Advertisement

මහනුවර ගොඩනැඟිල්ල ගිනි ගත් අවස්තාවේ
පියා දරුවන් බිමට දමද්දී ජනතාව
ඔවුන් බේරා ගත් වීර කතාව

මහනුවර යටිනුවර වීදියේ පිහිටි මහල් හයකින් යුත් ව්‍යාපාරික ගොඩනැගිල්ලක ඉහළ මහලේ පිහිටි නිවසක ඇතිවූ ගින්නකින් පසු එම නිවසේ සිටි පියා ගින්න පැතිර යමින් තිබියදී තම දරු තිදෙනාගේ හා බිරිඳගේ දිවි බේරා තමා ද ආරක්ෂිතව පහතට බැසීමට සමත් විය.

මෙම සිද්ධිය ඊයේ (08 දා) පෙරවරු 7.00 ට පමණ සිදුව තිබේ. අඩි හැත්තෑ පහක් පමණ ඉහළින් පිහිටි නිවස තුළ ගින්න හට ගැනීමත් සමඟ එය සීඝ්‍රයෙන් පැතිර යෑම නිසා නිවැසියෝ පිටතට පැමිණිය නොහැකිව ගින්නට කොටුවී සිටියහ.

එම අවස්ථාවේ පහළ සිටි පිරිස ඇඳ ඇතිරිල්ලක් අල්ලා ගෙන සිටියදී පියා තම වයස අවුරුදු තුනක් හතක් සහ අටක් වූ දරු තිදෙනා ජනේලයෙන් පිටතට දැමීය. පසුව ඔහු ජනේලයෙන් පිටතට පැමිණ එහි ආධාරකයක එල්ලී සිටිය දී බිරිඳ පහළට පැන්න අතර ඇය සුරක්ෂිත ලෙස අල්ලා ගෙන ඇඳ ඇතිරිල්ල මතට අතඅරින්නටද සමත් විය.

සිද්ධියෙන් සුළු තුවාල ලත් පියා මව හා දරු තිදෙනා මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධියට මුහුණ දුන් පියා වන රාමරාජ් කියා සිටියේ ‘උදේ එළිය වැටිලා මම කඬේ පහළට යන්න ගියා’ මං දැක්කා පහළ කඬේ ඇතුළේ කවුදෝ ඉන්නවා ‘මං බොස්ට කෝල් කළා. ‘බොස් ෆෝන් එක ගත්තේ නැහැ. කඬේ කඩලා කියලා මම 119 ට කතා කළා. විනාඩි දහයක් යද්දි දුමක් ආවා. මගේ ඔළුවට ආවා ළමයි බේරා ගන්නේ කොහොමද කියලා. හුස්ම ගන්න අමාරු ගතියක් ආවා. මං උඩට ඇවිත් වීදුරුව කඩලා එළිය බලද්දි මිනිස්සු කෑ ගැහුවා ළමයි දාන්න අපි අල්ලන්නම් කියලා. මං ළමයි තුන්දෙනා එළියට විසිකළා. පළමුවෙනියාට අවුරුදු අටක්. එයා ඉෂාරත් ‘දෙවෙනියා සත්‍යජිත්. එයාට අවුරුදු හතක්. තුන්වෙනියාට අවුරුදු තුනයි. මොන්ටිසෝරි දැම්මා විතරයි. මගේ ජීවිතේ මේ දරුවෝ තුන්දෙනා. එක්කෙනෙක් හරි තුවාල වුණා නම් අද මං ඉඳලා වැඩක් නැහැ. 

මගේ වාසනාවට දරුවන්ට මොනවත් වුණේ නැහැ. මිනිස්සු හරි හොඳයි. මේ වගේ නගරයක මේ තරම් හොඳ මිනිස්සු ඉන්න එක ගැන මං සතුටු වෙනවා. මගේ මුල් ගම බණ්ඩාරවෙල. නෝනා රාධිකා. අපි දෙන්නා නුවර ආවේ දරුවන්ගේ අනාගතය ගැන හිතලා. මං රත්‍රං ඔප දාන රස්සාව තමයි කරන්නේ. මේ නුවර ජාති භේද නෑ. ආගම් භේද නෑ. කරදරයක් වුණ වෙලාවට හැමෝම එකතු වෙනවා. අපේ වාසනාවට අපි වටේ ඉන්න හැමෝම හොඳයි. 

මහනුවර නාගරික ගිනි නිවීම් ඒකකය, පොලීසිය හා ප්‍රදේශවාසීහු එක්ව ගින්න ගොඩනැගිල්ලේ සෙසු ස්ථාන කරා පැතිර යෑම වළක්වා ගැනීමට සමත් වූහ.

ගින්නෙන් ඉහළ මාලයේ පිහිටි නිවසට දැඩි අලාභහානි සිදුව ඇත. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මහනුවර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements