Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results


අලුත් අවුරුදු සුබ පැතුම් පණිවුඩ


ශික්‍ෂණය, සංහිඳියාව සමෘද්ධිය සාක්‌ෂාත් වන සුබ නව වසරක්‌ ජනපති
අනාගත පරපුර වෙනුවෙන් වඩා යහපත් සමාජයක්‌ ගොඩනැඟීමට එක්‌වෙමු - අගමැති 
සතුරු බලවේගවලින් මවුබිම බේරා ගැනීමට ශක්‌තිය ධෛර්ය ලැබේවා - විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ

උදාවන නව අවුරුද්දේ ආදරණීය ශ්‍රී ලාංකේය ජනතාවගේ සෑම ප්‍රාර්ථනාවක්‌ම ඉටුවන සියල්ලන්ගේ චිර ජීවනය හා සෞභාග්‍යය උදාවන සුබ වසරක්‌ වේවා යෑයි හෘදයාංගමව ප්‍රාර්ථනා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සුබ පැතුම් පණිවුඩයක්‌ නිකුත් කරමින් කියා සිටී.

එම පණිවුඩය මෙසේය.

නව වසරක උදාව සිදු වීමට ආසන්නතම මොහොත වනාහි, ගත වූ වසරේ අප ගෙවාලූ ජීවිතය එහි ජය පරාජයන්, සරු නිසරුකම් පිළිබඳව යළි මෙනෙහි කිරීමට සුදුසුම කාලයයි.

අනාගතයට පදනම් වන අතීතය යළි විමසීම මගින් පුද්ගලයා සිය ගමන්මග උවදුරින් තොර, සරු ප්‍රතිඵල සහිත වූවක්‌ බවට පත්කරගනී. නව අපේක්‍ෂාවන් යථාර්ථවත් කර ගැනීමට නව වසරේ අපට හැකි වනුයේ, ගෙවී ගිය වසරේ අප උගත් පාඩම් යළි විමසා බැලීමෙනි.

ඉපැරණි මහා වාරි නිර්මිතයන් සහිත, මෙරට ඓතිහාසික උරුමය ගැන උද්දාමයට පත් වෙමින් නොසිට, එකී ස්‌වාධීන වාරි ශිෂ්ටාචාරයට උපරි අර්ථයක්‌ ලබාදීමට මාහට හැකි වූයේ අතීතය විමසීමේ ඵල වශයෙනි.

මේ උදාවන්නේ වැරදී ගිය අවස්‌ථා මගින් නිවැරදි මාර්ග වෙත අප යොමු කරවන ඉතිහාසයේ තීරණාත්මක කාලපරිච්ඡේදයකි. ඒ හා බැඳුණු සියලු අභියෝග පුද්ගලයන් වශයෙන් ද, දේශයක්‌ වශයෙන් ද ජය ගත යුතු අවස්‌ථාවකි. එළැඹෙන 2019 අභිනව වර්ෂය ශික්‍ෂණය, සංහිඳියාව හා සමෘද්ධිය සාක්‌ෂාත් කරගත හැකි පුළුල් මාවත් පෙරට වැඩි අවධානයකින් හා නුවණැසකින් හඳුනාගැනීම සඳහා අප හමුවේ උදා වන අධිෂ්ඨානයේ වසරකි.

ඒ නව වර්ෂාරම්භයෙන් උදා වන කාලය ආදරණීය ශ්‍රී ලාංකේය ජනතාව ගේ එහැම ප්‍රාර්ථනා ඉටු වන, සියල්ලන්ගේ චිරජීවනය හා සෞභාග්‍යය සැලසෙන සමයක්‌ම වේවා යෑයි හෘදයංගමව ප්‍රාර්ථනා කරමි.


අනාගත පරපුර වෙනුවෙන් වඩා යහපත් සමාජයක්‌ ගොඩනැඟීමට එක්‌වෙමු - අගමැති 



අනාගත පරපුර වෙනුවෙන් වඩා යහපත් සමාජයක්‌ ගොඩනැංවීමට හදවතින්, පිළිවෙතින්, දිරිමත්ව පෙළගැසෙන මෙන් නව වසරේ සැමට ආරාධනා කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සුබපැතුම් පණිවුඩයක්‌ නිකුත් කරමින් සඳහන් කරයි.

එම පණිවුඩය මෙසේය.

2019 නව වසර එළඹෙන්නේ දේශයටත්, ජනතාවටත් නව අරමුණු, අධිෂ්ඨානයන් පෙළගැසෙන නව යුගයක උදාව සමගිනි. නව වසර මහත් හරසරින් පිළිගන්නට සැරසෙන සමස්‌ත ලාංකික ජනතාවට පළමුව මාගේ හෘදයාංගම සුභාශිංසන පිරිනමමි.

ගෙවුණු වසරේ මුහුණ දෙන්නට සිදුවූ බරපතළ අභියෝගය ජයගනිමින් ජනතා පරමාධිපත්‍ය තහවුරු කරමින් නව වසර පිළිගන්නට ලැබීම අප සැම ලද ජයග්‍රහණයකි. ජාති, ආගම්, පක්‍ෂ ආදී කිසිදු භේදයකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදය දිනවීම උදෙසා පෙළගැසුණු ඔබ වෙත මාගේ ගෞරවනීය කෘතවේදීත්වය පිරිනැමීමට මෙය අවස්‌ථාවක්‌ කරගනිමි.

එළඹෙන නව වසර සමස්‌ත ලක්‌වැසි ජනතාවට අභියෝගාත්මක වසරකි. අප දිනාගත් ප්‍රජාතන්ත්‍රීය අයිතීන් තහවුරු කරමින්, අනාගත පරපුර වෙනුවෙන් වඩා යහපත් සමාජයක්‌ ගොඩනැංවීමේ වගකීම අප ඉදිරියේ ඇත. ඒ සඳහා හදවතින්, පිළිවෙතින්, දිරිමත්ව පෙළගැසෙන මෙන් මේ නව වසරේ ඔබ සැමට ආරාධනා කරමි.


සතුරු බලවේගවලින් මවුබිම බේරා ගැනීමට ශක්‌තිය ධෛර්ය ලැබේවා - විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ


ජාති, ආගම් බේද පසෙකලා මව්බිම සතුරු බලවේගවලින් බේරා ගැනීමට සියලුම ශ්‍රී ලංකාවාසීන්ට නව වසරේදී ශක්‌තිය ධෛර්ය ලැබේවායි හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා නව වසරට සුබපැතුම් පණිවුඩයක්‌ එක්‌කරමින් කියා සිටී.

ලබන්නා වූ 2019 නව වසර සියලුම ශ්‍රී ලංකාවාසී ජනතාවට සුබ නව වසරක්‌ වේවායි ප්‍රාර්ථනය කරන බවද එම සුබපැතුම් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වේ.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook