරුවෙයි. දරුවන් වෙනුවෙන් ඔබ දරන වෑයම ගැන සතුටු වෙන්නත් පුළුවන් වෙයි. දරුවෙකුගේ විශේෂ දියුණුක් ගැන දැනගන්න ලැබෙයි. උසස් අයගේ උදව් උපකාරත් ලැබෙයි.

මිතුරු මිතුරියන් එක්ක සතුටින් කාලය ගත වෙයි. අලූත් යහපත් මිතුරු මිතුරියන් හඳුනාගන්න ලැබෙයි. බිරිඳ හෝ සැමියාගේ රැුකියා ප‍්‍රශ්නයකට විසඳුම් ලැබෙයි. ඔබ ගොවිතැන් කටයුතු කරනවා නම් කෘෂිකර්ම අංශයට සම්බන්ධව කටයුතු කරන කෙනෙක් නම් ඒවායිනුත් සාර්ථක ප‍්‍රතිඵල අත්වෙයි. වැඩිමහල් සහෝදරයකුට සුබදායකයි. සහෝදරයන් එක්ක තිබුණු අමනාප දුරු වෙයි. සමගිය ඇතිවෙයි.

අපේ‍්‍රල් 16 මැයි 10 අතර කාලය ඔබේ පවුලේ විශේෂ දියුණුවක් ඇති වෙයි. ජුනි මාසය පවුලේ අය සමග සතුටින් කල් ගත කරන කාලයක් මේ කාලයේ ගෙදර ප‍්‍රීතිමත් උත්සවයක් පවත්වන්නට ඉඩ තියෙනවා. මංගල උත්සවවලටත් සම්බන්ධ වෙන්න සිදුවෙයි.

රැකියා ව්‍යාපාර

කුම්භ ලග්න හිමියන්ට සේවක සේවිකාවන්ගේ සහයෝගය නොඅඩුව ලැබෙන නිසා ව්‍යාපාර සහ රැුකියා අංශවල කටයුතු සාර්ථකව කරන්න හැකි වෙනවා. වසර මුල් කාලය රැුකියාවලට සුබයි. උසස් අයගෙන් රැුකියා අංශවල ප‍්‍රධානීන්ගේත් උදව් උපකාර ලැබෙයි. කුම්භ හිමි ව්‍යපාර කරන අයට ව්‍යාපාර සාර්ථක කර ගන්න පුළුවන් වෙයි. විශේෂයෙන් සිකුරු උච්චව ඔබේ ධනස්ථානය බලවත් කරන අපේ‍්‍රල් 16 හා මැයි 10 අතර කාලය නව ව්‍යාපාර ආරම්භ කරන්නත් සුබපලදායකයි. ඒ වගේම විදේශ රැුකියා ගැන බලාපොරොත්තුවක් තිබුණා නම් ඒවා සාර්ථක වෙයි. විදේශ රැුකියාවල යෙදෙන අයට සුබදායකයි. පෙබරවාරි 5 මාර්තු 22 අතර කාලය රැුකියා ව්‍යාපාරවල උනන්දුව උෙiා්ගය ඉහළ යයි. බාධා ජය ගනීවි. ජුනි මාසය ස්වයං රැුකියා, ගෘහාශි‍්‍රත කර්මාන්ත කරන අයගේ ආදායම් ඉහළ යයි.

ධනය

සතුටුදායක ආදායම් තත්ත්වයක් තිබෙන බව පෙනෙනවා. කල්පනාකාරීව කටයුතු කළොත් ඉතිරියක් කර ගන්නත් හැකි වේවි. විශේෂයෙන් ලබන අපේ‍්‍රල් මාසයත් ජුනි මාසයත් ඔබේ ආදායම්වල සතුටුදායක වර්ධනයක් ඇති කරන බව පෙනෙනවා. ඉඩම් ගෙවල් නිශ්චල ධනය පිළිබඳව දියුණුවකුත් මේ කාලයේ උදාවෙනවා.

අධ්‍යාපනය

කලා, ඉංජිනේරු, ගණිතය වගේම වෛi ශිෂ්‍යයන්ටත් මේ වසර තුළ තම අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්න මග පෑදෙනවා. යහළු යෙහෙළියන්ගේ උදව් වගේම යහපත් ගුරුවරුන්ගේ සහයෝගයත් ලැබේවි. මේ අතරේ විනෝදයට බර නොවී විනෝදය පාලනය කර ගැනීම ගැනත් සැලකිලිමත් වෙන්න.

ජුනි 2 - 21 අතර කාලය කුම්භ හිමි කුඩා ¥ දරුවන්ට අකුරු කියවීමට සුබ නැකත් උදා වෙනවා. ඔබේ හෝ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කේන්‍ද්‍රය අනුව සැලසුම් කරගන්න.

සෞඛ්‍යය

රාහු දශා ගත කරන අයට බහිස‍්‍රාවය පද්ධතියේ ගැටලූ, බඩවැල් සිහින් වීම. බඩ වියළීම, ආම්ලිකතාවය වැනි ගැටලූ ඇති වෙන්නත් අතුරු දශා ගත කරන අයට ඔසප් දෝෂ, සිහිනෙන් බයවීම, ශරීරයේ යකඩ ඌනතාවය නිසා ඇතිවන අසනීපවලට හේතු තියෙනවා. මේ ගැන සැලකිලිමත් වෙන්න. තෙම්පරාදු ආහාර අඩු කරන්න. පෝෂණය ගැන සිතා ආහාර ගන්න.

ශාන්ති කර්ම

දිනපතා බුද්ධ වන්දනා කර කරණීයමෙත්ත සූත‍්‍රය චන්ද පරිත්ත, සූරිය පරිත්ත කියන පිරිත් භාවිත කරන්න. බුද්ධ පූජාවන් තබා ශ‍්‍රී විෂ්ණු කතරගම දෙවිවරුන්ට පින් දෙන්න. සබ්බපාපස්ස යන්ත‍්‍රය අභිසම්භිධාන යන්ත‍්‍රය වගේ යන්ත‍්‍ර පැළඳීමත් සුබදායකයි.

සුබ පාට - දම්, ලා රතු - සුබ අංකය 05, 09

මීන

ඔබේ ලග්නාධිපති ගුරු සමග බුධ භාග්‍යස්ථානයේත්, රවි ශනි දහ වැන්නේත් සිකුරු සමග සඳු අටේත් කුජ ලග්නයේ හා රාහු පහේත් ගමන් කරමින් මේ වසර උදාවෙනවා. මීන ලග්න හිමි ඔබට උදාවන වසර වාසනාව උදාවෙන වසරක් බව කිව හැකියි. සුළු සුළු බාධා පමණයි පෙන්වන්නේ.

ගෘහ ජීවිතය

වසර ආරම්භය ගෘහ ජීවිතයේ දියුණුවට කරන කටයුතුවලින් සාර්ථක බවක් බලාපොරොත්තු වෙන්න පුළුවනි. පෙර පින, දෙවි පිහිට බලපාන නිසා පිරිසිදු සිතින් කරන බොහෝදේ සාර්ථක කර ගන්න හැකි වේවි. නතර වෙලා තිබුණු නිවාස ඉදිකිරීම් වගේ දේවල් නැවත ආරම්භ වේවි. කෘෂිකාර්මික කටයුතුවලටත් සුබයි. ගෙදර දියුණුවට කරන දේවල්වලට උසස් අයගේ, නීතිමය අංශවල උපකාර ලැබෙන කාලයක් බව පේනවා. දරුවන්ගේ හා ශිෂ්‍යයන්ගේ දියුණුව දැකල සතුටුවෙන්න පුළුවන් වේවි. ආගම දහමට වගේම සමාජ සේවා කටයුතුවලට හිත ඇදිල යයි.

මීන ලග්න හිමියන්ට විදේශ ගමන්වලට පහසුකම් ලැබෙන බවක් පේනවා. විශේෂයෙන් දුර වන්දනා ගමන්, දඹදිව චාරිකා ගැන අදහසක් තිබුණ නම් මේ වසර ඒවාට අවශ්‍ය පහසුකම් ලැබෙයි. වටිනා උගත් ගුරුවරුන් වගේම පූජ්‍ය පක්‍ෂයේ උතුමන්ගේ ඇසුර ලැබෙන්න උනත් ඉඩ තියෙනවා. අසනිපවලින් සුවය ලැබෙයි. බිරිඳ නැත්නම් සැමියාටත් සුබපල පෙන්වනවා. ඔබ තවමත් අවිවාහක නම් මංගල යෝජනා පිළිබඳ කටයුතුවලටත් ගැළපෙනවා. මංගල යෝග උදා වෙයි. හැබැයි මාර්තු මාසෙ මැද වගේ වෙනකල් පෙම් සබඳතාවලට බාධා ඇති බව පේනවා. නිවාස වල කටයුතු නම් මාර්තුවලට ඉස්සර වෙලා ආරම්භ කරන්න. අගෝස්තු - සැප්තැම්බර් ඔබේ දියුණුවට කරන බොහෝ දේ සාර්ථක වෙයි. ඔක්තෝබර් 15, නොවැම්බර් 15 අතර නම් විශේෂ සුබ කටයුතු ආරම්භ කරන්න හොඳ නෑ. ඒ මාසය මඟහරින්න.

රැකියා ව්‍යාපාර

වසරේ මුල් මාස දෙක රැුකියා දියුණුව ඇති කරයි. නව රැුකියා අවස්ථා උදාවෙයි. මැයි 15 ජුනි 15 අතරත්, අගෝස්තු 15 සැප්තැම්බර් 15 අතරත්, රැුකියා ලාභ ඇති කරනවා. අපේ‍්‍රල් 16 මැයි 10 අතර ව්‍යාපාරවලට සුබයි. ජුනි මාසයත් ව්‍යාපාරවලට සතුටුදායකයි. සේවක ගැටලූ ගැන ටිකක් සැලකිලිමත් වන්න.

ධනය 

ආදායම් සතුටුදායකයි. ඒ උනත් පෙබරවාරි 5 මාර්තු 22 අතර නම් වියදම් ඉහළ යන බව පේනවා. ජුනි ජූලි වල ගොවිතැන්වලින් ලබන ආදායම් ඉහළ යයි. දරුවන් වෙනුවෙන් අමතර මුදලක් වැය කරන්න සිදුවේවි. මාර්තු මාසය පහුවෙනකල් මුදල් ආයෝජනය කරන කොට දුරදිග බලා කටයුතු කරන්න. ඔක්තෝබර් 15 සිට නොවැම්බර් අග දක්වා වියදම් ඉහළ යන බව පේනවා.

අධ්‍යාපනය

ලග්නාධිපති ගුරු පුණ්‍ය ස්ථානයේ ගමන් කිරීම ඉගෙනීමට සුබදායකයි. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වෙයි. ගුරු ඇසුර යහපත් වෙයි. නව පාඨමාලා ඉගෙනීම ආරම්භ කරන්නත් හොඳ කාලයකි. මීන ලග්න හිමි දරුවන්ට අකුරු කියවීමට ජුනි මාසයෙත්, සැප්තැම්බර් මාසයේත් සරස්වතී යෝග යෙදෙනවා.

සෞඛ්‍යය 

ශරීර සෞඛ්‍ය තත්ත්වය බොහෝ දුරට යහපත් බව පේනවා. ඒ උනත් ලග්නාධිපති දුර්වල වෙන මාර්තු 29 අපේ‍්‍රල් 23 අතර කාලය දියවැඩියාව, කොලෙස්ටරෝල් අධික ස්ථුලභාවය වැනි රෝග තියෙනව නම් ප‍්‍රවේශම් වන්න. අධි පෝෂිත ආහාර, සීනි පිටි අධික ආහාරවලින් වගේම තෙල් අධික ආහාර අඩු කරන්න. ව්‍යායාම කිරීමත් අත්‍යවශ්‍යයි.

ශාන්තිකර්ම

බුද්ධපූජා, බෝධිපූජා තබා ප‍්‍රදේශාධිපති දෙවියන්ට බාරහාර වෙන්න. පූජා තියනකොට කහ කොඩි, කහමල්, චතුමධුර පූජාව හොඳයි. බ‍්‍රහස්පතින්දා දිනය සහ ගුරු හෝරාව ගැළපෙනවා. ගර්භණී මාතාවන්ට ආහාර පානවලින් සංග‍්‍රහ කිරීම, කුඩා දරුවන්ට උපකාර කිරීම හොඳයි. ධජග්ග, අන්තරාය නිවාරණ පිරිත් භාවිත කරන්න. බුදුගුණ භාවනාව කරන්න. බුදුගුණ යන්ත‍්‍රයක් පැළඳීම විශේෂයි.

සුබ පාට කහ තැඹිලි - සුබ අංකය 5

ඔබ සැමට උදාවන වසර සියලූ සිතුම් පැතුම් ඉටුවීමට තුණුරුවන්ගේ හා සියලූ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා.

කෑගල්ලේ -  සුනිල් කුමාර ගම්ලත්

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook