Advertisement

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ මහතා හා ටට්යානා ජයරත්න මෙනවිය අතර විවාහ මංගල්‍යය අද (24) දා වීරකැටිය, කාල්ටන් හවුස් හි පැවැත්වෙන අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ආරාධිතය ලෙස ඊට සහභාගිවීමට නියමිතය.

එම අවස්ථාවට එක්වන ලෙස මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයාට මෙන්ම මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාට පෞද්ගලිකවම ආරාධනා කර ඇත. එසේම, එජාප සභාපති අමාත්‍ය කබීර් හෂීම් මහතාට මෙන්ම අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානි අමාත්‍ය සාගල රත්නායක මහතාද මෙම අවස්ථාවට එක්වීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිල සංචාරයක් සඳහා විදේශගතව සිටින බැවින් අද පැවැත්වෙන උත්සවයට සහභාගී නොවන අතර ඔහු විදේශගතවීමට පෙර නව යුවල කැඳවා සුබ පැතුම් එක්කර තිබේ.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements