Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

මේක විසදගන්න තිබුනා 
කියව කියව ඇවිදින්නෙ නෑතුව
- අනෝමා ෆොන්සේකා සියල්ල හෙලිකරයි

ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සහ තිරසර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා අතර පසුගිය දින කීපයක් පුරා උණුසුම් වාග් සංග‍්‍රාමයක් සිදු විය. එකිනෙකාට ඇඟිල්ල දිගු කරමින් පැවැති මෙම වාග් සංග‍්‍රාමය හේතුවෙන් බොහෝ දෙනකුගේ අවධානය ඒ කෙරෙහි යොමුවීමක්ද දක්නට ලැබීය. පහත පළවන්නේ එම අමිහිරි සිදුවීම් පිළිබඳ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මිය සමඟ සිදු කළ පිළිසඳරක්ය. එහි අනෙක් පාර්ශ්වය නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ බිරිඳ වන ෂෙරීන් තෙවරප්පෙරුම මහත්මිය සමඟ සම්මුඛ සාකච්ඡාවක් සඳහා අප විසින් අවස්ථා කීපයකදී උත්සාහ ගත් අතර ඒ සඳහා තෙවරප්පෙරුම මහත්මිය මැලිකමක් දැක්වූවාය.


ප‍්‍රශ්නය – ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා හා නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම අතර පවතින මේ විරසකය ඔබතුමිය දකින්නේ කොයි ආකාරයෙන්ද? 


පිළිතුර – ඇත්තෙන්ම මට මුලදී හිතුන මොකක්ද මේ වෙනස කියල. ඊළඟට මම පුදුමයට පත් වුණා. මොකද තෙවරප්පෙරුම මහත්තයට වනජීවී නියෝජ්‍ය ඇමැතිකම ලැබුණ වෙලාවෙ මම සතුටු වුණා. මම ඔහුට ඒ බව කියලත් තිබෙනව. මම එදා කිව්ව ‘‘මගේ මහත්තය ගැන මට භය වෙන්න දෙයක් නැහැ හොඳ යාළුවෙක් හම්බවෙලා තියෙනවනෙ. මට හරි සතුටුයි’ කියල.


ප‍්‍රශ්නය – නියෝජ්‍ය අමාත්‍යවරයා දිගින් දිගටම ප‍්‍රකාශ කරන දෙයක් තමයි ෆීල්ඞ් මාෂල්වරයා වෙනුවෙන් ඔහු දිගින් දිගටම පෙනී සිටියා කියන කාරණය ඒ පිළිබඳ ඔබතුමියගේ මතය? 

පිළිතුර – පාලිත තෙවරප්පෙරුම මහත්තයව මම හඳුනා ගන්නේ මගේ මහත්තයව අත්අඩංගුවට පත්වීමත් සමගයි. ඊට පෙර පැවැති ජනාධිපතිවරණයට මගේ මහත්තයා ඉදිරිපත් වුණානේ. ඒ වනවිට මම ඔහුව හඳුනාගෙන හිටියෙ නැහැ. ඔහු අපේ පවුලට සමීප වුණාට පස්සෙ මම තේරුම් ගත්ත දෙයක් තමයි ඔහු ආවේගශීලී ඉක්මනින් කෝපයට පත්වන ඒවගේම හිත හොඳ පුද්ගලයෙක් කියන එක. මගේ මහත්තයව එවකට පැවති රජය විසින් අත්අඩංගුවට ගත්ත වෙලාවෙ මට රජයක් එක්ක හැප්පෙන්න සිද්ධ වෙනව. ඒ වෙලාවේ තෙවරප්පෙරුම වගේ පුද්ගලයෙක් ළඟින් ඉන්න කොට මට වුණත් යම් ශක්තියක් වෙනව. මහත්තයව නිදහස් කරන්න කියල පෙත්සම් අත්සන් කරන වෙලාවෙ තෙවරප්පෙරුම මහත්තය ලොකු දෙයක් කළා. ඒ වගේම තමයි තෙවරප්පෙරුම මහත්මිය. ඇය ඉතාමත් හොඳ කාන්තාවක්. මම ඒ ගෙදරට පවා ගිහින් තියෙනව. ඒ කියන්නේ එක්තරා කාලයක මේ පුද්ගලය මගේ මහත්තය වෙනුවෙන් පෙනී සිටිය. මම ඒක පිළිගන්නව.


ප‍්‍රශ්නය – එම හිතවත්කම බිඳ වැටෙන්න බලපෑ මූලික හේතුව වශයෙන් ඔබතුමිය දකින්නෙ කුමක්ද? 

පිළිතුර – කාර්යාලයීය ප‍්‍රශ්නයක් මුල් කරගෙන තමයි මගේ මහත්තය එක්ක නියෝජ්‍ය අමාත්‍යවරයා විරසක වෙන්නේ. ඒකත් මේ මෑතකාලීනව සිද්ධ වෙච්ච දෙයක්. මම විශ්වාස කරනව ඔහු කවුරුන් විසින් හෝ මෙහෙයවනව ඇති කියල. කාර්යාලයීය අත්දැකීම් මටත් තියෙනව. ඒවායේ ඉන්න අතරමැදියො බොරු කියනව. ඒ හරහා ප‍්‍රධානීන් අතර ගැටුම් නිර්මාණය කරන්න අවශ්‍ය වටපිටාව හදනව. ඒ අයගේ ඇඟ බේරා ගැනීම පිණිස තමයි මේ දේ්වල් සිද්ධ වෙන්නේ. මේකත් ඒ වගේ දෙයක ප‍්‍රතිඵලයක් වෙන්න ඇති කියල මම විශ්වාස කරනව. මේ ප‍්‍රශ්නය ගැන ෆීල්ඞ් මාර්ෂල්වරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා මුහුණට මුහුණ මුණගැහිල කථා කළා නම් මෙහෙම දෙයක් නොවෙන්නත් ඉඩ තිබුණ. මාධ්‍ය ගත්තත් එහෙමයි. එකම දෙයක් අල්ලගෙන ඒක පස්සෙ දුවන ගතියක් පේන්න තියෙනව.


ප‍්‍රශ්නය – ෆීල්ඞ් මාර්ෂල්වරයාට ඒ බව වටහා දෙන්න ඔබතුමිය විසින් යම් උත්සාහයක් ගත්තෙ නැද්ද? 

පිළිතුර- මෙතැනදී මම මහත්තයගේ වරදක් දකින්නේ නැහැ. මම කියන්න ගියෙත් නැහැ. ෆීල්ඞ් මාර්ෂල්වරයා කියන්නේ හරි දේ හරියට දකින යුක්තිය සාධාරණයට ගරු කරන කෙනෙක්. ඒක ගෙදරටත්, එළියටත් දරුවන් ගත්තොත් ඒ අයටත් මටත් එකයි. ඒකෙ වෙනසක් වෙන්නෙ නෑ. මම කැමැතියි ඒ ගතියට.පසුගිය කාලේ පමණක් නෙවෙයි දැනටත් මම වුණත් භයනැතිව කොන්ද කෙළින් කරන් ඕනෑම තැනකට යන්නෙ ඒ නිසයි. එතුමවත් අපිවත් කාටවත් වරදක් කරපු අය නෙවෙයි. බැරිවෙලාවත් තෙවරප්පෙරුම මහත්මිය මට කතා කළා නම් කාන්තාවන් ලෙස අපට මේකට මැදිහත් වෙලා යම් විසඳුමක් හොයාගන්න තිබුණා.


ප‍්‍රශ්නය – තෙවරප්පෙරුම මහත්මිය මේ ගැටුම සම්බන්ධව ඔබතුමිය හා කතා බහ කරයි කියල යම් විශ්වාසයක් තිබුණද? 

පිළිතුර- මම කිව්වෙ කතා කළා නම් යම් විසඳුමකට එන්න තිබුණ කියල පමණයි. මම මුලින්ම කිව්ව වගේ ඇය ඉතාමත් හොඳ කාන්තාවක්. මම ඒකට ගරු කරනව. හැබැයි මම හිතන්නේ නැහැ. ඇයට ඒ සඳහා ශක්තියක් ඇතියි කියල. මොකද ඇය ඉතාමත් නිහඬ තැනැත්තියක්. ඒ ගෙදරත් සාමය රැකෙනව ඇත්තේ ඒ හින්දයි. පවුලක් සමබර කර ගැනීමේ වගකීම තියෙන්නේ කාන්තාව අතේනෙ. කොහොම හරි කරල ඇයට ඒ දේ කරනව ඇරෙන්න මේවට මැදිහත් වෙන්න ඉඩක් නැතුව ඇති.


ප‍්‍රශ්නය – ෆීල්ඞ් මාර්ෂල්වරයා මේ සම්බන්ධව ඔබතුමිය සමග කතාබහ කරල තිබෙනවද?

පිළිතුර – මේක කාර්යාලයීය ප‍්‍රශ්නයක් මේක අපේ ගෙදරට අදාළ දෙයක් නොවෙයිනෙ. අපි ගෙදරදී කතා බහ කරන්නෙ අපේ පෞද්ගලික දේවල් ගැන විතරයි. අපේ දරුවො ගැන අපි ගැන කතා කරනව හැරෙන්න. මහත්තයගෙ දේශපාලනය ගැනවත් මම රැකියා කරන කාලෙදි වුණත් කාර්යාලයේදී වෙන සිද්ධි ගැනවත් ගෙදරදී කතා වෙන්නේ නැහැ.


ප‍්‍රශ්නය – නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් දිගින් දිගටම ෆීල්ඞ් මාර්ෂල්වරයාට චෝදනා එල්ල කරනව. ඔබතුමියට එය දැනෙන්නේ කොයි ආකාරයෙන්ද? 

පිළිතුර – මම එක දෙයක් කියන්නම්. මම කවදාවත් නොදැක්ක ආකාරයට පසුගිය දවසක නියෝජ්‍ය අමාත්‍ය තෙවරප්පෙරුම මහත්තය කොළයක් දිහා බලාගෙන මාධ්‍යයට අදහස් දැක්වීමක් කරනව. ඒක එයාට කවුරුහරි ලියල දීපු දෙයක් කියල මම විශ්වාස කරනව. තව දෙයක් කියන්නම් මගේ මහත්තය ජනාධිපතිවරණයට තරග කරන වෙලාවෙ එක්තරා පිරිසක් ‘හඳුනා ගත්තොත් ඔබ මා’ කියල පොතක් මුද්‍රණය කරනව. ඒක තනිකරම මහත්තයට මඩ ගහන්න කරපු පොතක්. මට ඒ පොත ගෙනත් දුන්නෙ පාසල් ගුරුවරියක්. පාසල් අසලත් ඒ දවස්වල ඔය පොත බෙදල තිබුණ. අන්න ඒ පොතේ තිබුණ දේවල් තමයි එදා ඔහු නැවතත් මාධ්‍යයට ඉදිරිපත් කළේ. එහෙම බලද්දි මට දැනෙන එකම දේ තමයි මේ කරන්නෙ මගේ මහත්තයගෙ ප‍්‍රතිරූපයට හානි කිරීමක් පමණයි.


ප‍්‍රශ්නය – නමුත් නියෝජ්‍ය අමාත්‍යවරයා චෝදනා කරනව ෆීල්ඞ් මාෂල්වරයා වනජීවී අමාත්‍යවරයා ලෙස දිගින් දිගටම වගකීම් පැහැර හරිනව කියල ? 

පිළිතුර – අමාත්‍යවරයෙක්ගෙ මූලික කාර්යභාරයන් අතර වැදගත්ම දෙයක් තමයි ඒ ඒ විෂයන්ට අනුව කළ යුත්තේ කුමක්ද යමක් කළ හැක්කේ කෙසේද කියන කාරණා ගැන සැලසුම් සකස් කිරීම සහ ඒ සඳහා නිලධාරීන් මෙහෙයවීම. ඔළුව පාවිච්චි කරල කළ යුතු දේ ෆීල්ඞ් මාෂල්වරයා කළා. යුද්ධයේදීත් එහෙමයි. එතුමා යුද්ධයක් ජයග‍්‍රහණය කරා රැගෙන ගිය හමුදාපතිවරයෙක්. නියෝජ්‍ය ඇමැතිවරයා යමක් කියන්න පෙර හිතල බලන්න ඕන එයා කවුද ෆීල්ඞ් මාෂල්වරයා කවුද කියල. නියෝජ්‍ය අමාත්‍යවරයා චෝදනා කරල තියෙනව මහත්තය සෙරෙප්පු දෙකවත් ගලවන්නේ නෑ කියල. සමහරවිට එයා හිතනව ඇති ෆීල්ඞ් මාෂල් කියන්නෙ බන්ධනාගාරයේදී හඳුනගත්ත තවත් එක් පුද්ගලයෙක් පමණයි කියල. නැහැ. මගේ මහත්තය කියන්නෙ යුද්ධයක් දිනපු කෙනෙක්. දෙපාරක් වෙඩි වැදුන කෙනෙක්. එහෙම කෙනෙක්ගෙන් සෙරෙප්පු දාන නොදාන එකද. නියෝජ්‍ය අමාත්‍යවරයට තිබෙන ප‍්‍රශ්නය. එයාට පුළුවන් ඇති සෙරෙප්පු නැතිව ඕන තැනක ඇවිදින්න. ඒක තීරණය වෙන්නේ එයා හැදුණු වැඩුණු පරිසරයත් එක්කනෙ. තෙවරප්පෙරුම නියෝජ්‍ය ඇමැතිවරයා දිගින් දිගටම මේ සිද්ධ කරමින් ඉන්නේ හරි දේ හරියට නොදැන ඇඟිල්ල දික් කරන එක විතරයි.


ප‍්‍රශ්නය- දේශපාලනයට සම්බන්ධ වීම පිළිබඳව මේ වනවිට ෆීල්ඞ් මාර්ෂල්වරයා ඉන්නේ පසුතැවීමෙන්ද? 

පිළිතුර – නෑ. එහෙම පසුතැවීමක් නැහැ. මේ සිද්ධිය අත්දැකීමක් පමණයි. එතුමා අධිෂ්ඨානශීලීයි. බාධක ගැන හිතන්නෙවත් නැහැ. මේව හරි සරලයි. ප‍්‍රභාකරන් එතුමව කී පාරක් මරන්න හැදුවද. ඒව දැකල හමුදාවෙ කී දෙනෙක් ගෙවල්වල නතර වුණාද. නමුත් මගේ මහත්තයව නතර කරන්න කාටවත් බැරිවුණානෙ. එහෙම එකේ තෙවරප්පෙරුම මහත්තය මේ කරන්නෙ මොනවද. දැනුත් මගේ මහත්තය කළේ එයාට කරන බොරු චෝදනාවලට උත්තර දෙන එක විතරයිනෙ. අපි තැන් තැන්වල කියව කියව ඇවිදින්නේ නෑනෙ. අපි තෙවරප්පෙරුම මහත්තයට අරව කළා මේව කළා කියල. මහත්තය සිරගත වුණාට පස්සේ එතුමා එක්ක තවත් විශාල පිරිසක් හිටිය. ඒ අයත් අපට ඒ වෙලාවෙ උදව් කළා. හැබැයි ඒ කවුරුවත් පසුකාලීනව අපි මේව කළා අරව කළා කිය කිය ඇවිද්දෙ නෑ. නියෝජ්‍ය අමාත්‍ය තෙවරප්පෙරුම පමණයි මේව කියව කියව ඇවිදින්නේ.


ප‍්‍රශ්නය – මෙවර අමාත්‍ය මණ්ඩලය නම් කිරීමේදී ෆීල්ඞ් මාර්ෂල්වරයාට ඇමැති තනතුරක් නොලැබී යෑම පිළිබඳ යම් කලකිරීමක් පවතිනවද? 

පිළිතුර – ඇමැතිකමක් තිබුණත් එකයි නැතත් එකයි කියන තැන තමයි එතුම ඉන්නෙ. හැබැයි වනජීවී අමාත්‍යාංශය ලැබුණ නම් එතුමගෙ අදහසක් තිබුණ එයාගෙ සැලසුම් ටික කි‍්‍රයාවට නගන්න. වසර 1 1/2 ක් තුළ වනජීවී එක හරි පාරට ගන්න එතුම සැලසුම් හදල තිබුණ. ඒකට ඉඩක් නොලැබීම සම්බන්ධව යම් කලකිරීමක් ඇති. හරියට වැඩක් කරනකෙනාට කෙළින්ම කියන්න ඕනදේ කියන කෙනාට බාධා කරන අය වැඩියෙන් ඉන්න රටක් මේක. වරදක් පෙන්නල දුන්නම හුඟදෙනෙක් හිතන්නෙ ඒ අයට විරුද්ධව කතා කරනව කියල. මෙතැන සිද්ධවෙලා තියෙන්නෙත් ඒ වගේ දෙයක්. ඇමැතිතුමා වශයෙන් කියපු මොකක් හරි දෙයක්නේ. මේ තරම් දුර ගිහින් තියෙන්නේ. ඒ හින්ද අවසන් වශයෙනුත් මම කියනව යමක් හරියට තේරුම් ගන්න පුලූවන් නම් ඒ දෙය තමයි වැදගත්.

සාකච්ඡා කළේ – රුවන් ජයවර්ධන

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook