Advertisement

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක නීතිඥ ශිරාල් ලක්තිලක මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර රහස් හමුවක් පසුගියදා සිදුව ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. අගමැතිවරයාගේ ආරාධනය මත එම සාකච්ජාව සිදුව ඇති අතර ජනාධිපතිවරයාගේ ද අනුමැතිය ඊට හිමිව ඇතැයි ද පැවසේ.

පසුගිය මාස කිහිපයේ සිදුවූ අමිහිරි දේශපාලන සිදුවීම පසෙකලා ඉදිරි කාලයේ දී ජනතාවට අපහසුතාවයක් නොවන පරිදි ආණ්ඩුව පවත්වා ගෙන යාමටත් ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර පවතින විරසකය සමතයකට පත්කර ගැනීමටත් ගතයුතු ක්‍රියාමාර්ග මෙහිදී සාකච්ජාවට ලක්ව ඇතයි ඉහත ආරංචිමාර්ග කියා සිටින අතර මෙම සුහඳ හමුව අතිශයින් පලදායී බව වූ බව ද වාර්තා වේ.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර පවතින විරසකය සමතයකට පත් කිරීම සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ද පසුගිය කාලයේ බලවත් උත්සහයක් දරා තිබිණ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements