Latest Gossip News

Advertisements

Video Gossip

Advertisement

Follow by Email

දඩ ගහපු පොලිස් නිලධාරියාට ‌කොක්ක ගහපු
නෙතූ ප්‍රියංගිකාගේ විවාහ මංගල උත්සවය

දඩ ගහපු පොලිස් නිලධාරියා එක්ක විවාහ වෙන්න යන ජනප්‍රිය නිළිය පහුගිය කාලයේ අන්තර්ජාල තුල වෑඩ් වශයේන් කතා බහ උනා.. එය සත්‍ය කරමින් නෙතු ප්‍රියංගිකා පසුගියදා විවාහ දිවියට පිවිසියා. ඇය අතගත්තේ වෘත්තියෙන් පොලිස් නිලධාරියෙකු වූ නුවන් ගලප්පත්ති සමගයි. ඇය මාර්ග නීති උල්ලංඝනය කළ එක්තරා අවස්ථාවක ඇයට දඩ කොළයක් ලියා දුන් පොලිස් නිලධාරියා වූයේ ඔහුය. එම අවස්ථාවේ ඇතිවූ කතාබහින් පසු ගොඩනැගුණු මිතුදම පසුව ප්‍රේම සම්බන්ධයක්වී එය විවාහයකින් කෙළවර වූ අයුරු ගැන ඇය මින් ඉහත මාධ්‍ය වෙත හෙළි කර තිබුණි.

‘අර කතාවකුත් තියෙනවනේ පතාගෙන ආපු කෙනාව තමයි අන්තිමට හම්බවෙන්නේ කියලා. මටත් මගේ උරුමක්කාරයාව හම්බවෙන්න ඇත්තේ ඒ විදියට වෙන්න ඇති. හැබැයි අපි දෙන්නගේ හමුවීමේ ඉඳන් ඉදිරියට ඇදුණු ආදර කතාවත් හරියට චිත්‍රපටයක් වගේ. දැනට අවුරුදු තුනකට වැඩි කාලයක් වෙනවා අපේ ආදර කතාව පටන්ගෙන. මම හිතුවේ නැහැ අපේ ආදර කතාව විවාහයක් දක්වා දුර දිග යයි කියලා.

එයා ඇත්තටම ‍පොලිස් නිලධාරියෙක්. එයාගේ නම නුවන් ජීවන්ත ගලප්පත්ති. මට ඔහුව මුණගැසුණේ නුවරදී. දවසක් නුවර යනකෙට මාර්ග නීති
කඩකරලා මගේ වාහනයට නුවන් දඩ කොළයක් ලිව්වා. ඇත්තටම එයා මම රංගන ශිල්පිනියක් කියලා ඒ වෙලාවේ අඳුනගෙනත් තිබ්බා.
ඒත් මම රංගන ශිල්පිනියක් වුනා කියලා මගේ පැත්ත ගත්තේ නැහැ. ඒ වෙලාවේ අවංක ‍පොලිස් නිලධාරියෙක් විදිහට එයා නීතිය අකුරටම ක්‍රියාත්මක කරලා මට දඩ කොළයකුත් ලියලා දුන්නා. ඒ වගේම තදින් හිටියා.

ටික දවසක් ගතවුනාට පස්සෙ එයාට මගේ මුහුනු පොත හොයාගන්න අමාරු නැතිවෙන්න ඇති. පස්සේ තමයි මගේ මුහුණු ‍පොත හරහා ඔහු මට ‘Hi’ කියලා මැසේජ් එකක් එවලා තිබ්බේ. අපේ සම්බන්දය ඇරඹෙන්නෙ ඒකත් එක්ක.

මමත් ඇත්තටම හිත යටින් එයා ගැන හිතුවා බලාගෙන හිටියා කවදාහරි දවසක එයා මට කතා කරයි කියලා. දැන් ඉතින් මට ජීවිත කාලෙටම දඩ කොළේ ගෙවන්නයි සිද්ධ වෙලා තියෙන්නේ. (සිනා)
අපි දෙන්නා යාළු වෙලා අවුරුද්දක් විතර කාලයක් ගියාට පස්සේ තමයි ගෙවල්වලට කිව්වේ. මගේ අම්මා නම් ‍පොඩි කා‍ලේදීම නැති වුණා. ඒත් මගේ තාත්තයි අයියලා දෙන්නයි අම්මා නැති අඩුව කවදාවත් මට දැනෙන්න දුන්නේ නැහැ. ගෙවල්වලට කිව්වට පස්සේ අපිට ගෙවල් දෙකෙන්ම ආශීර්වාදේ ලැබුණා.

මං විවාහ වුනාට රංගනයෙන් ඉවත්වෙන්න අදහසක් නෑ. සැමියා නුවන් මටත් වඩා මගේ රඟපෑම ගැන උනන්දුයි. මගේ රංගන වැඩ අතපසු වුණොත් නුවන් තමයි මාව උනන්දු කරවන්නේ. ‘












gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Mini Gossip

Advertisement

Politics

Advertisements

Corona Virus - Situation Updates

Facebook