BREAKING NEWS
latest

728x90

468x60

header-ad -->

රෝහිත රාජපක්ෂ යුග දිවියට [PHOTOS]

රෝහිත රාජපක්ෂ යුග දිවියට
[PHOTOS]


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කණිටු පුත් රෝහිත රාජපක්ෂගේ විවාහය පැවැත්වෙනවා. ඒ අද දින (24) වන දින රාජපක්ෂ පවුලේ ගම්මානය වන වීරකැටියේදීයි. චිචි යන ආදර නාමයෙන් හදුන්වන රාජපක්ෂ පවුලේ බාලයා අත ගන්නේ ඔහුගේ දීර්ඝකාලීන පෙම්වතිය ටටියානා ලී යි.

මේ විවාහය ඉතා සුවිශේෂි විවාහයක්. වෙනත් දේශපාලන පවුල් වල විවාහයන් මෙන් මේ විවාහය පැවැත්වෙන්නේ තරු පන්තියේ හෝටලයක නොවේ.


මේ විවාහය පැවැත්වෙන්නේ වීරකැටිය ගම්මානයේ මැදමුලන නිවසේදීය. මේ විවාහයට සැපයෙන සියලූම ආහාර දේශීය ගැමි ආහාර වනවා. එම ආහාර සකසන්නේ අසල්වාසී පවුල් විසිනුයි. රටට ප්‍රසිද්ධ නොකලද මුලු මැදමුලන ගම්මානයටම මෙම විවාහයට ආරාධනා කර තිබෙනවා.

අමුත්තන්ට පිළිගැන්වෙන පළමු පිළිගැනීමේ බීම වන්නේ රණවරා, දිවුල් යුෂ සහ බෙලිමල් ය. මැටි හට්ටි වල පිළිගැන්වෙන ආහාර ගමේ ආරයට සැකසුනු දේශීය ආහාර වීමත් විශේෂයකි. එම ආහාර සැකසීම රාජපක්ෂ පවුලේ අසල්වාසී ගම්වාසීන් විසින් දැනටමත් භාරගෙන ලහි ලහියේ සිදු කරමින් සිටියි. තවද මෙම විවාහයට කිසිදු මස් වර්ගයක් භාවිතා නොකිරීමද රාජපක්ෂ පවුලේ තීරණයකි.

විවාහ ඇරයුම්පතේ සිට මගුල් පෝරුවේ සැරසිලි දක්වා සියලූම දේ ඉතාම සරලව චාම්ව පරිසර හිතකාමීව සිදු කිරීමට නියමිතය. රටටම ආදර්ශයක් වෙමින් විවාහ වන රෝහිත, ටටියානා නව යුවළට උණුසුම් සුභ පැතුම්.















« PREV
NEXT »

Facebook Comments APPID

', status: true, cookie: true, xfbml: true}); }; (function() { var e = document.createElement('script'); e.async = true; e.src = document.location.protocol + '//connect.facebook.net/en_US/all.js'; e.async = true; document.getElementById('fb-root').appendChild(e); }());