Advertisement

මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ මැඩලිමට සිදුකරන ලද මෙහෙය අගයමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පොලිස් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිළධාරි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතිෆ් වෙත ප්‍රශංසාත්මක ලිපියක් යොමු කර තිබෙනවා.

එම ලිපියේ මෙසේ සඳහන් ය.

"මත්ද්‍රව්‍ය උවදුර සහ මත්ද්‍රව්‍ය ආශ්‍රීත අපරාධ රටෙන් තුරන් කිරීම වෙනුවෙන් සිදු කරන ලද, එම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්වලදී නොබෝදා විශේෂ කාර්ය සාධක බලකාය අත්කරගත් විශිෂ්ට ජයග්‍රහණ පැසසුම් සහගතය. 

මෙහි ලා විශේෂ කාර්ය සාධක බලකායේ නිර්භීත ක්‍රියා කලාපය මා අගය කරන අතරම එවන් කාර්යශුර නිලධාරීන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට මහත් සම්පතකි.

නොබෝදා සිදු කරන ලද මෙහෙයුම්වලට දායක වු සියලූම විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට මාගේ ප්‍රශංසාව පළ කරන මෙන් කාරුණිකව ඉල්ලමි.”

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements