Featured News

Video Gossip

Advertisement

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මුදල් ඇමැති මංගල සමරවීර මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 30 ක් සපිරීම වෙනුවෙන් පවත්වනු ලබන උත්සවය අද (28) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පස්වරු 3.00 ට පැවැත්වේ.


එම උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වනුයේ ජාත්‍යන්තර කීර්තිධර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු එක්සත් ජනපද තානාපතිනී සැමැන්තා පවර් මහත්මිය විසිනි.

වසර 1989 දී ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරීපත් වී ආ මංගල සමරවීර මහතා එදා මෙදාතුර ඇමැති ධුර ගණනාවක් දරමින් මාතර පුරවරයේ දියුණුවට විශාල සේවාවක් ඉටුකොට තිබේ.

මංගල සමරවීර මහතා තම දේශපාලන ජීවිතයේ වැදගත්ම සමරුවකදී එහි ප්‍රධාන දේශනය පැවැත්වීමට සැමැන්තා පවර් මහත්මිය තෝරාගනු ලැබුවේ දෙදෙනා අතර රාජ්‍යතාන්ත්‍රිකව හා පෞද්ගලිකවත් පවතින දැඩි මිතුරුදම නිසාවෙනි.

මෙම සැමරුම් උළෙල සිහිනය වෙනුවෙන් "ඛේමාගේ කොලුවා"නමින් සංවිධානය කොට ඇත.

කවුද මේ ඛේමාගේ කොලුවා !

වසර 1989 සිට මේ දක්වා දකුණේ මාතර දිස්ත්‍රික්කයේ මාතර අසුන නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ සිටින ඔහු, චිර ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ආණ්ඩු පිහිටුවමින්, ආණ්ඩු බිඳ දමමින්, දේශාපාලන ධාරාවේ වෙනස්කම් කළ හැකි චරිතයක් ලෙසය.

සමරවීර මහතා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේගේ රජයේ පළාත් පාලන, නිවාස, තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යවරයාව සිටි මහානාම සමරවීර හා මාතර නගර සභාවේ සාමාජිකයකු වූ කේමා සමරවීර මහත්මියගේ පුත්‍රයාය.

මහානාම සමරවීර මහතා මිය යන විට මංගල වයස අවුරුදු 09 ක දරුවකු බවද පැවසේ.

එසේම මෙරට විදෙස් සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීමෙහි ලා ඔහුට විශේෂ ප්‍රාගුණ්‍ය ඇතැයිද විශ්වාස කෙරේ.

ඔහු ලන්ඩනයේ ශාන්ත මාර්ටින් කලා පාසලේ ඇඳුම් පැළඳුම් නිර්මාණය හා තාක්ෂණ පිලිබද උපාධිධාරියකු ද වේ.

ඔහු තම දේශපාලන ජීවිතය ඇරඹීමට පෙර ශ්‍රී ලංකා ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ මෝස්තර නිර්මාණ උපදේශකයා ලෙස කටයුතු කළේය.

වසර 1983 දී මාතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායකයා ලෙසද කටයුතු කළේය.

එසේම 1989 දී මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි ඒ මහතා 1994 දී ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ කැබිනට් මන්ඩලයේ, තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යවරයා ලෙසද සිටියේය.

මංගල ශ්‍රීලනිප - එජාප එකතුවට සටහන් තැබුවේ 2007

රජුන් තැනූ අයකු ලෙස සැලෙකෙන සමරවීර මහතා 2007 දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවෙන් වෙන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශවය ලෙස නව පක්ෂයක් තනමින් පසුව එජාපය හා එක්විය.

ඒ මහතා එම එක්වීම සනිටුහන් කරමින් මාතර පවත්වන ලද රැස්වීම විශේෂ එකක් වූ අතර එහිදී වත්මන් අග්‍රාමාත්‍ය හා එජාප නායක රනිල්වික්‍රමසිංහ මහතා නිල් කොඩියක් ඔසවමින් ද සමරවීර මහතා කොළ කොඩියක් ඔසවාගෙනද එම රැස්වීමට ගිය අයුරු ඡායාරූපවල සටහන්ව තිබුණේ මෙසේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements