Advertisement

ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂිකාව ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඉදිරිපත් කිරීමේ සුදානමක් ඇතැයි රාජපක්ෂ පවුලේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

මේ දිනවල ඉන්දීය සංචාරයක නිරතව සිටින විපක්ෂනායකවරයා, ඉදිරි ජනපතිවරණයට තමන් ඉදිරිපත් කරන අපේක්ෂකයා අනිවාර්යයෙන් ම ජය ගන්නා බව ඉන්දියාවේ 'ද හින්දු' පුවත්පත සංවිධානය කරන වැඩමුළුවකට එක්වෙමින් එහි ආරාධිත දේශනය කිරීමෙන් අනතුරුව පැවැති ප්‍රශ්ණ වටයේදී ඔහුගෙන් ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් සඳහන් කළේය.

එම ප්‍රකාශයෙන් පසු ඉන්දියාවේ තානාපති නිලධාරීන් කිහිප දෙනෙකුම ජනාධිපති අපේක්ෂකයා කව්රුන්දැයි නාමල් රාජපක්ෂ මහතා ගෙන් විමසා ඇති අතර තම මෑණියන් ඉදිරිපත් කිරීමට ඇති ඉඩකඩ පිළිබඳව ඔහු ඉඟි පළකර ඇතැයි වාර්තාවේ.

බැසිල් කනස්සල්ලෙන්  : රැස්වීමට පොලු තියලා

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධව තීරණයක් ගැනීම සඳහා පසුගිය 07 දා පැවති ඒකාබද්ධ විපක්ෂයේ සහ පොදුජන පෙරමුණේ නායකයින්ගේ රැස්වීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා විසින් මගහැර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ නිවසේ පැවති එම රැස්වීම්ට දින නියම කර ඇත්තේ මීට සතියකට පමණ ඉහත දීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාලපාල සිරිසේන මහතාගේ නම එම පක්ෂයේ ප්‍රධානින් විසින් මේවනවිට ප්‍රසිද්ධියට පත්කර ඇති තත්වයක් තුල ඒකාබද්ධ පොදු විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න ගැන තීරණයක් ගැනීමට මෙම සාකච්ජාව කැඳවා තිබිණ.

මෙම හමුව පසුගිය හත්වැනි දින සවස 6.00ට යොදාගෙන තිබුණද එම වේලාව රාත්‍රි 8.00 දක්වා වෙනස් කරගෙන තිබුනේ බැසිල් රාජපක්ෂ මහතාට පැමිණීමට පහසු වේලාව වූ බැවිනි.

නමුත් රාත්‍රී 10.00 වෙන තෙක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඇතුළු පක්ෂ නායකයින් බැසිල් රාජපක්ෂ මහතාගේ පැමිණීම බලා බලාපොරොත්තුවෙන් සිටියත් ඔහු දුරකථනය ද විසන්දිකර එම රැස්වීම මග හැරී බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානියකු පැවසිය.

'බැසිල් හොරගල් අහුලනවා' - නලින් ද සිල්වා කියයි

මේ අතර මහාචාර්ය නලින්ද සිල්වා පවසන්නේ බැසිල් හොරගල් අහුලමින් සිටින බවයි. 'ඔක්තෝම්බර් විසිහය, රනිල් හා බැසිල්' යන මාතෘකාව යටතේ වත්මන් අර්බුදය සම්බන්ධයෙන් දේශපාලන විග්‍රහයක යෙදෙමින් නලින් ද සිල්වා මහතා ඒ පිළිබඳව අදහස් දක්වා ඇත.

බැසිල්වාදියකු වන ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ඔක්තෝම්බර් විසිහයට විරුද්ධවීම සම්බන්ධයෙන් ද ප්‍රශ්න කර සිටින මහාචාර්යවරයා, බැසිල් රාජපක්ෂ මහතාගේ වත්මන් දේශපාලන භාවිතාව සිය ලිපිය මගින් සැකයට භාජනය කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements