Advertisement

එලැඹෙන අප්‍රේල් මාසය වන විට පළාත් සභා මැතිවරණය පැවැත්මට තිබෙන නෛතික තත්ත්වය සොයා බලන ලෙස ජනාධිපති සිරිසේන සිය නීති උපදේශකයන් වෙත දන්වා ඇතැයි වාර්තා වෙයි.

ජනාධිපතිවරණයක් පැවැත්මට පෙර පළාත් සභා මැතිවරණයක් පවත්වා ජනමතය උරගා බැලීමේ අදහස ඇතිව ජනාධිපති සිරිසේන මේ උපදෙස් නිකුත්කර ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

කෙසේ වුවත් පසුගියදා කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පක්ෂ නායකයන් පළාත් සභා මැතිවරණය පැරැණි ඡන්ද ක්‍රමයට පැවැත්වීමට තීන්දු කර ඇත. ඒ සඳහා අදාළ පනතට සංශෝධනයක් ගෙන ආ යුතුය.

එහෙත් ආණ්ඩුව නියමිත ලෙස අදාළ සංශෝධනය සම්මත නොකළහොත් අලුත් ක්‍රමයට හෝ ඡන්දය පැවැත්වීම ගැන ජනාධිපතිවරයා සිය උපදේශකයන් සමග සාකච්ඡා කර ඇති බවත් වාර්තා වෙයි.

ජනාධිපතිවරයා විසින් අලුතෙන් පත්කරන ලද ආණ්ඩුකාරවරුන්ද නිලකාලය හමාර වී තිබෙන පළාත් සභාවල ඡන්දය කඩිනමින් පවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කරනු ඇතැයි ඒ අතර සඳහන් වෙයි. ප්‍රමාද නොකර ඡන්දය පැවැත්වීමට අදාළව තවත් විශේෂ දේශපාලන තීරණයක්ද ජනපතිවරයා විසින් ගනු ඇතැයි ඔහුට සමීප ආරංචි මාර්ග කියයි.

වාර්තා වන ආකාරයට ජනාධිපති සිරිසේනගේ අපේක්ෂාව වන්නේ අයවැය අවසානවූ වහාම හෝ මැයි මාසය ආරම්භයේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමටය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements