Advertisement

එක්සත් ජාතික පෙරමුණු සමගි සන්ධාන රජයේ ප්‍රතිපත්ති පිළිගන්නා සියලූ පාර්ශ්ව එක් කරගනිමින් යහපාලනය සඳහා වූ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට ආණ්ඩුවේ පාර්ශ්වයන් පසුගියදා  (24) තීරණය කර ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන හවුල්කාර පක්ෂ සහ පාර්ශ්ව ගණනාවක අවසන් තීරණය ලෙසය.

ගෙවීමට ඇති ණයද පියවමින් ජනතාවට උපරීම සහන දීමට යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු සමගි සන්ධානය ගෙන තිබෙන තීරණය අනුව සියලූ පක්ෂ ජාතික රජයට එක් කර ගන්නා බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, ඇමැති රාවුෆ් හකීම් මහතා ප්‍රකාශ කළේය.

යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු සමගි සන්ධාන රජය පිහිටුවීමට අදාළ සාකච්ඡුා මේ වන විට බොහෝ දුරට අවසන් කර ඇති අතර ජාතික රජය පිහිටුවීම සඳහා ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහාය ලබා ගැනීමේ සාකච්ඡුා ද මේ වන විට එක්සත් ජාතික පෙරමුණේ ඉහළම නායක මට්ටමෙන් ක්‍රියාත්මක වේ.

යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු සමගි සන්ධාන රජය පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය සරල බහුතර ඡුන්දයෙන් සම්මත කර ගැනීමට මේ වන විට පරිසරය නිර්මාණය වී ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ නායක, ඇමැති මනෝ ගනේෂන් මහතා මහතා ප්‍රකාශ කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements