Featured News

Video Gossip

Advertisement

මාස 11 කට පසු ඇලෝසියස්ට පලිසේනට ඇප

මහ බැංකුවෙන් ලබාගත් රහස්‍ය තොරතුරු උපයෝගි කරගනිමින් මහ බැංකු බැඳුම්කර වෙන්දේසි දෙකකදී අයුතු ලෙස මුදල් උපයා ගැනීමේ චෝදනා යටතේ මාස 11 කට ආසන්න කාලයක් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි පර්පෙචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් හා එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන යන මහත්වරුන් දැඩි කොන්දේසි පනවා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (01 දා) නියෝග කළාය. 



කුමන ආකාරයේ බරපතළ චෝදනා එල්ල වී තිබුණත් නඩු විභාගයක්‌ පවත්වා වැරැදිකරුවන් කරනා තුරු සෑම සැකකරුවකුටම නිර්දෝෂ භාවයේ පූර්ව නිගමනය පවතින බව පෙන්වා දුන් ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරිය එම සැකකරුවන් දෙදෙනාට ඇප ලබා නොදෙන ලෙස ඉල්ලා නීතිපතිවරයා ඉදිරිපත් කළ විරෝධතා ප්‍රතික්‌ෂේප කරමින් එම නියෝගය කළාය. 
එම සැකකරුවන්ගේ බාල වියේ පසුවන දරුවන්ගේ රෝගී තත්ත්වයන් හා ඔවුන්ගේ බිරින්දැවරුන්ගේ රෝගී තත්ත්වයන් සුවිශේෂී කරුණු ලෙස සලකා ඔවුන් ඇප මත මුදාහැරීමට සිය අධිකරණය තීරණය කළ බව විවෘත අධිකරණය හමුවේ පෙන්වා දුන් ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරිය රුපියල් ලක්‌ෂ 10 බැගින් වූ මුදල් ඇප දෙකක්‌ හා රුපියල් ලක්‌ෂ 20 බැගින් වූ ශරීර ඇප අටක්‌ මත ඔවුන් මුදාහැරීමට නියෝග කළාය.

විදේශගත වීම වළක්‌වන නියෝගයක්‌ ද නිකුත් කළ මහෙස්‌ත්‍රාත්වරිය විදේශ ගමන් බලපත්‍ර අධිකරණය හමුවේ තැන්පත් කරනා ලෙසටත් සැකකරුවන්ට නියෝග කළාය. ඇප ලබා ගැනීමෙන් පසුව සෑම ඉරිදා දිනකම පෙරවරුවේ පෙනී සිටින ලෙසට ද එහිදී සැකකරුවන්ට නියෝග කළ මහෙස්‌ත්‍රාත්වරිය සැකකරුවන් වෙනුවෙන් ඇප වන ඇපකරුවන් අට දෙනා අතරින් සිවු දෙනකු ඔවුන්ගේ ඥතීන් විය යුතු බවටද කොන්දේසියක්‌ පනවනු ලැබුවාය.

පොදු දේපළ අයුතු ලෙස පරිහරණය කිරීමට ආධාර අනුබල දීමේ චෝදනා එල්ලවී ඇති එම සැකකරුවන් දෙදෙනා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කර තැබීම අයුක්‌ති සහගත බව තම අධීකරණයට පෙනීයන බව මහෙස්‌ත්‍රාත්වරිය පෙන්වා දුන්නාය. 

ඊයේ 1.54 ට එකී ඇප නියෝගය විවෘත අධිකරණය හමුවේදී ආරම්භ කළ මහෙස්‌ත්‍රාත්වරිය පැයකට ආසන්න කාලයක්‌ කියවාදීම සිදු කළාය. 

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර, රජයේ අධිනීතිඥ නදී සුවන්දුරුගොඩ, රජයේ අධිනීතිඥ උදාර කරුණාතිලක හා රජයේ අධිනීතිඥ චන්ද්‍රdනි වීරසූරිය ප්‍රමුඛ නීතිඥ මණ්‌ඩලයක්‌ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතර පොලිස්‌ පරීක්‍ෂක පී, අම්පාවිල, පොලිස්‌ පරීක්‍ෂිකා සංජීවනී ධර්මලතා, උප පොලිස්‌ පරීක්‍ෂක සුනිල් ජයවීර යන නිලධාරීහු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටියහ.

නීතිඥ අරවින්ද ගමගේ, සසිත ජයවර්ධන, ශාලිත අමරසේන, අසේල සේරසිංහ, දයාල් වන්නිආරච්චි, ජීවන්ත ජයතිලක හා අමිල පීරිස්‌ ප්‍රමුඛ නීතිඥ මණ්‌ඩලයක්‌ සමඟ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා විත්තිය නියෝජනය කළේය.




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements