Advertisement

ඔක්තෝබර් 26 ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරාජය කිරීමෙන් පසුව එජාපය නව ආණ්ඩුවක් පිහටවූවද අර්බුදය තවමත් නිමාවට පත්ව නොමැත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ 225 ම කැමති වුවද රනිල් නැවත අගමැති ලෙස පත් නොකරන බවයි. කෙසේ වෙතත් පැවති අර්බුදය හමුවේ තමාගේම ප්‍රකාශයට පිටින් යාමට ජනාධිපතිවරයාට සිදු වූ අතර එහෙත් විරසකය නිමා වී නොමැත.
නව කැබිනට් මණ්ඩලය පත් කිරීමෙන් පසුව ඒ ඒ අමාත්‍යංශවලට අයත් විෂයපථය ගැසට් කිරීම දිගින් දිගටම ප්‍රමාද වූ අතර ප්‍රමාද වී හෝ නිකුත් කළ ගැසට් පත්‍රයේ අඩුපාඩු හේතුවෙන් නැවත නැවත ගැසට් පත්‍ර නිකුත් කිරීමට සිදුවිය.

ඉන්පසු රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත් කිරීමේදීද එජාපය හා ජනාධිපතිවරයා අතර විරසකය හේතුවෙන් බොහෝ රාජ්‍ය ආයතනවල ආයතන ප්‍රධානීන් තවමත් පත් කර නොමැත. එසේ තිබියදී ජනාධිපතිවරයා විදෙස් සංචාරවල නිරතවෙමින් සිටී.

අලුත්ම සිදුවීම වන්නේ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා විසින් සිය අමාත්‍යංශයට අයත් රාජ්‍ය ආයතන 14 සඳහා නිර්දේශ කළ ආයතන ප්‍රධානීන් ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කිරීමයි. ඒ ඒ ආයතන සඳහා පත් කළයුතු ප්‍රධානීන්ගේ ලේඛනය ඇමතිවරයා විසින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යවා ඇති අතර එම කිසිදු පත්කිරීමක් සිදු කිරීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

එජාපය හා ජනාධිපතිවරයා අතර අර්බුදය තවමත් නිමාවට පත්ව නොමැත. කළහැකි කිසිවක් නොමැති තැන ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නව රජයක් පත්කළ නමුත්, ජනාධිපතිවරයා අනවශ්‍ය පරිදි රජයේ සහ ඇමතිවරුන්ගේ කටයුතුවලට මැදිහත් වෙමින් සිටී. සාමාන්‍යයෙන් ඒ ඒ අමාත්‍යංශවලට අයත් රාජ්‍ය ආයතන සඳහා ප්‍රධානීන් පත් කරන්නේ එකී අමාත්‍යංශයේ අමාත්‍යවරයාට අවශ්‍ය ලෙසයි. එහෙත් ජනාධිපතිවරයාගේ වත්මන් ක්‍රියාකලාපය හේතුවෙන් මේ වනවිට බොහෝ රාජ්‍ය ආයතනවල කටයුතු අකර්මන්‍ය වී ඇති අතර ඇතැම් ආයතන පාලනයක් රහිත තත්වයට පත්ව ඇත.

lnw

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements