Advertisement

ශ්‍රි ලංකාවට ඇතුලුවී තිබෙන පරිගණක වෛරසයක් පිළිබඳව තොරතුරු වාර්තාවී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය සඳහන් කරයි.

අන්තර්ජාලය මගින් සිදුකරන භාගත කිරීම් හරහා මෙම වෛරසය පරිගණකයට ඇතුලුවිය හැකි අතර එමගින් පරිගණකයේ ඇති ලියකියවිලි හා ඡායාරූප මකා දමන බව එම ඒකකය සඳහන් කරයි.



Microsoft Windows 7, 7.1 හා 10 යන පද්ධතිවලට මෙමගින් වැඩි බලපෑමක් එල්ලවී ඇති අතර මෘදු කාංග භාගත කිරීම මඟින් හා ටොරන්ට්(Torrentz download) භාගත කිරීම් මඟින් වෛරසය බහුලව ඇතුලුවී තිබේ.

මකාදැමෙන දත්ත අඟට “.rumba“ යන නාමයෙන් සටහන් වන බවත් මෙහි නාමය සැකසී ඇත්තේ ඒ අනුව බවත් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තෙරතුරු ආරක්ෂක ඉන්ජිනේරු රවිදු මීගස්මුල්ල මහතා සඳහන් කළේය.

වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා පරිගණකයේ මෘදුකාංග යාවත්කාලීන කිරීම, නොමිලේ ලබාගෙන තිබෙන මෘදුකාංග යාවත්කාලීන කර ගැනීම සහ ප්‍රතිවෛරස මෘදුකාංග යාවත්කාලීන කිරීම සහ භාවිතය සුදුසු බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.




 

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements