Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

එලැඹෙන අප්‍රේල් මාසය වන විට පළාත් සභා මැතිවරණය පැවැත්මට තිබෙන නෛතික තත්ත්වය සොයා බලන ලෙස ජනාධිපති සිරිසේන සිය නීති උපදේශකයන් වෙත දන්වා ඇතැයි වාර්තා වෙයි.

ජනාධිපතිවරණයක් පැවැත්මට පෙර පළාත් සභා මැතිවරණයක් පවත්වා ජනමතය උරගා බැලීමේ අදහස ඇතිව ජනාධිපති සිරිසේන මේ උපදෙස් නිකුත්කර ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

කෙසේ වුවත් පසුගියදා කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පක්ෂ නායකයන් පළාත් සභා මැතිවරණය පැරැණි ඡන්ද ක්‍රමයට පැවැත්වීමට තීන්දු කර ඇත. ඒ සඳහා අදාළ පනතට සංශෝධනයක් ගෙන ආ යුතුය.

එහෙත් ආණ්ඩුව නියමිත ලෙස අදාළ සංශෝධනය සම්මත නොකළහොත් අලුත් ක්‍රමයට හෝ ඡන්දය පැවැත්වීම ගැන ජනාධිපතිවරයා සිය උපදේශකයන් සමග සාකච්ඡා කර ඇති බවත් වාර්තා වෙයි.

ජනාධිපතිවරයා විසින් අලුතෙන් පත්කරන ලද ආණ්ඩුකාරවරුන්ද නිලකාලය හමාර වී තිබෙන පළාත් සභාවල ඡන්දය කඩිනමින් පවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කරනු ඇතැයි ඒ අතර සඳහන් වෙයි. ප්‍රමාද නොකර ඡන්දය පැවැත්වීමට අදාළව තවත් විශේෂ දේශපාලන තීරණයක්ද ජනපතිවරයා විසින් ගනු ඇතැයි ඔහුට සමීප ආරංචි මාර්ග කියයි.

වාර්තා වන ආකාරයට ජනාධිපති සිරිසේනගේ අපේක්ෂාව වන්නේ අයවැය අවසානවූ වහාම හෝ මැයි මාසය ආරම්භයේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමටය.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook