Advertisement

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසුම පුද්ගලයා බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. මීගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරණය තව මාස නවයකින් පැවැත්වීමට නියමිත බව ඒ මහතා පැවසීය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට පසුව ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට සුදුසුම නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් ඔහු වැඩක් කර පෙන්වූ නායකයෙක් බවත් කතා පමණක් පැවැත්වූ නායකයෙක් නොවන බවත් පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය යටතේ ත්‍රිවිද හමුදාවම කළමනාකරණය කර ගනිමින් ත්‍රස්තවාදය තුරන්කළ නායකයෙක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කලේය.

එසේම නව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන්ද දේශපාලන වේදිකාවේදී අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඇතුළු අමාත්‍යවරුන් අදහස් දැක්වීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements