මාරවිල අනතුරක් ගැන ආරංචි වුණා - ෆේස්බුක් එක බලද්දී ඇඳ සිටි ඇඳුමින් මහත්තයා හඳුනා ගත්තා : බිරිඳ හඩමින් සාක්ෂි දෙයි
gossip
,
gossip lanka
,
News
මම උදේ පාන්දර 4.30 ට විතර කථා කළා එත් 6.00 ට විතර කෝල් ගත්තාට උත්තර දුන්නේ නෑ. එයා මාවත් මගේ දුවවත් ලැබෙන්න ඉන්න දරුවවත් දාලා ගියා යැයි මහවැව ප‍්‍රදේශයෙදී 18 දා අලූයම වවුනියා කොළඹ බස් රථයක් පාරෙන් ඉවතට පැය ට‍්‍රාන්ස්ෆෝමරයක ගැටී මියගිය මගියකුගේ බිරි`ද මාරවිල මුලික රෝහලේ දී පැවති මරණ පරීක්ෂණයේ දී මෙසේ පැවසුවාය.
ඩබ්ලිව්. ඇන්ටන් රංජිත් නාමල් රන්දික යන අයගේ බිරි`ද වන තශ්මිලා ගිහානි (24) තවදුරටත් සාක්ෂි දෙමින් මෙසේ පැවසුවාය.
අපි බැඳලා අවුරුදු 6ක් වෙනවා. එයා ධීවර රැුකියාව කරනවා. මගේ මහත්තයාට අතක අමාරුවක් තිබුණා. තවත් පරීක්ෂණ වගයකටත් එක්ක කොළඹ මහ රෝහලට යන්න 18 දා පාන්දර බස් එකකින් ගියා. රන්දික ගැන උදේ ආරංචියක් නැති නිසා මම කොළඹ මහ රෝහලේ ක්ලිනික් එකටත් කථා කළා. දවල් මහවැව - මාරවිල අනතුරක් ගැන ආරංචි වුණා. පස්සේ පේස් බුක් එකේ දාලා තිබුණු නිවුස් එක බලද්දී රන්දිකව ඇඳුමින් හඳුනා ගත්තා යැයි ද පසුව මාරවිල රෝහලට පැමිණි බවද කීවාය.
ඇය අට මස් ගැබිණියක බවද, අළුත් එළුවන්කුලම ගෙඟ්වාඩිය පදිංචි වී සිටින බව පැවසුවාය.
දෙදෙනෙකුගේ පශ්චාත් මරණ පරික්ෂණය මාරවිල මුලික රෝහලේදී එදිනම සවස සිදු කරන ලදී.
මියගිය රන්දිකගේ සොහොයුරා වන සුනෙත් මධුශංක සාක්ෂි ලබාදුනි.
මම මාළු පටවගෙන ලොරියේ 18 පාන්දර කොළඹ යන්න හිටියේ. ඒ යන විට අයියත් කොළඹ යන්න එනවා කිව්වත් මම වේලාසන ගියා. අයියා පාන්දර බස් එකේ ගිහින් තිබුණා. මම ආපසු එද්දි මහවැව අනතුර දැක්කා. අයියත් ඒකට අහුවෙලා කියා එතකොට දන්නේ නෑ.
මාරවිල මුලික රෝහලේදී අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් ලංසකාර මහතා ඔහුගේ සිරුර කපා පරික්ෂා කළ අතර, බෙල්ල කොන්ද ඇතුළු කොඳු ඇට පේලිය සහ සුසුම්නාව කැඞී ඇති බව එහිදී තීරණය විය.
මෙම අනතුරෙන් මියගිය පුත්තලම මංගලඑලිය සිරිපුර වත්තේ ශිරෝන් සංජය මෙන්ඩිස් (40* යන අයගේ මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් බිරිඳ වන ආර්. ඇම්. වජිරා චාන්දනි (35* මෙසේ කීවාය.
අපි බැඳලා අවුරුදු 17ක් වෙනවා. දරුවන් දෙන්නෙක් ඉන්නවා. මහත්තයා රාගම පැත්තේ බස් රථයක කොන්දොස්තර කෙනෙක්. සතියකට සැරයක් ගෙදර එනවා. ගිය සෙනසුරාදා ඇවිත් සඳුදා (18දා* පාන්දර වැඩට යන්න ගියේ. පසුව ආරංචි වුනා මහත්තයා ගිය බස් එක මහවැවදී හැප්පිලා කියලා.
වෛද්‍ය වාර්තාව අනුව මොහුගේ හිස් කබලට හා මොළයට, පපුවට සහ ශරීරයේ බහු විධ තුවාල රැුසක් ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පෙන්වා දී තිබිණ.
අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් ලංසකාර මහතා මාරවිල රෝහල් මෘත ශරීරාගාරයේදී මෙම පරීක්ෂණ සිදු කරන ලදී. මාරවිල හදිසි මරණ පරික්ෂක ජී. ඞී. නිහාල් පත්මසිරි ගරුසිංහ මහතා මෙම මරණ දෙක මාරක රිය අනතුරකින් සිදුවු මරණ බවට තීරණය කළේය.
මාරවිල මුලස්ථාන ප‍්‍රධාන පොලිස් පරික්ෂක එස්. පී. එදිරිසිංහ සහ රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප‍්‍රදීප් ගයාන් යන මහත්වරුන්ගේ උපදෙස් මත මාරවිල පොලිස් රථවාහන අංශයේ කොස්තාපල් (65218* අබේසිංහ සාක්ෂි මෙහෙයවීය.
වවුනියාවේ සිට කොළඹ බලා දිවෙන බස් රථයක ගැටී සිදුවු මෙම අනතුරින් තිදෙනෙකු මිය ගොස් 19 දෙනෙකු තුවාල ලැබුහ.
මියගිය අනිත් පුද්ගලයා ඔස්ටේ‍්‍රලියාවේ පුරවැසි බව හිමි ප‍්‍රකාශ් චන්ද්‍රන් නැමැත්තෙකි. ඔහුගේ මරණ පරික්ෂණය ඕස්ටේ‍්‍රලියානු තානාපති කාර්යාලයෙන් පැමිණි නොතිබුනු බැවින්, එදින පැවැත්වුයේ නැත.

