Advertisement

මාතර බලා ගමන්කරමින් තිබූ මෝටර් රථයක් පෙරේදා (07 ) රාත්‍රි 11.40 ට පමණ දික්වැල්ල අ`ඵත් පාරේ ගම්වැඩුම්හල වංගුවේදි මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්වීමෙන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයකු මරුමුවට පත්වි ඇති බව දික්වැල්ල පොලිසිය කියයි.

හක්මන දෙනගම පල්ලෙවෙල පදිංචි මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුවකු වු 23 හැවිරිදි බඹරැන්ද ගමගේ රොෂාන් ලක්මාල් නැමති අයෙක් මෙසේ මරණයට පත්ව ඇත.

මෙම විශ්ව විද්‍යාල සිසුන් තිදෙනා වලස්ගල ප්‍රදේශයේ මිතුරකුගේ සාදයකට සහභාගි වි ආපසු යමින් සිටියදි වංගුවේදි රථයේ වේගය පාලනය කිරීමට නොහැකිව බෝක්කුවක් උඩින් පාරෙන් ඉවතට පැන ගසක වැදි ගොඩනැගිල්ලක බිත්තියේ වැදි නතර වි ඇත .

විශ්ව විද්‍යාල සිසුවකු වන 23 හවිරිදි මාතර වල්ගම ප්‍රදේශයේ පදිංචි රියදුරාද අත්අඩංගුවට ගෙන ඊයේ (8 ) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය තිබුණි.

මෙම වංගුවේ මීට පෙරද අනතුරු ගණනාවක් සිදුවි ඇති බව පවසන ප්‍රදේශවාසිහු කියති. 

දික්වැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද කුලසේකර මහතාගේ උපදෙස් පරිදි රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සංජය ජයසූරිය මහතාගේ මෙහෙයවීමෙන් , පොලිස් සැරයන් (33415 ) දිල්නාත් , පොලිස් කොස්ථාපල් (89340) සංජීව , (91441) අජිත් යන නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ පවත්වති .



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements