Advertisement

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර පොලිස් නිලධාරියකුගේ උරහිස සපාකා තුවාල සිදුකර පලායෑමට තැත් කළ කැබ්ථයක රියැදුරකු සහ ඔහුගේ බිරිඳ 29 වැනිදා මොනරාගල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාරිය විසින් උරහිස සපා කෑමෙන් තුවාල සිදුවූ මොනරාගල පොලිසියේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල් (78131) සඳරුවන් යන අය මේ වන විට මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලේ ප‍්‍රතිකාර ලබයි.

පොලිසිය පවසන පරිදි සිද්ධිය මෙසේය. මොනරාගල පොලිසියේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු වන (78131) සඳරුවන් හා (74078) විජේරත්න යන නිලධාරීන් දෙදෙනා මොනරාගල - වැල්ලවාය මාර්ගයේ ජයසෙන්ගම ඉදිරිපිට රථවාහන සෝදිසි කිරීමේ රාජකාරි කටයුතුවල නිරතව සිට ඇත.

පස්වරු 5.45 ට පමණ මොනරාගල දෙසින් පැමිණි කැබ්ථයකට නතර කරන ලෙස සංඥාවක් දී ඇතත් නතර නොකොට ඉදිරියට ගොස් ඇත. 

ඒ පසුපස රාජකාරී යතුරුපැදියෙන් ගිය පොලිස් නිලධාරීන් දෙදෙනා මාර්ගය හරස් කොට කැබ් රථය නතරකර තිබේ.

මාර්ග නීතිරීති කඩකරමින් කැබ් රථය ධාවනය කළ බව පොලිස් නිලධාරීන් රියැදුරුට දැනුම් දී දඩ කොළයක් නිකුත් කරන බව පවසා ඇත. ඒ අවස්ථාවේදී රියැදුරු රිය පණගන්වා ඉදිරියට යෑමට උත්සාහ කිරීමේදී එක් පොලිස් නිලධාරියකු කැබ්ථයට ගොඩ වී තිබේ.

එහි සිටි රියෑදුරුගේ බිරිඳ පොලිස් නිලධාරියාගේ උරහිස සපා කා ඇති අතර කැබ් රථය ඉදිරියට ගොස් තිබේ. පසුව පොලිස් නිලධාරීන් කැබ්ථයත් එහි රියැදුරුත් බිරිඳත් කැබ්ථයේ සිටි ළමයින් තිදෙනකුත් අත්අඩංගුවට ගෙන ඇත.

අම්පාර උහන නුවරපාරේ පදිංචි කැබ් රථයේ රියැදුරු සහ ඔහුගේ බිරිඳ ඊයේ (30 වැනිදා) මොනරාගල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මොනරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක වේහිත දේශප‍්‍රිය මහතා පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර රවිඳු ගුණතිලක

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements