Advertisement

ඉන්දියාවෙන් මෙරටට ගෙන්වූ නව ද්විත්ව බලවේග කට්ටල දුම්රිය උත්තරාදේවී, අද කන්කසන්තුරේ බලා ගමන් ආරම්භ කළා.

ඒ, කොළඹ - කන්කස්තුරේ දුම්රිය ගමනාගමනයේ නව පිටුවක් පෙරළමින්.

උත්තරාදේවි දුම්රිය ජනතා අයිතියට පැවරීමේ මෙම සමාරම්භක චාරිකා වැඩසටහන පැවැත්වුණේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දුගේ ප්‍රධානත්වයෙන්.

පෙරවරු 5.30 ට නව දුම්රිය බලවේග කට්ටලය ජනතා අයිතියට පැවරීමේ සමාරම්භක උත්සවය කොළඹ - කොටුව දුම්රිය ස්ථානයේදී පැවැත්වුණා.
ඉන් අනතුරුව උත්තරාදේවී දුම්රිය කොටුව දුම්රිය ස්ථානයෙන් කන්කසන්තුරේ බලා ගමන ආරම්භ කළා.

කිලිනොච්චිය - අරවියල් නගර් උප දුම්රිය ස්ථානය විවෘත කිරීමද මීට සමගාමීව සිදු කෙරෙන අතර, උත්තරාදේවි අද පස්වරු එකට යාපනය දුම්රිය ස්ථානයටත්, පස්වරු 3 වනවිට කන්කසන්තුරේ දුම්රිය ස්ථානයටත් ළඟා වෙනු ඇති.

මේ අතර ඉදිරියේදී තවත් නව ද්විත්ව බලවේග කට්ටල 5 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට නියමිත අතර චීනයෙන්ද තවත් නව ද්විත්ව බලවේග කට්ටලයක් මෙරටට ගෙන්වීමට කටයුතු කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු සඳහන් කළේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements