Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

නව වසර සුබ කර ගැනීමට
කළයුතු දේ ගැන කියන
ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්

2018 වසරේදී ලොව පිතිකරුවන් අතර මෙන්ඩිස් දෙවැනි තැනට 2019 වසරේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වෙනස් මගකින් ගමන් කිරීම සඳහා අලූත් වෙනස්කම් කිහිපයක් අවශ්‍ය බවත් එමගින් නව වසර ජයග‍්‍රාහී වසරක් කිරීමට අපේක්ෂා කරන බවත් ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පවසයි. ඔහු නවසීලන්තය සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව අදාළ අදහස් පළ කර සිටියේය.

 ‘මම හිතන්නෙ 2018 වසරේදී අපි සමස්ත ටෙස්ට් තරග ගත්තහම හොඳ ප‍්‍රතිපල ටෙස්ට් ක‍්‍රීඩාවෙන් ලබාගෙන තියෙනවා. මම නායකයා ලෙස ඇත්තටම සතුටු වෙනවා ගෙවී ගිය වසරේදී අපි දැක්වූ දක්ෂතා ගැන. නව වසරේදී අපිට වැඩි දියුණු කර ගැනීමට විශාල ප‍්‍රදේශයක් තියෙනවා. වෙනස් කරගත යුතු තැන් වෙනස් කරමින් නව වසර හොඳ කර ගැනීමට බලාපොරොත්තු වෙනවා’ යැයි ශ‍්‍රී ලංකා ටෙස්ට් නායක චන්දිමාල් පවසයි.
ශ‍්‍රී ලංකා වේග පන්දු යැවීම සම්බන්ධයෙන් චන්දිමාල් නායකයා වශයෙන් සතුටට පත්ව සිටියි. ‘‘කසුන් රාජිත සහ දුෂ්මන්ත චමීර ඔවුන්ගේ හැකියාව වර්ධනය කරගෙන තියෙනවා. සුරංග ලක්මාල් සහ ළහිරු කුමාර ටෙස්ට් කණ්ඩායමේ ඉන්න අත්දැකීම් තියෙන වේග පන්දු යවන්නන් දෙන්නා. විශේෂයෙන් කසුන් රාජිත නවසීලන්තය සමග පළමු තරගයට සහභාගි වීමේදී ඔහුගේ හැකියාව වර්ධනය කරගෙන තියෙනවා.

 කුසල් මෙන්ඩිස් ගෙවී ගිය වසරේ ලෝක ටෙස්ට් පිතිකරුවන් අතර වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැනි තැනට පත්ව තිබේ. ඔහු එහිදී දෙවැනි වන්නේ ඉන්දියානු නායක විරාට් කෝලිට පමණයි. ඔහු තරග 12 කදී ශතක තුනක් සහ අර්ධ ශතක හතරක් සමග මුළු ලකුණු 1023 ක් ලබා ඇති අතර එහි සාමාන්‍ය 46.50 කි. අදාළ ලැයිස්තුවේ පෙරමුණ ගෙන ඇති ඉන්දියානු නායක විරාට් කෝලි ටෙස්ට් තරග 13 කදී ශතක පහක් සහ අර්ධ ශතක පහක් සමග මුළු ලකුණු 1322 ක් ලබා ඇති අතර ඔහුගේ ඉනිමක සාමාන්‍ය 55.08 ක් වශයෙන් සටහන් වේ. ගෙවී ගිය වසරේ ශ‍්‍රී ලංකා පිතිකරුවන් අතරින් අදාළ ලැයිස්තුවේ හය වැනි තැනට දිමුත් කරුණාරත්න පත්ව ඇති අතර ඔහු ශතකයක් සහ අර්ධ ශතක හතක් සමග මුළු ලකුණු 743 ක් ලබා ඇත.

 ‘කුසල් මෙන්ඩිස් ලොකු අනාගතයක් ඇති ක‍්‍රීඩකයෙක් වසරකදී ක‍්‍රීඩකයකු ටෙස්ට් ලකුණු දහසක් ලබා ගැනීම ලොකු ජයග‍්‍රහණයක්. මම සුබ පතනවා ඔහු තරුණ වියේදී එවැනි ලොකු ජයග‍්‍රහණයක් කරපු එක ගැන. ඔහු ඉදිරියටත් එසේ කරයි කියලා බලාපොරොත්තු වෙනවා.’ යනුවෙන් දිනේෂ් චන්දිමාල් සඳහන් කර සිටියි.

 ශ‍්‍රී ලංකාව අවසන් වූ වසරේදී සහභාගි වූ ටෙස්ට් තරග 12 කදී ජයග‍්‍රහණය හතරක් සහ පරාජයන් පහක් ලබා ඇති අතර තරග තුනක් විසඳුමකින් තොරව නිමා කර ගැනීමට සමත්ව තිබේ. එ් අනුව ශ‍්‍රී ලංකාව 2018 වසරේ ජයග‍්‍රාහී ප‍්‍රතිශතය 33% ක් වශයෙන් සටහන් වේ. නමුත් ශ‍්‍රී ලංකා නායකයා පවසන්නේ තම කණ්ඩායම ගෙවී ගිය වසරේ දැක්වූ දක්ෂතා සම්බන්ධයෙන් සතුටට පත්වන බවයි.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook