Advertisement

සාමය සඳහා වන එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ ලෝකය පුරා විහිදුනු " ගාන්ධි ග්ලෝබල් ෆැමිලි " GGF සංවිධානයේ ශ්‍රී ලාංකික නියෝජිත ධුරය සහ ගාන්ධි ග්ලෝබල් ෆැමිලි සංවිධානයේ විධායක කමිටු සමාජිකත්වය ලාංකීය තරුණ සමාජ ක්‍රියාකරුවෙකු වන ආසිරි උපේන්ද්‍ර ඩයස් මහතාට පසුගිය දා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී හිමිවිණි. 

ආසිරි උපේන්ද්‍ර ඩයස් මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී සිසුවකු වන අතර වෘත්තීය මාධ්‍යවේදියෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරකයෙක් ලෙස සේවය කරයි. 

ගාන්ධි ග්ලෝබල් ෆැමිලි සංවිධානය විසින් ගාන්ධි තුමන්ගේ ශ්‍රේෂ්ට සංකල්ප මුල් කරගෙන ලෝක සාමය වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කරන අතර නායකත්ව කුසලතා සංවර්ධනය කිරීමට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධන අරමුණු ක්‍රියාත්මක කිරීමට සහයෝගය ලබාදේ. 

ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන "ගාන්ධි ග්ලෝබල් ෆැමිලි - ශ්‍රී ලංකා" කණ්ඩායම මේ සදහා උනන්දුවක් ඇති සාමාජික කණ්ඩායමක් බදවා ගැනීමට අපේක්ෂා කරන අතර වැඩි විස්තර asiriupendradias@gmail.com යන විද්‍යුත් ලිපිනයට අයැදුම් කිරීමෙන් ලබා ගත හැක.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements