Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

මුලින්ම කියන්න ඔබ කවුද කියලා?

මම රයන් වැන්රෝයන්ගේ එකම දුව නටාලි වැන්රෝයන්.

ඔබේ පවු‍ලේ තව කවුද ඉන්නේ?

අම්මයි, තාත්තයි, මල්ලියි, මමයි. මල්ලි තවම පාසල් යනවා.

නටාලි රැකියාවක් කරනවාද?

ඔව්. මම රැකියාවක් කරනවා.

රයන් වැන්රෝයන් තවම විවාහ වෙලා නැහැ කියලයි බොහෝ දෙනා හිතාගෙන හිටියේ. රයන් “රිද්ම” අතිරේකයට පවා වරක් ප්‍රකාශ කළා ඔහු තවමත් තනිකඩයි කියලා. ඇයි ඔහු තමන්ගේ දරු පවුල ගැන තොරතුරු වසං කළේ?

ඒක අපේ පවු‍ලේ හැමෝම එකතු වෙලා ගත් තීරණයක්. මොකද මමයි, මල්ලියි චුට්ටක්වත් කැමැති නෑ ප්‍රසිද්ධියට. මට වුණත් ඕනෑතරම් රඟපෑමට ආරාධනා ඇවිත් තියෙනවා. ඒත් මම ඒවාට කැමැති නැහැ. ඒ නිසා අපි තාත්තාට කියලයි තියෙන්නේ එයාගේ පාඩුවේ වෘත්තිය කටයුතු කරගෙන යන්න කියලා. හැබැයි මමයි, මල්ලියි රයන් වැන්රෝයන්ගේ දරුවන් කියලා කලා ක්ෂේත්‍රයේ අය නම් දන්නවා.

අද වෙද්දී රටේම කතාබහට ලක්වෙලා තියෙන සිදුවීමකට ඔබේ තාත්තා මැදිවෙලයි ඉන්නේ. කොහොමද ඔබ දැනගත්තේ තාත්තා ඩුබායිහිදී අත්අඩංගුවට පත්වෙලා කියලා?

ඒ ගැන අපි දැනගත්තේ ෆේස්බුක් එක සහ ගොසිප් වබේ අඩවිවලින්. මුලින්ම පෙබරවාරි 5 වැනිදා උදේ මට ආරංචි වුණා අමල් අන්කල්ට (අමල් පෙරේරා) මේ වගේ කරදරයක් වෙලා කියලා. ඒ වෙලාවේ මම අමල් අන්කල්ගේ පුතා නදීමාල්ට කෝල් කළා. මොකද නදීමාල් මගේ හොඳම යාළුවෙක්. නදීමාල්ගේ ෆෝන් එක ඕෆ් කරලයි තිබුණේ. ඊට පස්සේ මම නදීමාල්ගේ හොඳම යාළුවට කෝල් කළාම එයා කිව්වා ‘නංගි, නදීමාල් ඩුබායි ගියා’ කියලා. එතකොට තමයි මම දැනගත්තේ නදීමාලුත් එතැන ඉඳලා කියලා. එදා දවල් දෙකට, තුනට විතර තමයි ගොසිප් සයිට්වලින් අපි දැනගත්තේ තාත්තත් එතන ඉඳලා තියෙනවා කියලා.

තාත්තා මේ වගේ ගමනක් යනවා කියලා පවු‍ලේ අයට කියලා තිබුණේ නැද්ද?

ඩුබායි ෂෝ එකකට යනවා කියලා තාත්තා අපට කියලා තිබුණා. ගිය අවුරුද්දෙත් තුන් හතර වතාවක්ම තාත්තා ෂෝස්වලට ඩුබායි ගියා. ඒ ඇරෙන්න වැඩි විස්තරයක් තාත්තා අපට කියලා තිබුණේ නැහැ. මොකද සාමාන්‍යයෙන් අපි තාත්තා යන එන තැන් හොයන්නේ නැහැ. මම ෂිෆ්ට් එකට තමයි වැඩ කරන්නේ. ඒ නිසා ගොඩක් වෙලාවට මට තාත්තව ගෙදරදී මුණ ගැහෙන්නේවත් නැහැ.

අවසාන වශයෙන් නටාලිට මොනවද කියන්න තියෙන්නේ?

මගේ තාත්තා කවදාවත් කාටවත් වැරැද්දක් කරන කෙනෙක් ‍නෙවෙයි. තමන්ට හම්බ වෙන්නේ කීයද ඒක තාත්තා අනුන්ගේ යහපත වෙනුවෙන් වියදම් කරනවා. තාත්තා ගියේ ෂෝ එකකට. ෂෝ එකකට යද්දී ඒකේ සංවිධායකයන් හරහා තමන්ට අවශ්‍ය මිල මුදල් ගැන කතා කළාට පස්සේ ඉන් එහාට දෙයක් කලාකරුවන් දන්නේ නැහැ. මේ කතා කරන මොහොත වෙනතුරුත් අපි දන්නේ නැහැ තාත්තා මොන විදිහේ තත්ත්වයකින්ද ඉන්නේ කියලා. මොකද අපිට කවුරුවත් නිල වශයෙන් මේ ගැන දැනුවත් කරලා නැහැ. අද අපි හුඟක් අසරණ වෙලයි ඉන්නේ.

කිෂාන් කනංකෙ

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook