Advertisement

හිටපු සුපිරි ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ හමුවක් පසුගිය දිනෙක රාත්‍රියේ ජනාධිපති නිවසේදී සිදුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයා හා මුරලිදරන් පමණක් සහභාගී වූ අතිශය පෞද්ගලික හමුවක් වූ මෙහිදී ඉදිරි ජනාධිපතිවරණයේ වතුකර ඡන්ද හැසිරීම ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

වතුකර ජනතාවගේ රුපියල් 1000/- වැටුප් ඉල්ලීම ඉටුකර දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් මෙහිදී ඉල්ලා ඇති මුරලිදරන් එම ඉල්ලීම ඉටු කළහොත් ජනාධිපතිවරයාට වතුකරයෙන් යහපත් ප්‍රතිචාර ලබාදීමට තමන් මැදිහත් වන බවද ප්‍රකාශ කර ඇතැයි කියැවේ.

ජනාධිපතිවරයා මුරලි විසින් කරන ලද ඉල්ලීමට මැදිහත්ව ක්‍රියා කරන බව අනතුරුව ප්‍රකාශ කර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements