Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

කන්කසන්තුරේ වරාය 2021 වසර අවසානය වන විට භාණ්ඩ ප්‍රවාහන නැව් හැසිරවිය හැකි වරායක් බවට පරිවර්තනය කිරීමට ශීඝ්‍ර සංවර්ධන සැලසුමක් ක්‍රියාවට නංවා ඇති බව වරාය, නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය. 

ඉන්දියාවෙන් සහනදායී පදනම මත ලැබුණු ඇමෙරිකන් ඩොලර් මිලියන 45.27ක ණය ආධාර යටතේ මෙම සැලසුම ක්‍රියාවට නැංවෙන අතර මෙම ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, වරාය හා නාවික අමාත්‍යවරයා සහ රජයේ උසස් නිලධාරීන් සමග ලබන 15 වැනිදා කන්කසන්තුරේ ප්‍රදේශයේ සංචාරයක නියැලීමට නියමිතය. 

කන්කසන්තුරේ වරාය වර්තමානයේ ශ්‍රීලංකා නාවික හමුදාව යටතේ පවතින අතර මෙම වැඩසටහන යටතේ එහි දියකඩනය සම්පූර්ණයෙන්ම අලුතින් ඉදි කිරීමට නියමිතය. එමෙන්ම භාණ්ඩ ප්‍රවාහන නැව් වලට ගමන් කළ හැකි පරිදි එහි ගැඹුර මීටර් 9ක් දක්වා වැඩි කිරීම ද, එක් ජැටියක් ප්‍රතිසංස්කරණය කිරීම ද, තවත් ජැටියක් අලුතින් නිර්මාණය කිරීම ද සිදුවන බව වරාය සහ නාවික අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 

මේ වන විට කන්කසන්තුරේ වරාය පරිශ්‍රයේ අක්කර 15ක භූමි භාගයක ශ්‍රී ලංකා වරාය අධිකාරිය මෙම සංවර්ධන ක්‍රියාවලියේ මූලික කටයුතු අරඹා ඇති බව කී අමාත්‍යවරයා ඉදිරියේ දී එය අක්කර 50ක ප්‍රදේශයක් දක්වා ව්‍යාප්ත කිරීමට කටයුතු කෙරෙනු ඇති බව ද සඳහන් කළේය. 

මේ වන විට වරාය අධිකාරිය මීට අදාළ මූලික කටයුතු සිදු කිරීම සඳහා විශේෂඥයින් සම්බන්ධ කරගැනිමේ ක්‍රියාවලිය සිදු කරමින් සිටින අතර එයින් අනතුරුව පාරදෘශ්‍ය ක්‍රමවේදයක් යටතේ ඉදිකිරීම් සමාගමක් තෝරා ගැනීමට කටයුතු කරනු ඇත. 

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ කන්කසන්තුරේ වරායට භාණ්ඩ ප්‍රවාහන නැව් පැමිණීමත් සමග මෙරට ආනයන සහ අපනයන ක්ෂේත්‍රවලට විශාල වාසියක් සැලසෙන බවයි. එමෙන්ම උතුරු පළාතේ නව රැකියා උත්පාදනය කිරීම මෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ද මේ හරහා සිදුවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook