Featured News

Video Gossip

Advertisement

රටේ සංවර්ධන කටයුතු සිදු කෙරෙන්නේ ජනතාවගේ බදු මුදල්වලින් මිස දේශපාලනඥයින්ගේ පෞද්ගලික මුදලින් නොවන හෙයින් ඒවා තුළ දේශපාලන කටයුතු නොකළ යුතු බව ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (06) බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් විසින් කළ බාධා කිරීම් පිළිබඳ අදහස් දක්වමිනි.

"මං ගණං ගන්නෙ නෑනෙ ඔව්වා. මෙහෙමයි, දේශපාලනය කරන්න හොඳ නෑ මේ සංවර්ධනය කරනකොට. මේ සංවර්ධනය මගෙ සල්ලිවලින් කරන්නෙත් නෑ, මහින්ද රාජපක්ෂ මහත්තයගෙ සල්ලිවලින් කරන්නෙත් නෑ, එයාගෙ අම්මගෙ තාත්තගෙ බූදලයක් නෙවෙයිනෙ. ජනාධිපතිතුමාගෙ මුදලින් කරන්නෙත් නෑ, අගමැතිතුමාගෙ මුදලින් කරන්නෙත් නෑ. මේවා රටේ තමුන්නාන්සෙලාගෙ බදු මුදලින් තමයි කරන්නේ. මම ආස නෑ මේවයින් දේශපාලනේ කරන්න" යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළේය.

එසේවෙතත් ප්‍රාදේශීය සභාවල හොරකම් කළ දේශපාලනඥයින් මෙවන් මැදිහත්වීම් කළත් ඊට කලබල විය යුතු නොමැති බව පැවසූ ඒ මහතා 2015ට පෙර මේ රටේ පැවති ක්‍රමවේදය නැවත රටට රිංගන්නට උත්සාහ කළත් තමන් ඊට ඉඩ නොදෙන බවත් අවධාරණය කළේය.

මාතර - බෙලිඅත්ත නව දුම්රිය මාර්ගයේ ධාවනය කෙරුණු පළමු නිරීක්ෂණ චාරිකා දුම්රිය ඊයේ (06) පෙරවරුවේ අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ධාවනය ආරම්භ කළ අවස්ථාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් පිරිසක් ඊට බාධා කර තිබිණි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements