Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

ජනපති ඝාතන සැලැස්මට හසුවූ ඉන්දීය ජාතිකයා
විමල් වීරවංශ නොමැති අවස්ථාවලදී ‌ගෙදරට රිංගලා

අධිකරණයේදී ‌හෙලිවෙයි 

පසුගියදා රටේ පෙරළියකට මග පෑදූ මෛත්‍රී-ගෝඨා ඝාතන සැලැස්මකට අදාළ නාමල් කුමාරගේ හෙලිදරව්වට අනුව සිදු කරන නඩු විභාගයට ඔහුගේ දුරකතනයේ මකා දමන ලද හඬපටවලට අදාළ  හොංකොං රාජ්‍යයේදී නැවත ලබාගත් හඬපටවල දත්ත ඇතුළත් පිටු 14 ක ලිඛිත වාර්තාවක් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අද අධිකරණය වෙත ඉදිරිපත් කරා.
එහිදී අනාවරණය වූයේ නාමල් කුමාර සමග සබඳතා පැවැත්වීම නිසා මෙම ඝාතන සිද්ධියට අදාළ කරුණු පිළිබඳ මුල් අනාවරණයන් අනුව අත්අඩංගුවට පත්වූ  ඉන්දීය ජාතික මර්සිලි තෝමස් යන අය සමග විමල් වීරවංශ,ශෂී වීරවංශ හා නාමල් රාජපක්ෂ යන අය සබඳතා පවත්වා ඇති බවට සාක්ෂි ලැබී ඇති බවකි.



මේ නිසා පසුගිය සතියේ ශෂී,විමල් හා නාමල් රාජපක්ෂ යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ ලබාගැනීමට කටයුතු කරන ලද අතර ඉන්දීය ජාතිකයා ගැන ඔවුන්ගෙන් විමසා තිබුණි. වෙන් වෙන්ව කැඳවා ලබාගත්  ප්‍රකාශ තුන අද අධිකරණයේදී හෙළි කරන ලදි.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා ඇත්තේ, මෙම ඉන්දීය ජාතිකයා තමා හමු වී ඇද්දැයි යන්න පිළිබඳව තමාට මතකයක් නොමැති බවය. දිනකට  විශාල පිරිසක් තමා හමුවීමට පැමිනෙන බැවින් මෙම පුද්ගලයා පැමිණි බවට මතකයක් නොමැති බවයි.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා සහ ශෂී වීරවංශ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබාදෙමින් පවසා ඇත්තේ සිය නිවසට පැමිණ ඇති බවයි. එසේම එම ඉන්දීය ජාතිකයා තම නිවසට පැමිණ විමල් වීරවංශ මන්ත්‍රීවරයාට තර්ජනයක් කර ඇති බවට දැනුම් දී තිබේ.
එම අවස්ථාවේ ශෂී වීරවංශ මහත්මිය පවසා ඇත්තේ, විමල් වීරවංශ මහතා නිවසේ නොමැති බවත් ඔහු කාර්යාලයට ගොස් ඇති බවකි.

ඒ අනුව මෙම ඉන්දීය ජාතිකයා ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයට ද ගොස් ඇති බවත් එහිදී මොහොමඩ් මුසාම්මිල් මහතා හමුවී ඇති බවත් ශෂී වීරවංශ මහත්මිය හා විමල් වීරවංශ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා ඇති බව අද අධිකරණයේදී අනාවරණ විය.

සිද්ධිය සම්බන්ධව ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා ඊයේ(29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණ අතර ඔහුගේ ප්‍රකාශය අද හෙළි කර තිබුනේ නැත.

මෙර්සිලි තෝමස් නැමැති ඉන්දියානු ජාතිකයා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නොමැති අවස්ථාවකදී එම නිවසට ගියේ ඇයි යන්න සහ ජනපති ඝාතන කතාන්තරය ගෙතූ අය සමග විමල් වීරවංශගේ ඇති සම්බන්ධය කුමක්ද යන්න ගැන තවදුරටත් විමර්ශනය කළ යුතු බව අධිකරණයේදී දැනුම් දෙන ලදි.

මෙම පුද්ගලයා අත්අඩංගුවට පත් අවස්ථාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යලය මාධ්‍ය වෙත නිවේදනයක් යොමු කර ඔහු උන්මත්තකයෙක් බවට කරුණු පවසා තිබූ නමුත් අධිකරණයට එවැන්නක් හෙළි කර නැත.
නාමල් කුමාර සමග සම්බන්ධිත ඉන්දීය ජාතිකයා විමල් ශෂී හා නාමල් රාජපක්ෂ සමග පැවැත්වූ සම්බන්ධතා ගැන නාමල් කුමාරගේ මැකී ගිය හඩ පටිවලින් අනාවරණය වූයේ මොනවාද යන්න අධිකරණයේදී ඉදිරියේදී අනාවරණය කරනු ඇත.

මෙම ඝාතන සැලැස්ම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ ඉන්දීය ජාතික මර්සිලි තෝමස් යන අය ලබන මස 13 වැනි දා දක්වා  යළි රක්ෂිත බන්ධනාගාරගත කරන්නට
කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ  අද (30) නියෝග කළා.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook