Advertisement

රාජ්‍ය සේවකයින්ගේ කටයුතු සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛතී‍්‍ර ගුණරත්න ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් සිදුකළා. ඒ, රාජ්‍ය සේවකයින්ගේ කි‍්‍රයාකාරිත්වය හේතුවෙන් රාජ්‍ය සේවයේ කටයුතු අකර්මන්‍ය වන ආකාරය පැහැදිලි කරමින්.

එහිදී ඔහු පෙන්වා දුන්නේ "ඔන්න ෆොන් එකේ ටුක් ටුක් ගාලා වදිනවා මැසේජ්.. ගන්නවා ෆෝන් එක.. ඊට පස්සේ යනවා ෆේස් බුක්. දැන් කල්පනා කරලා බලන්න රාජ්‍ය සේවකයෙක් පැය කීයක් හරියට වැඩ කරනවාද කියලා. වැඩ කරන මිනිහා පණ යනකම් වැඩ... නොකරන මිනිහා අයිස්.. කවුරුහරි නිලධාරියෙක් වැඩ කරන කාලසීමාව තුළ ෆේස් බුක් වගේ ඒවා පාවිච්චි කරලා මට පැමිණිල්ලක් ආවොත් එහෙම... සේවය අත්හිටුවලා තමයි විනය පරීක්ෂණය කරන්නේ. ජනතාවගේ සේවය උපරීම අන්දමින් ලැබෙන්න ඕනේ." යනුවෙනි.

නිසි ලෙස රාජකාරී නොකරන රාජ්‍ය සේවකයින්ට ආණ්ඩුකාරවරයා අනතුරු ඇගවීමක්ද සිදුකළා.

මධ්‍යම පළාතේ ප‍්‍රසිද්ධ ස්ථානවල පෝස්ටර් ප‍්‍රදර්ශනය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීමටද මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛතී‍්‍ර ගුණරත්න මීට පෙර පියවර ගත්තා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements