Advertisement

ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ පසුගියදා කොළඹ පාපන්දු කණ්ඩායම සහ රිනවුන් පාපන්දු කණ්ඩායම අතර පැවැති තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

ඒ ගෝල 1ට 1ක් ලෙසය.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තේය.

කෙසේ වෙතත් එම අර්ධයේදී දෙපිලටම ගෝල වාර්තා කිරීමට නොහැකි වූ අතර තරගයේ පළමු අර්ධය අවසන් වුණේ ගෝල 0ට 0ක් ලෙසය.

අනතුරුව ආරම්භ වූ තරගයේ දෙවන අර්ධයේ 67වන මිනිත්තුවේදී පළමු ගෝලය වාර්තා කිරීමට කොළඹ පාපන්දු කණ්ඩායම සමත් වුණි.

තරගයේ 87 වන මිනිත්තුවේදී ක්‍රියාත්මක වු රිනවුන් කණ්ඩායමද ගෝලයක් සාර්ථක කර ගනිමින් තරගය සම තත්ත්වයට ගෙන ආවේය.

කෙසේ වෙතත් තරගයේ නියමිත කාලය අවසන් වන විට ගෝල 1ට 1ක් ලෙස ලකුණු සටහන් වීම හේතුවෙන් තරග අවසන් වුණේ ජය පැරදුමෙන් තොරවය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements