Advertisement

71වන අභිමානවත් නිදහස සැමරීම නිමිත්තෙන් ජාතික දින සැමරුම් උළෙල ගාලුමුවදොර පිටියේදි පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සුදානම් කර තිබේ.

ප්‍රධාන ආරාධිතයින් වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහාතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහාතාගේ සම්ප්‍රාප්තියෙන් පසු ජාතික දින සැමරුම් උළෙල නිළ වශයෙන් ආරම්භ කරන බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

මෙවර ජාතික දින සැමරුම් උළලේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස මාලදිවයින් ජනාධිපති ඉබ්‍රහිම් මොහොමඩ් සොල්හි මහතා සහ එම මැතිනිය සහභාගි වීමට නියමිතයි.

මෙවර ජාතික දින සැමරුම් උළෙලේ ආචාර පෙළපාලි සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව නියොජනය කරමින් නිළධාරීන් 3620ක්, නාවික හමුදාව නියෝජනය කරමින් නිළධාරින් 1249ක්, ගුවන් හමුදාව නියෝජනය කරමින් නිළධාරින් 830ක් සහ ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරමින් නිලධාරින් 1100ක් සහභාගීවිමට නියමිතව තිබේ.

එමෙන්ම සිවිල් ආරක්ෂක බලකාය නියෝජනය කරමින් නිළධාරින් 505ක් සහ ජාතික ශිෂ්‍ය භට බලකාය නියෝජනය කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 100ක් ආචාර පෙලපාලිවයට එක්විමට නියමිතයි.

මෙවර ජාතික දින සැමරුම් උළෙල වෙනුවෙන් නර්ථන හා විචිත්‍රවත් සංස්කෘතික අංග සදහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහසක පමණ පිරිසක් සහභාගි වන බව ද අභ්‍යයන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

ආරක්ෂක අමාත්‍යංශයේ පර්යේෂන හා සංවර්ධන අංශය මඟින් නිශ්පාදිත මෙරට ප්‍රථම බැරල් 10 යේ රොකට් ප්‍රහාරක අවිය එළිදැක්වීම ද අද(04) දිනයේ සිදු කිරීමට නියමිතයි.

මේ අතර 71 වැනි ජාතික දින සැමරුමට සමගාමීව කොළඹ නගරය තුළ උදෑසන කාලයේ විශේෂ රථ වාහන සැලස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

මේ අතර 71 ජාතික දින සැමරුම වෙනුවෙන් ජනාධිපති සමාව යටතේ සිරකරුවන් 545 දෙනෙකු නිදහස් කිරිමට ද නියමිතව තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා සදහන් කළේ සුලු වැරදි සදහා බන්ධනාගාර ගතව සිටින සිරකරුවන් පිරිසක් මෙලෙස නිදහස් කිරීමට නියමිත බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements