Advertisement

මෛත්‍රීපාල - විජේදාස ඩිවොර්ස් වෙයි..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමගි ජන බලවේග පක්ෂයට සහයෝගය ලබාදීමට සූදානමක් ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වයි. 
මෛත්‍රීපාල සිරිසේනට ‌කොරෝනා ආසාදනය වෙයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කොරෝනාවෛරසය ආසාදනය වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් මේ බව තහවුරු කළේ ය.

ඔහු සඳහන් කළේ, වැඩිදුර තොරතුරු ඉදිරියේදී මාධ්‍ය වෙත නිකුත් කිරීමට පියවර ගන්නා බව ය.
මම ජනපති කළෙත් නැති කළෙත් සමාජ මාධ්‍යයි

තමා ජනපති ධූරයට පත් කළා සේම ධූර කාලය අවසන් වීමට තිබියදී තම ප්‍රතිරූපය නැත්තට ම නැති කර දැමීමට ද තරම් සමාජ මාධ්‍ය ප්‍රබල වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

ආණ්ඩු සෑදීමට මෙන් ම, ආණ්ඩු පෙරළා දැමීමටද සමාජ මාධ්‍ය හා වෙබ් අඩවි හේතු වන බව ද හෙතෙම කීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (අගෝ. 10) වේබ් අඩවියක් ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් හිටපු ජනපති මේ බව සඳහන් කළේ ය. පසුගිය මැයි 9 වන දායින් ආරම්භ වූ අරගලය පවා කිසිදු නායකයෙකු නොමැතිව එතරම් ශක්තිමත්ව නැගී සිටියේ සමාජ මාධ්‍ය නිසා බව ද ඔහු පැවසීය.

මේ රටේ දහස් ගණනක් වූ තරුණයන්ගේ අත තිබූ ජංගම දුරකතනවල බලය හේතුවෙන් මේ රටේ පාලකයාට පවා රටින් පිට වී යාමට සිදු වූ බව හිටපු ජනපතිවරයා අවධාරණය කළේ ය.
බෑන් කී මූන්ගේ ඇරයුම පිළිගත් මෛත්‍රී සාමය පිළිබඳ ලෝක සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීමට කොරියාවට

රටවල් 157ක නියෝජනයෙන් පැවැත්වෙන සාමය පිළිබඳ ලෝක සමුළුවේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත දේශනය පැවැත්වීමට ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අටවන මහලේකම් බෑන් කී මූන් මහතා සහ කාම්බෝජයේ අග්‍රාමාත්‍යවරයා විසින් නිල ආරාධනයක් කර තිබුණි. 

එම ආරාධනය පිළිගත් හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා අද(10) අලුයම සිංගප්පූරු ගුවන් සමාගමට අයත් SQ469 ගුවන්‍ යානයෙන් දකුණු කොරියාව බලා පිටත්ව ගියේය. 
ඒ දවස්වල සැපද සනීපද කියලා ඇහුවා දැන් රටම අසනීපයි
මෛත්‍රීගෙන් සැර කතාවක්

වර්තමාන ආණ්ඩුවට තුනෙන්දෙකක බලයක් ලබාදීම වැඩි දායකත්වයක් ලබා දුන් පක්ෂය ලෙස හිටපු ජනලති මෛත්‍රීපොල සිරිසේන මහතාගේ් නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදින්විමට පුලුවනි.

නමුත් ඔහු ඇතුලු කණ්ඩායම මේවන විට ආණ්ඩුවට හරව හරවා පහර එල්ල කිරීමට පටන්ගෙන ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතර දිස්ත්‍රික් සමුළුව අමතමින් හිටපු ජනපතිවරයා පැවසුවේ
ජනමත විචාරණයක් පිළිබඳව කථා ඇසෙන බවත් ජනමත විචාරණයක් පවත්වා කාලය දිගු කර ගැනිම කිසි ලෙසකින් වෙන දෙයක් නොවන බවයි.
හදිසියේම චීන ජනපතිගේ පණිවුඩය අරන් චීන තානාපති මෛත‍්‍රිගේ නිවසටම ඇවිත් 
දිගු වේලාවක් සාකච්ඡාවක

චීන ජනාධිපති ෂී ජිංපින් මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නව වසර වෙනුවෙන් සුබ පැතුම් එක් කර තිබේ.

චීන ජනාධිපති ෂී ජිංපින් මහතාගේ සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිතුමන්ගේ නව අවුරුදු සුභ පැතුම්පත් ඊයේ (30)දින මෙරට චීන තානාපති කී සෙන්හොංග් මහතා විසින් මෛත්‍රීපාල සිරිසේන මහතාට පිරිනමා ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිපාල මහතා අඩවුවකට සැරසෙම්න් ඇති බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.

මේ දින කිහිපයේ ඔහු කුමක් හෝ පැවසීමට ඉගි පාමින් ඇති බව පැවසේ.
2023 සද තරනය කිරීමට යන ලොව ලාබාලතම සදහ ආසියාවේ එකම දියණිය සඳනි  [VIDEO]

Dear moon ව්‍යාපෘතිය යටතේ සඳ තරණය කිරීමට අපේක්ෂාවෙන් සිටින 20 වන වියෙ සිටින සදලී කුමාරසිංහ දියණිය ඊයේ සන්ධ්‍යාවේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මූ වී තිබෙනවා.

රටවල් 249 අතරෙන් යදුම් පත්‍ර මිලියනයකින් මේ වන විට දාහත් දෙනකු තෝරාගෙන තිබෙනවා.

ඒ අතරෙන් 08 දෙනෙකුට මෙම සුවිශේෂිත අවස්ථාව හිමි වී තිබෙනවා. සඳ වෙත මෙම කණ්ඩායම 2023 රැගෙන යාමට ජපානය බලාපොරොත්තු වෙනවා.

කොරෝනා ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයන් ගේ මෘත දේහයන් භූමදානය කිරීමට ඉඩ දිය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ඒකකය අද නිවේදනයක් නිකුත් කර තිබුණි.
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සිදු කිරීමට නියමිත නිලවරණයේදී හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මියට තනතුරක් පිරිනැමෙනු ඇතැයි වාර්තා වෙයි.
නව තනතුරක් සාදා එය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට පෙර දා හිටපු ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකදීය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නව ආණ්ඩුවේ යෝජනාව ඇමතිධූරය ඔහු විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනත් අයෙකුට ලබා දෙන ලෙස ඉල්ලා තිබේ.

ඒ අනුව ඔහුට ලැබීමට නියමිතව තිබූ ඇමැති ධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනත් අයෙකුට ලබා දී ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කරනු ලැබූ උකුසු කතාවත් සමග ‌පොදුජන පෙරමුණ තුළ මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව තිබූ විරෝධය විශාල ‌ලෙස ඉහළ ‌ගොස් ඇති බව වාර්තා වනවා.

විශේෂයෙන්ම අගමැති මහින්ද රාජපක්ෂ මහතාවත්, බැසිල් රාජපක්ෂ මහතාවත් මුණගැසී ඇති ‌ මැති ඇමැතිවරන් විශාල පිරිසක් ‌පෙන්වා දී ඇත්තේ හිටපු ජනාධිපතිවරයා කිසිසේත්ම විශ්වාස කළ ‌නොහැකි කටුස්සකු බවත්, උකුසු කතාව ප්‍රසිද්ධියේ කීම හරහා ඒ බව ඔප්පු ‌කොට ඇති බවත්ය.
යළිත් වතාවක් බලය ලබා ගන්නා ආකාරය පිළිබදව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සති අන්තයේ ‌පොලොන්නරුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට පියවර ගත්තා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් කළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් හේතුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා සිත් තැවුලට පත්ව ඇති බව වාර්තා වනවා.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආප්ප කා පලායාම සම්බන්ධයෙන් අගමැතිවරයා මෙම ප්‍රකාශය කර තිබුණා.
එළැඹෙන මහ මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මෛත්‍රිපාල සිරිසේන අනිවාර්යයෙන්ම පරාද කරන බව පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කළා.

පිබිදෙන පොළොන්නරුව නමින් කළේ මූල්‍ය වංචාවක් බවත් කෝටි හයදහස් තුන්සීයක් පොළොන්නරුවට වියදම් කළ බව සඳහන් කළ ද කෝටි හාරදහසකට වඩා ගසා කෑ බවයි ඔහු සඳහන් කළේ.

ඒ සම්බන්ධයෙන් විගණනයක් අවශ්‍ය බවයි ඔහු සඳහන් කළේ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තරම් නිවටයෙකු තමන් දැක නැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරිපත්වීමට නියමිත අතර එහිදී මනාප අරබයා අපේක්ෂකයන් අතර මතවාදී ගැටුමක් ආරම්භ වී ඇති බව සඳහන්.
හිටපු ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පක්ෂ ‌ලේකම් දයාසිරි ජයසේකර මහතා හරහා හමුවීමක් සදහා ‌වෙලාවක් ලබා ‌දෙන ‌ලෙස කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු ‌කර තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements