Advertisement

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ආසන සංවිධායකවරුන් දෙදෙනෙකු ඇතුලූ හයදෙනෙකු එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් ලෙස පත් කර තිබේ.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහමන්දිරයේ ඊයේ (11) පැවති උත්සවයකදී මෙම නව අසාන සංවිධායක ධුර පිරිනමනු ලැබීය.

ඒ අනුව හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරනායක ආසන සංවිධායක ලලිත් දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ අරනායක ආසන සංවිධායක ලෙසත් පලාත් සභා හිටපු අමාත්‍යවරයකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙංකඩගල ආසන සංවිධායක තිලිණ බන්ඩාර තෙන්නකෝන් මහතා එක්සත් ජාතික පක්ෂයේ පාතදුම්බර ආසන සංවිධායක ලෙසත් පත්කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මහතා මීගමුව ආසන සංවිදායක ලෙසත් ජනප‍්‍රිය ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතා දඹදෙනිය ආසන සංවිදායක ලෙසත් පත්කරනු ලැබිය.


මංජුල බණ්ඩාර මහතා වාරියපොල ආසන සංවිධායක ලෙසත් උදය විජේනායක මහතා හිරියාල ආසන සංවිධායක ලෙසත් පත්කරනු ලැබිය.


මෙම අවස්ථාව සදහා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, අමාත්‍යවරුන් වන සාගල රත්නායක, මලික් සමරවික‍්‍රම යන මහත්වරුන් ඇතුලූ පිරිසක් එක්වූහ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements