Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results


වසරක්‌ ගෙවී නව වසරක්‌ උදාවී ඇත්තේය. වසර අවසානයේ දකුණේ දේශපාලනඥයින් රැසක්‌ සිටියේ ගම්බිම්වලට ගොස්‌ය. ඇතැමුන් විහාරස්‌ථානවලට ගොස්‌ නව වසර සඳහා ආශීර්වාද ලබා ගත්හ. මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂයන් ද ආගමික උත්සව කිහිපයකට සහභාගි වීම සඳහා තංගල්ලට පැමිණ සිටියේය. 

පල්ලේගම මෙහෙණි ආරාමයේ පැවති සංවත්සර උත්සවයට ද හිටපු ජනාධිපතිවරයා සහභාගි වූයේය. මෙම උත්සවය සඳහා දකුණු පළාත් සභාවේ සභාපති කේ. ඒ. සෝමවංශ, දකුණු පළාත් සභාවේ සභානායක අජිත් රාජපක්‌ෂ ඇතුළු පිරිසක්‌ ද එක්‌ව සිටියහ. එම ආගමික උත්සවයෙන් පසු හිටපු ජනාධිපතිවරයා දෙවුන්දර ප්‍රදේශයේ තම හිතවතකුගේ නිවසේ පැවති දානමය පිංකමකට ද සහභාගි විය. මේ සඳහා හිටපු ජනාධිපතිවරයා සමග දකුණු පළාත් සභාවේ සභාපති කේ. ඒ. සෝමවංශ ද එක්‌ව සිටියේය. හිටපු ජනාධිපතිවරයාගෙන් ආණ්‌ඩුව ගැන ඇතැමුන් ප්‍රශ්න කළහ. මේ ආණ්‌ඩුවට වැඩි දවසක්‌ දුවන්න බැහැ. ආණ්‌ඩුව ඇතුලේ අර්බුද. ආණ්‌ඩුවට බහුතරයක්‌ නැහැ. ඉදිරි අයවැයේදී මොකක්‌ හරි වෙන්නත් බැරි නැහැ. මේ ආණ්‌ඩුවට වැඩි ආයුෂ නැහැ. ආණ්‌ඩුව පෙරළන්න පුළුවන් පළමු අවස්‌ථාවේම ආණ්‌ඩුව පෙරළලා අපි ආණ්‌ඩු බලය ලබා ගන්නවා. හිටපු ජනාධිපතිවරයා එහි සිටි පිරිස සමග කීවේය. හිටපු ජනාධිපතිවරයාගේ කතාව සෝමවංශ සභාපතිවරයා ද අනුමත කළේය. සෝමවංශ හිටපු සභාපතිවරයා මහින්ද රාජපක්‌ෂයන්ගේ සමීප හිතවතෙකි. සෝමේ මාත් සමග අනුරාධපුරේ යමු හිටපු ජනාධිපතිවරයා සභාපතිවරයාට කිවේය. දානමය පිංකමට සහභාගි වූ හිටපු ජනාධිපතිවරයා හා සභාපතිවරයා කොග්ගලින් කුඩා ගුවන් යානයකින් අනුරාධපුර බලා පිටත්ව ගියහ. අනුරාධපුරයේ පැවති ආගමික උත්සවයකට සහභාගි වී ජය ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීමෙන් පසු එදින රාත්‍රි හිටපු ජනාධිපතිවරයා ගුවන් මගින් සභාපති කේ. එ. සෝමවංශ සමග මත්තලට පැමිණියේය. ඉකුත් වසරේ අවසන් දිනය වූ දෙසැම්බර් මස 31 වැනි දින ද හිටපු ජනාධිපතිවරයා ගත කළේ තංගල්ල කාල්ටන් නිවසේය. එදින තංගල්ල පරෙවි දුපත අසල වෙරළ තිරයේදී හිටපු ජනාධිපතිවරයා දිය නෑමට ද එක්‌ව සිටියේය. මෙහිදී වෙරළ තීරයට පැමිණි පිරිස සමග කතා බස්‌ කිරීමට ද හිටපු ජනාධිපතිවරයා අමතක කළේ නැත.

මාර්ග සංවර්ධන අධිකාරිය ගැන යළිත් කතාබහ

දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ පසුගිය කාලයේදී වූ දූෂණ වංචා රැසක්‌ දකුණු පළාත් ගිණුම් කාරක සභාවේදී අනාවරණය වී තිබිණි. මාර්ග සංවර්ධන අධිකාරිය සම්බන්ධයෙන් ගිණුම් කාරක සභාව මගින් සිදුකරනු ලැබූ විගණන වාර්තාවේ කෙටුම්පත පසුගිය පළාත් සභා රැස්‌වීමට ද ඉදිරිපත් කොට තිබිණි. මෙකී වාර්තාව මන්ත්‍රීවරුන් විසින් අධ්‍යයනය කොට ඒ සම්බන්ධව විවාදයක්‌ පවත්වා එය ඉදිරියේදී සම්මත කර ගැනීමට නියමිතව තිබේ. විගණන අංශය මගින් ද මේ සම්බන්ධව පළාත් සභාවේ අනුමැතිය ලබා ගන්නා ලෙස දන්වා ඇති බව ද වාර්තා වේ. මෙය පළාත් සභාවේදී සම්මත වීමෙන් පසු දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට විගණන වාර්තාව මගින් ලබා දී ඇති උපදෙස්‌ අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කිරිමට සිදුවේ. මාර්ග සංවර්ධන අධිකාරියේ බලධාරීන්ට ඉන් බැහැර වීමට නොහැකිය. මාර්ග සංවර්ධන අධිකාරියේ ක්‍රියකලාපය පිළිබඳ සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරුන් පවා කතාබහ කරන්නේ දැඩි අප්‍රසාදයෙනි. පසුගිය ආණ්‌ඩු පක්‌ෂ කණ්‌ඩායම් රැස්‌වීමේදී දකුණු පළාත් සභාවේ සභානායක අජිත් රාජපක්‌ෂ මන්ත්‍රීවරයා පළාත් ඇමැති චන්දිමා රාසපුත්‍රට මේ ගැන කීවේය. පල්ලේගම මෙහෙණ ආරාමයට යන මාර්ගයේ පැච් වගයක්‌ දමන්න කියලා අධිකාරියේ සාමාන්‍යධිකාරිතුමාට කීවා නමුත් වැඩේ කෙරුණේ නැහැ. ඔබතුමා අධ්‍යාපන අමාත්‍යාංශය ගැන සොයා බලනවා වගේ මහා මාර්ගය ගැනත් සොයා බලන්න අජිත් රාජපක්‌ෂ රාසපුත්‍ර ඇමැතිවරයාට කීවේය.

උසස්‌ පෙළ ප්‍රතිඵල

උසස්‌ පෙළ විභාගයට පෙනී සිටී අති බහුතරයක්‌ වූ සිසු දරු දැරියන් ප්‍රතිඵල දැන ගැනීම සඳහා ප්‍රතිඵල නිකුත් කළ දින රාත්‍රි නිදිවර්ජිතව සිටියහ. දකුණු පළාත් සභාවේ සන්ධානයේ මන්ත්‍රී අරුණ ගුණරත්න මන්ත්‍රීවරයා ද උසස්‌ පෙළ ප්‍රතිඵල ගැන විමසිල්ලෙන් සිටියේය. මක්‌නිසාදයත් අරුණ ගුණරත්න මන්ත්‍රීවරයාගේ පුතු මෙවර විද්‍යා විෂය ධාරාවෙන් අ. පො. ස. උසස්‌ පෙළ විභාගයට පෙනී සිටී බැවිනි. අරුණ ගුණරත්න මාතර ශාන්ත තෝමස්‌ විද්‍යාලයේ ආදි සිසුවෙකි. පුතු ද අකුරු කරන්නට යන්නේ මාතර ශාන්ත තෝමස්‌ විද්‍යාලයටය. අරුණ ගුණරත්න මන්ත්‍රීවරයාගේ පුතු විභාගය ඉහළින් සමත් වී තිබූ අතර වෛද්‍ය විද්‍යාලයට යැම සඳහා සුදුසුකම් ලබා තිබිණි. පුතුගේ ප්‍රතිඵලය ගැන අරුණ ගුණරත්න මන්ත්‍රීවරයා දැඩි සතුටට පත්ව ඇත්තේය. රාජපක්‌ෂවරුන් අරුණ ගුණරත්න මන්ත්‍රීවරයාගේ ඥාතින්ය. මන්ත්‍රීවරයාගේ දුරකථනයට සුබ පැතුම් ගලා ගෙන එන්නට විය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ, බැසිල් රාජපක්‌ෂ හා චමල් රාජපක්‌ෂ ද ඒ අතර විය. රාජපක්‌ෂවරුන් අරුණගේ ජංගම දුරකථනයට කතා කොට පුතුට සුබ පැතුම් එක්‌ කළේය.

දකුණේ මහ ඇමැති යළිත් ෂාන්ද?

දකුණු පළාත් සභාවේ නිල කාලය මෙම වර්ෂයේ අප්‍රේල් මාසයේ අවසන් වීමට නියමිතව තිබේ. දකුණු පළාත් මහ ඇමැති ෂාන් පිට පිට තුන් වතාවක්‌ දකුණු පළාතේ ප්‍රධාන ඇමැතිවරයා වශයෙන් කටයුතු කළේය. මහ ඇමැති ෂාන් ප්‍රධාන ඇමති ධුරය සඳහා නම් කරනු ලැබුවේ එක්‌ වතාවක්‌ පමණි. ඒ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරියගේ පාලන කාලයේය. පසුගිය දෙවතාවේදීම ෂාන් මහ ඇමැති වූයේ වැඩිම මනාප ලබා ගෙනය. ඒ අවස්‌ථා දෙකෙදීම මහ ඇමැති ධුරය විවෘතව තිබුණේය. ඔහුට එම දෙවතාවේදීම මහ ඇමැති ධුරය බන්දේසියක තබා දුන්නේ නැත. එහෙත් මෙවර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග ෂාන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම සඳහා සූදානමින් සිටියේය. ඉදිරියේදී එන්නේ පළාත් සභා මැතිවරණය ද මහ මැතිවරණය ද ඒ ඕන මැතිවරණයකදී මා තරග කරනවා. ෂාන් තම හිතවතුන් සමග කීවේය. ඒ විතරක්‌ නොව ෂාන් මෙහිදී තම හිතවතුන් සමග කීවේ හරි අපුරු කතාවකි. හොඳින් වැඩ කළාම රජයේ සේවකයන්ට සේවා දිගු ලැබෙනවා. නමුත් දේශපාලනඥයින් වන අපට වසර පහකට වරක්‌ සේවා දිගු ලබා දෙන්නේ ජනතාවයි. ජනතාව දෙන තීන්දුව අනුව අපේ ඉරණම විසඳෙනවා. මා දකුණු පළාතේ මහ ඇමැතිවරයා ලෙස ජනතාව තෙවරක්‌ බලයට පත් කළා. එම ජනවරම් තුළින් මා ජනතාවට උපරිම සේවාවක්‌ සිදු කළා. ලංකාවේ වෙනත් පළාත් සභා ක්‍රියාත්මක නොකළ නිර්මාණශීලී ඵලදායී නවමු වැඩසටහන් රැසක්‌ දකුණේ අප ක්‍රියාත්මක කළා ෂාන් කීවේය.

සෝමවංශගේ අපේක්‌ෂාව

ඒ කොයි හැටි වුව ද ඉදිරියේ පැවැත්වෙන දකුණු පළාත් සභා මැතිවරණයකදී මහ ඇමැති පොරයක්‌ ඇති වීමේ ලකුණු මේ වනවිටත් පහළ වෙමින් තිබේ. දකුණු පළාත් සභාවේ සභාපති කේ. ඒ. සෝමවංශ මහ ඇමැති ධුරය අපේක්‌ෂාවෙන් සිටින බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහු හිටපු ජනාධිපතිවරයාගේ සමීප හිතවතෙකි. ෂාන් පාර්ලිමේන්තු ගියහොත් සෝමවංශ සභාපතිවරයාට මහ ඇමැති ධුරය ලැබීමේ වැඩි ඉඩක්‌ පවතින බව ද පැවසේ. හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයට කිසිදු අවස්‌ථාවක මහ ඇමැති ධුරය ලැබී නැත. සෝමවංශ සභාපතිවරයාට මහ ඇමැති ධුරය ලබාදෙන බවට ප්‍රබලයකු පොරොන්දු වී ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 

හිටපු ඇමති ඩී. වී. උපුල්, විරසුමන විරසිංහ, සම්පත් අතුකෝරල , ක්‍රිෂාන්ත පුෂ්පකුමාර යන මන්ත්‍රීවරුද මහ ඇමති සටනේ ඉදිරියෙන් සිටින බව වාර්තා වේ. ඉදිරි මැතිවරණයකදී එජාපයට දකුණු පළාත් සභාවේ බලය අත්පත් කර ගැනීමට හැකි වුවහොත් කිසිදු තරගයකින් තොරව විපක්‌ෂනායක තෙන්නකෝන් නිලමේ ප්‍රධාන ඇමති ධුරය හිමිවන බවද පැවසේ.

අමරවීර ශ්‍රී. ල. නි. පක්‌ෂය වෙනුවෙන් බැහැලා වැඩ

මහින්ද අමරවීර හිටපු ඇමැතිවරයා දේශපාලන තීන්දුවක්‌ ගැනීමට යන බවට මේ දිනවල හම්බන්තොට දිස්‌ත්‍රික්‌කය තුළ කටකතාවක්‌ පැතිර යමින් තිබේ. මින් කලබලයට පත් හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ එජාප ප්‍රබලයකු එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ලවා පෙත්සමක්‌ අත්සන් කිරීමට සැලසුම් කොට ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එජාප පළාත් සභා මන්ත්‍රීවරු කිහිප දෙනකු අමරවීර ඇමැතිවරයාට කතා කොට මේ ගැන කියා තිබේ. මම ශ්‍රී ල. නි. ප ක්‌ෂයේ මට විරුද්ධව පෙත්සම් අත්සන් කරන්නේ මොකටද අමරවීර ඇමැතිවරයා කතා කළ අයට ලබාදී ඇත්තේ නියම පිළිතුරකි. අපේ ඇමැතිතුමා ගැන මේ වගේ කතා ප්‍රචාරය කරන්නේ යූ. එන්. පී. කාරයන්. ඇමැතිවරයා මේ දිනවල හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ ශ්‍රී ල. නි. පක්‌ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු කරනවා. එතුමා ගම් මට්‌ටමින් ශාඛා සමිති පිහිටුවනවා ඇමැතිතුමා බැහැලා වැඩ. මේ කතා පට්‌ටපල් බොරු හිටපු ඇමැති වරයාගේ හිතවතෙකු කීවේය.

ලලිත් චාමින්ද 
  

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook