Featured News

Video Gossip

Advertisement

රත්ගම ප‍්‍රදේශයේ තරුණයන් දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනාව මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් දකුණු පළාත් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා මහතා ඊයේ (18 වැනිදා) සවස අත්අඩංගුවට ගෙන ගාල්ල මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු මෙම මස 27 වැනි දින දක්වා රිමාන්ඞ් භාරයට පත්කර ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා නිශාන්ත සිල්වා මහතා ඊයේ සවස කැඳවා තිබූ අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ මහතාගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරන ලදී.

එම ප‍්‍රශ්න කිරීම්වලින් අනතුරුව එම තරුණයන් අතුරුදන් කිරීමේ චෝදනාව මත ඒ මහතා අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.

එම සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා නිශාන්ත සිල්වා මහතා ඊයේ සවස කැඳවා තිබූ අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ මහතාගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරන ලදී.

එම ප‍්‍රශ්න කිරීම්වලින් අනතුරුව එම තරුණයන් අතුරුදන් කිරීමේ චෝදනාව මත ඒ මහතා අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.

මේ අතර ත්ගම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු 31 දෙනකුගෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබාගෙන ඇත.

මෙම දෙදෙනා කේ. වී. එච්. වර්ගයේ වෑන් රථයක පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පැහැරගෙන ගිය බවට තොරතුරු මේ වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරගෙන තිබේ.

මෙම ව්‍යාපාරිකයන් දෙදෙනාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් පහළොස් දෙනකුගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රශ්න කිරීමට නියමිතය.

මේ අතර මෙම අතුරුදන් දෙදෙනාගේ පවුල්වල සාමාජිකයන්ගෙන් සහ ඔවුන් සම්බන්ධතා පැවැත්වූ තවත් විශාල පිිරිසකගෙන්ද ප‍්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියි.

ව්‍යාපාරිකයන් දෙදෙනා අතුරුදන්වීම පිළිබඳව විමර්ශන කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප‍්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් මාතරට ගොස් සිටිති.

මේ දෙදෙනා පැහැරගෙන ගිය බව කියන වෑන් රථය සහ එහි හිමිකරුද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.

මේ අතර විමර්ශන කටයුතු අවසන් වනතුරු දකුණු පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා පොලිස් මූලස්ථානයට මාරු කර යවා ඇත.

හේමන්ත රන්දුණු

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements