ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකය විසින් හිටපු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නායක සනත් ජයසූරිය මහතාට කි‍්‍රකට් සම්බන්ධව වසර දෙකක තහනමක් පනවා ඇත.
ඒ අනුව ඔහුට එම වසර දෙක තුළ කි‍්‍රකට් සම්බන්ධ කිසි`දු රාජකාරියක නිරතවීමට නොහැකිය.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සම්බන්ධයෙන් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ ප‍්‍රධානී ඇලෙක්ස් මාෂල් ඇතුළු කණ්ඩායම විසින් සිදුකරන ලද පරීක්‍ෂණයකින් අනතුරුව ජයසූරියට මෙම තහනම පනවා තිබේ. ජයසූරිය විසින් අයි. සී. සී. දූෂණ විමර්ශන ඒකකයේ නීති සංග‍්‍රහයේ 2, 4, 6 සහ 2, 4. 7 වගන්ති කඩකිරීම හේතුවෙන් ඔහුට මෙම දඬුවම පනවා තිබේ.
අවස්ථා කිහිපයකදීම ජයසූරියට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ දූෂණ විමර්ශන ඒකක නිලධාරීන් හමුවීමට පැමිණෙන ලෙස දන්වා තිබුණ ද ඔහු එම පරීක්‍ෂණ මගහැර යෑම හේතුවෙන් මීට මාස හයකට පමණ පෙර අදාළ පරීක්‍ෂණ ආරම්භ කරන ලදී. තම පෞද්ගලික දුරකථනය පරීක්‍ෂා කිරීමට නොදීම, පරීක්‍ෂණවලට බාධා කිරීම සහ සාක්ෂි විනාශ කිරීම යන කරුණු සැලකිල්ලට ගනිමින් අදාළ වගන්ති අනුව ජයසූරිය වරදකරු කිරීමට අයි. සී. සී. ය දූෂණ විමර්ශන ඒකක නිලධාරීන් තීරණය කර තිබේ.
ඉකුත් ඔක්තෝම්බර් මාසයේ සිට ජයසූරිය සම්බන්ධයෙන් වැඩිදුරට පරීක්‍ෂණ අයි. සී. සී. දූෂණ විමර්ශන නිලධාරීන් විසින් සිදුකරන අවස්ථාවේදී ජයසූරිය පවසා සිටියේ තමන් සෑම විටම විනිවිදභාවයෙන් කටයුතු කර ඇති බවයි. තරග පාවාදීම්වලට සම්බන්ධ තණතීරු වෙනස් කිරීම් ආදියට තමා සම්බන්ධ වී නැති බව ද ඔහු පැවසීය.
සනත් ජයසූරිය කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් විශ‍්‍රාම යෑමෙන් පසුව කි‍්‍රකට් තේරීම් කමිටු සභාපතිවරයා වශයෙන් වසර පහකට වැඩි කාලයක් කටයුතු කළ අතර එම කාලයේදී සිදුවූ යම් යම් සිදුවීම් සම්බන්ධයෙන් අයි. සී. සී. ය පරීක්‍ෂණ සිදුකර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සම්බන්ධයෙන් දූෂණ රැුසක් සිදුවී ඇතැයි අයි. සී. සී.දූෂණ විමර්ශන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාෂල් පවසන අතර තවත් හිටපු කී‍්‍රඩකයන් සහ නිලධාරීන් සම්බන්ධයෙන් ඉදිරියේදී තීන්දුවක් ගැනීමට නියමිතව ඇතැයි ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.

