Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

Mr tourism universe 2019 ජයග්‍රහකයාවූ 
ගාල්ලෙන් රංගනයට එන සුපුන්

සුපුන්ට ආදරෙ නෑතුවම බැරි දෙයක්ලු
ඒත් දැන්නම් තනිකඩයිලු


ඉදිරියේදි හොද ආදරයක් ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා,

අපි හැමෝගෙම ජීවිතවල ලොකු ලොකු බලාපොරොත්තු තියෙනවා.ඒත් එක්කම අපි ඒ බලාපොරොත්තු ඉටු කරගන්න අපිට පුලුවන් උපරිම ශක්තිය යොදවනවා.ඉතිං පුංචි කාලේ ඉදන්ම තරුවක් වෙන්න සිහින දැක්ක ඔහු අද ඒ සිහිනය සැබෑ කරගෙන තොයෙනවා.ලොකු ජයග්‍රහණයක් එක්ක අද අපේ chat එක සුපුන් මධුරංග එක්කයි.



සුපුන් හුග දවසකින් නේද?ඉතිං කොහොමද ජීවිතේ?
මමනම් ගොඩක් හොදින්.

ඔක්කොටම කලින් සුපුන්ගේ පවුලේ විස්තර ටිකක් කියලා ඉමුකෝ 
පවුලේ විස්තර කියනවනම් මම ඉන්නෙ ගාල්ලේ.මගේ පවුලේ ඉන්නවා අම්මා, තාත්තා, අයියලා 3යි ...


සුපුන් කියන්නේ රංගනයට නවකයෙක්.ඉතිං කොහොමද රංගන කටයුතු
රංගන කටයුතු පැත්තෙන් ගත්තොත් මේ දවස් වල නම් වේදිකා නාට්‍යක සම්බන්ධ වෙලා ඉන්නවා හේමන්ත ප්‍රසාද් අධ්‍යක්ෂ ලෙසත් තාරක බැද්දගේ නිෂ්පාදක ලෙසත් කටයුතු කරනවා.ඒ වගේම 
Leila majnu අලුත් නට්‍යයේ කටයුතුත් කරගෙන යනවා ,ම්ම් මියුසික් විඩියෝ එකකට ආරාධනාවකුත් ලැබුණා සන්දීෂ් බණ්ඩාරගේ..

රංගනයත් එක්කම නිරූපණයට එකතුවුණු විදිය මතක්කරනවනම්
මම නිරූපණයට සම්බන්ධ වෙන්නේ man of the world pageant එක හරහා අද වෙනකොට මගේ මහන්සියේ ප්‍රතිඵලයක් වශයෙන් "man of the world" pageant එකේ අවසාන 5 ට තේරීලා "mr tourism universe 2019" ජයග්‍රහකයා ලෙස පත්වීම ට මට වාසනාව ලැබුනා.. ඒ වගෙම best skin winner බවටත් මට ජයග්‍රහණය කරන්න පුලුවන් උනා..රංගනයෙන් වගේම නිරූපණයේන් කෙටි කාලයක් තුළ ලැබුණු දේවල් එක්ක අද මම නිහතමානීව ආඩම්බර වෙනවා.

මේ වෙද්දී සුපුන් ඉන්නේ ලොකු ජයග්‍රහණයක් එක්ක.ඉතිං "Man of the world 2019" තරගාවලිය ගැන කතාකරනවානම් 
ඔව් අද වෙනකොට මට පුලුවන් උනා mr tourism universe ජයග්‍රහණය කරන්න.. ඒ ගැන කතා කරනවානම් මට මේ තරගයට සම්බන්ධ වෙන්න පුලුවන් උනේ facebook එක හරහා share උනු post එකක් හරහා,දෙවෙනි සම්මුක පරීක්ෂණට සහභාගි වීමත් සමග මට පුලුවන් උනා අවසාන 22 අතරට එන්න

ජයග්‍රහණය හා ඉන් ලබාගත්ත අත්දැකීම් කොහොමද සුපුන්ට දැනෙන්නේ
ඒ 22 සමග මාස 3 කාලයක් පුහුනුවිම් එක්ක විවිධ තරග වලට සාර්ථකව මුහුණ දී, අවසානයේ දී ජනවාරි 13 දීන අවසාන මහා තරගයේදී ජයග්‍රහණය කරන්න මට පුලුවන් උනා.



ජයග්‍රහණය ගැන නිහතමානීව ආඩම්බර වෙනවා.. අවසානය 14 දෙනා සමඟ ලොකු තරගයක් දිලා mr tourism universe ජයග්‍රහණය කරන්න පුලුවන් උනා.ඒ වගේම best skin ජයග්‍රහණය කරන්නත් පුළුවන් වුණා.


ම්ම් එතකොට සුපුන්ගේ අනාගත බලාපොරොත්තු ගැන කතාකළොත්
මගේ ලොකුම බලාපොරොත්තුව තමයි හොදා රැකියාවක් කරන එක ඒ වගේම කලාවේ වෑඩ වලටත් සම්බන්ධ වෙලා හොද විදියට ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තුව

යෞවනයෙක් විදියට ආදරේ කියන්නේනම් සුපුන්ගේ ජීවිතේට අලුත් දෙයක් නෙමෙයි කියලයි ආරංචිය.ඉතිං ආදරේ ඔබ දකින්නේ කොහොමද 
ආදරය ගැන කිව්වොත් මටනම් ආදරෙ නෑතුවම බැරි දෙයක්

එතකොට සුපුන්ගේ අදරේ ගැන කතාකරමු
ම්ම් මගේ ආදරේ ගැන කියනවානම් මගේ පවුලේ අයගෙන්,නෑදෑයන්ගෙන් යාලුවන්ගෙන් විශේෂයෙන්ම මගේ රසික රසිකාවියන්ගෙන් මට ගොඩක් ආදරේ ලැබෙනවා ඒත් එක්කම කියන්න ඕනි මට තාම මටම වෙන්වුණු ආදරයක් නෑ.ඒ කියන්නේ මං තාම තනිකඩයි.ඉදිරියේදි හොද ආදරයක් ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා.

සුපුන්ගේ මේ ජයග්‍රහණ පිටුපසින් ලොකු පිරිසක් ඇති.ඒ ගැනත් කියමු.
විශේෂයෙන් මට මතක් කරන්න මගෙ පවුලේ සියලු දෙනා, හේමන්ත ප්‍රසාද් මගේ ගුරුවරයත් ලොකු කැපකිරීම් කරා.
මිස් මයුම් ශ්‍රීමාලි, MR අසේල, mr රුක්මල් MRලක්ශාන් mis ශෙනාලි එ අයත් මතක් කරනාවා..අද මට ජයග්‍රහණය කරන්න පුලුවන් වුනේ ඔවුන්ගේ මග පෙන්වීමත් සමග තමයි.

අවසාන වශයෙන් ඉස්සරහදි රංගනයට හා නිරූපණයට එක්වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න නවකයන්ට පණිවිඩයක් දෙමු
රංගනයට වගේම නිරූපණයට කවුරු හරි එකතුවෙන්න බලාගෙන ඉන්නවානම් පෞද්ගලිකවම මගේ මතයට අනුව දෙන්න තියන පණිවිඩය තමයි අනිවාර්යයෙන්ම ඒ ෆීල්ඩ් එක ගැන හැදෑරීමකින් තොරව ඊට නොයායුතු බව.මොකද අනාගතයේදී මේ ෆීල්ඩ් දෙකම ගොඩක් තරගකාරියි.ඉතිං නවකයෙක් විදියට හැදෑරීමක් අවශ්‍යතාවයම වෙනවා.

කවී
ගොසිප්99









gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook